සාර්ථක පවුල් ජීවිතයකට ඔබ පිළිපැදිය යුතු කරුණු 08 ක්

February 7, 2017
16,606
8 Secrets to Have a Happy Family
සාර්ථක පවුලක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්. ඔබ දැනටමත් පවුල් ජීවිතයක හිමිකරුවෙකු හෝ හිමිකාරියක වන්නට පුළුවනි. එසේත් නැතිනම් අපේක්ෂා කරනවා වන්නට පුළුවන්. බොහෝ කාලයක් ඔබ ආදරය කරලා ඔබ විවාහ වුනත් තවමත් එය ගැටළුකාරීද? එසේනම් එය අවම කර ගැනීමට සරල කරුණු 8 ක් මෙන්න.

1. ඔබට ඔබේ සහකරුවා හෝ සහකාරිය සැක සහගතද? පළමුවෙන්ම ඔබ එයින් වැළකිය යුතුයි.
කිසිවිටෙක නිසි හේතුවක් නොමැතිව ඔහුව හෝ ඇයව සැකකරන්න එපා. එය සතුට නැති කරන විෂබීජයක්. ඔබට යම් සැකයක් ඇතිවුවහොත් අනෙකාට එය නොපෙන්වා සිටීමට වගබලා ගන්න.

2. ඔබේ කාර්යබහුල ජීවිතයෙන් බිඳක් ඔවුන් වෙනුවෙන් ඉතිරි කරගන්න.
ඔබ ඉතා කාර්යබහුල වන්නට පුළුවන. නමුත් පවුලේ අය වෙනුවෙන් කාලය වෙන් කරගන්න ඔබට හැකිනම් ඔබේ පවුලේ ගැටුම් පාලනය කරගන්න ඔබට පුළුවන්.

3. යහපත් ලිංගික ජීවිතයක් පවත්වා ගන්න.
ලිංගිකත්වය කියනදේ ඔබට නොකීවට අනෙකා ඔබෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඇතැම් විට ඔබ සංවේදී නොවූවත් දරුවෙකු පිළිබඳ සිහිනය ඔහුගේ හෝ ඇයගේ සිත් තුළ තිබෙන්නට පුළුවන්. ඔවුන්ගේ ඒ සිහින පිළිබඳව අසා දැන ගන්න. ඒවගේම ලිංගික ආශාවන් වලට ඉඩ ලබා දෙන්න. විකෘති ලිංගික චර්යාවන්ගෙන් වළකින්න.

4. සහකරුවාට හෝ සහකාරීයට සෑම විටම ගෞරව කරන්න. සුහද වචනයෙන් කතා කරන්න.
අපි කවුරුත් කැමතියි අපිට හැමෝම ආදරයෙන් කතා කරනවනම්. කාර්යබහුල ජීවිතයට ඒ සුන්දර වචන කනට පැණි වක්කරනවා වගේ නේද? ආදරය කරපු දවස් වල ඔබට මතකද රත්තරං, පැටියෝ, මැණික වගේ වචන. ඉතින් දැනුත් ඔවුන් ඒ වචන වලට කැමති බව අමතකද?

5. හැකි සෑම විටම පුංචි තෑග්ගක් ලබා දෙන්න හැකිනම්.
අපිට කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවනම් කොච්චර ආසද? කොල්ලොත් නොකීවට එයාලටත් තෑග්ගක් දෙනවනම් ඒ තරම් දෙයක් නැහැ .ආදරය කරන කාලෙටත් වඩා දැන් තමා තෑගි වලින් සංග්‍රහ කරන්න ඕනේ. මොකද ඉස්සරට වඩා දැන් ඔහු හෝ ඇය ඔබ වෙනුවෙන් බොහෝ දේ කරනවා.

6. ඔහුගේ හෝ ඇයගේ නෑදෑ, හිත මිතුරන්ට හොඳින් සංග්‍රහ කරන්න.
තවත් බොහෝම වැදගත් කරුණක් තමයි නෑදෑ, හිතමිතුරන්ට සංග්‍රහ කිරීම. ස්වාමියා වගේම බිරිඳත් බොහෝම කැමතියි තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට හොඳින් සංග්‍රහ කරනවා බලන්න. ඒ තුළින් තමාගේ සහකරුවගේ සිතේ ඇති ආදරය ඔවුන් මණින බව ඔබ දන්නවාද?

7. ගෙදර දොර වැඩකටයුතු මනා පාලනයකින් යුතුව කරන්න. දෙදෙනාම ඒවාට දායක වන්න.
ගෙදර දොර කටයුතු කාන්තාවටම බාර නොඳී දෙන්නම එකතු වෙලා සමඟියෙන් ටික කාලයක් කරල බලන්න. දෙන්න අතරේ සමඟිය, අන්‍යෝන්‍ය සබඳතාව ගොඩ නැගෙන අපූරුව ඔබට සිතා ගනන් ත් බැරිවේවි.

8. අනාගතය ගැන ඔබ දකින සොඳුරු සිහින සහකරු හෝ සහකාරිය සමඟ ද කතා කරන්න.
අනාගතය ගැන ඔබ දකින සිහින අනෙකාටත් කියන්න. එවිට එය දෙදෙනාගේම සිහිනයක් වනු ඇත. එසේම ඔබ තුළ විශ්වාසයද වර්ධනය වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,165
   20

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,166
   14

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Ayurvedic treatments  for a glowing skin
   23,008
   12

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි
Birthmark Meanings
   56,497
   12

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Reasons and symptoms of arshas (Hemorrhoids)
   34,474
   12

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed