අලුත උපන් පොඩ්ඩාගේ සෞඛ්‍යය‍ ගැන සැලකිලිමත් ද?

November 15, 2019
5,152
Are you aware of the new born baby’s behaviour?
දෙමාපියන්ගේ වටිනාම වස්තුව වන්නේ දරුවන්. තම දරුවා නිරෝගිමත්ව වැඩෙනු දැකීමයි සෑම මවකගේම, සෑම පියෙකුගේම ප්‍රාර්ථනාවයි. පුංචි දරුවන්ට කවලා පොවලා උස් මහත් කරන එක දෙමාපියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. ඉතින්, දවසින් දවස පියවරෙන් පියවර ලොකු මහත් වන ඔයාගේ දරුවාගේ වර්ධනය සහ සෞඛ්‍යය ගැන දෙමාපියන් වන ඔයා සැලකිලිමත්ව සිටීම වැදගත්. අද හැඩකාරී අපි අලුත උපන් පොඩ්ඩාගේ සෞඛ්‍ය ගැන හිතන ඔයාට ටිප්ස් කිහිපයක් කියලා දෙන්න අපි තීරණය කළා.

වයස මාසයක් වූ ඔයාගේ දැරුවා නිකට හෝ මුහුණ හෝ අතගාන විට එදෙසට හිස හැරවිම,  පොඩ්ඩාගේ අත් දෙකම තම මුව දෙසට ගෙන ඒම, හුරුපුරුදු හඬක් හෝ ශබ්දයක් ඇසෙන දෙසට හිස හැරවිම සහ කිරි උරද්දී ඒ දෙසට තම අත ගෙන ඒමට සහ පියයුරු ස්පර්ශ කිරීම කළ යුතුය.

අලුත උපන් මසක් වියැති ඔයාගේ දරුවා රැකබලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්,

01. දරුවා ඉපදී පැයක් ඇතුළත මව් කිරි දෙන්න. දිනකට පැය 4කට වරක්වත් දරුවාට මව් කිරි ලබා දෙන්න.

02. දරුවා නිරතුරුව පිරිමදින්න. ස්පර්ශ කරන්න. සුරතල් කරන්න.

03. සෑම විටම දරුවා මෘදු ලෙස අල්ලන්න.

04. දරුවා වඩාගෙන සිටින්නේ උඩ අතට නම්, දරුවාගේ හිසට ආධාරකයක් සපයන්න.

05. දරුවා සමඟ හැකි පමණ කතා කරන්න. දරුවාට ඇසෙන සේ ගී ගයන්න.

06. දරුවාට සති 6ක් පිරුණු පසු ලඟම ඇති වෛද්‍ය සායනයට දරුවාව ගෙන යන්න.

අලුත උපන් දරුවාගේ පහත හැසිරීම් කෙරෙහි ඔබ සැළකිලිමත් විය යුතුයි. වයස මාසයක් වූ ඔයාගේ දරුවා පහත හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

01. කිරි උරා බීම ප්‍රතික්ෂේප කිරීම.

02. අත් පා චලන සුළු වශයෙන් පමණක් සිදු කිරීම.

03. අධික ශබ්ද වලට සහ දීප්තිමත් ආලෝකයට දක්වන ප්‍රතිචාරය අවම වීම.

04. දැකගත හැකි හේතුවකින් තොරව දීර්ඝ වෙලාවක් හැඩීම.

05. අධික ලෙස වමනය කිරීම .

මෙම වයසේ ඔයාගේ දරුවා අධික ලෙස බියසුලු නම් හෝ අනවශ්‍ය ලෙස කේන්තියෙන් කටයුතු කරන්නේ නම් එය චිත්තවේගී ගැටළු පෙන්නුම් කරයි නම් හැසිරීම් කෙරෙහි ද ඔබ සැළකිලිමත් විය යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1445 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:57 AM
Script:/article/1445/are-you-aware-of-the-new-born-baby-s-behaviour.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:00:57 AM
Script:/article/1445/are-you-aware-of-the-new-born-baby-s-behaviour.html