අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

December 13, 2023
47,055
How to reduce under arm sweating
දහඩිය දාන එක සාමාන්‍ය දෙයක් උනත්, අත් යට දාඩිය දාන එක ඇත්තටම කරදරයක්. දහඩිය දාන එක අපේ වගේ රටක නවත්තන්න පුලුවන් දෙයකුත් නෙවෙයි. ඒත් ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, එදිනෙදා අපි හුරු කරගන්න හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්. මේ සටහන ඒ ගැනයි.

1. නාපු ගමන් ඇඳුම් අඳින්න කලබල වෙන්න එපා


වොශ් එකක් දැම්මට පස්සෙ, විනාඩියක් දෙකක් ඉඳලා ඇඳුමක් දාගන්න. විශේෂයෙන් උණු වතුරෙන් වොශ් එකක් දැම්මට පස්සෙ. ඇඟට පොඩ්ඩක් කූල් වෙන්න දෙන්න. මේ පොඩි පුරුද්දෙන්, ගෙදරින් එලියට බහින්න කලින් අත් යට දහඩිය දාන එක වලක්වගන්න පුලුවන්.

2. අත් යට ශේව් කරන්න


අත් යට ශේව් කරන එක අනවශ්‍ය ලෙස දහදිය දාන එක පාලනය කරන එක විතරක් නෙවෙයි ඒක හොඳ සෞඛ්‍ය පුරුද්දකුත් වෙනවා.

කෙස් තෙතමනය රඳවගන්න නිසා, මේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. අත් යට දුගඳ පාලනය කරන්නත් ශේව් කරන එක ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා.

3. දහඩිය දාන්න පොලඹවන කෑම වලින් වලකින්න


ඔයා දැනන් හිටියද ඇතැම් කෑම වලින් අපිට දහඩිය දාන එක වැඩි කරනවා කියලා.

තන්තු අඩු ආහාර, දිරවන්න ජීර්ණ පද්ධතියට වැඩි පරිශ්‍රමයක් දරන්න වෙනවා. සෝඩියම් වැඩි ආහාර ගත්තම ඒවයේ තියෙන ලුණු ටික ඩීටොක්ස් කරන්න සිරුර වැඩිපුර දාඩිය සහ මුත්‍රා පිට කරනවා. ඇතැම් ආහාර වල ඇති අධික මේදය, දිරවන ක්‍රියාවලියෙදි ශරීරය, ඇතුලතින් උණුසුම් වෙනවා.

ඒ වගේ ආහාර වලට උදාහරණ;
* සකස් කල ආහාර
* මත් පැන් සහ බීර
* සුදු ලූණු සහ ලූණු
* කැෆේන්
* දැවිල්ල ආහාර
* අයිස් ක්‍රීම්

(අයිස් ක්‍රීම් කිව්වම පොඩ්ඩක් පුදුම හිතෙනවා නේද.. ඔව් අයිස් ක්‍රීම් වල තියෙන අධික සීනි සහ මේදය දිරවන්න අපේ සිරුර අමතර ශක්තියක් වැය කරනවා. මේ ක්‍රියාවලියෙදී අපේ සිරුර ඇතුලතින් අණුසුම් වීමකට ලක් වෙනවා. ඒක තමයි වැඩිපුර දාඩිය දාන්න හේතුව..)

4. දහඩිය දාන එක අඩු කරන කෑම කන්න


ඇත්තෙන්ම ඇතැම් ආහාර අපේ ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාවලිය සන්සුන් කරනවා.

* ජලය යහමින් ඇති ආහාර (පැණි කොමඩු, මිදි, නිවිති, මල් ගෝවා, බ්‍රොකලි, වම්බටු, ගෝවා..)
* කැල්සියමි යහමින් ඇති ආහාර (කිරි, චීස්..)
* කෙසෙල්
* මෝරු
* බතල
* ඔලිව් තෙල්

5. හොඳින් වතුර බොන්න


හොඳින් වතුර බොන්න. වතුර සහිත ආහාර වර්ග ගන්න. එවිට ඔයාගේ සිරුර ඇතුලතින් සිසිල්ව තියගන්න පුලුවන්. අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක මෙයින් වලක්වගන්න පුලුවන්.

6. සැහැල්ලු ඇඳුම් අඳින්න


සිරිරේ උණුසුම ලෙහෙසියෙන් පිට කරන රෙදි වලින් නිමවූ ඇඳුම් අඳින්න. පුලුවන් හැම වෙලාවෙම සැහැල්ලු ඇඳුම් අඳින්න. අත් යට දහඩිය පැල්ලම් ඇතිවෙන එක වලක්වගන්න පුලුවන්.

7. කැෆේන් වලින් වලකින්න


ඔයා වැඩිපුර දාඩිය දාන කෙනෙක් නම් කැෆේන් වලින් වලකින එක නුවණට හුරුයි. මොකද, කැෆේන් ඔයාගේ ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා, රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම හෘද ස්පන්ධනය වැඩි කරනවා. මේ ඔක්කොම ඔයාගේ ස්වේද ග්‍රන්ථි වලට උත්තේජනයක් දෙනවා.

8. දුම් පානයෙන් වලකින්න


කැෆේන් වගේම, නිකොටින් වලිනුත් හෘද ස්පන්දනය වැඩි කරනවා. සිරුරේ උෂ්ණත්වය ඉහල යන නිසාත් ස්වේද ග්‍රන්ති වල ක්‍රියාකාරීත්වය වැඩි වෙන එකෙන් සිරුරට වැඩිපුර දාඩිය දානවා.


සිරුර වෙහෙසීමකින් තොරව හෝ රස්නෙ නැති වෙලාවක හරි අනවශ්‍ය විදිහට අධික ලෙස දඩිය දානවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක ඉතා වැදගත්.

මොකද හදවත් රෝග, ආර්තවහරනය, ආඝාතය (stroke), හයිපර්තයිරොඩිසම් (hyperthyroidism), පිලිකා සහ වෙනත් තත්ත්ව නිසාත් මෙසේ සිදුවෙන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   34,474
   12

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed