ඔයා අතින් මේ අඩුපාඩු නිතරම වුණොත් සැමියාට අනිවාර්යෙන් පවුල් ජිවිතේ එපා වෙයි

June 9, 2018
13,915
If these happen all the time, your husband feel tired of you
පවුල් ජිවිතයක් ගෙවනවා කියන එක ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවයි. මොකද විවාහය හරිම සංකීර්ණ බැඳීම් ගොඩක් එක්ක බැඳිලයි තියෙන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක්ගේ අතින් පොඩි හරි අඩුපාඩුවක් වුණොත් එතන ඉඳලා ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. බිරිඳ විදියට ඔයා අතිනුත් මේ අඩුපාඩු වෙනවද කියල ටිකක් හිතලා බලන්න. එහෙම නම් ඉක්මනින්ම ඒ වැරදි නිවැරදි කර ගන්න. එහෙම නොවුනොත් වැඩි කල් නොයා සැමියාට විවාහ ජිවිතේ නීරස වෙයි. එහෙම වුනාට පස්සේ වෙන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

1.ඔයත් එයා ගෙදරට එද්දිම කියවිල්ල පටන් ගන්නවද?

එතකොට ඉතින් කාටද ඔබව එපා නොවෙන්නේ. ගෙදරට එනකොට ආදරෙන් පිළිගන්නවා වෙනුවට එනකොටම ගෙදර අඩු පාඩු list එක කියව ගෙන යනවා. එහෙම නැත්තන් මොකක් හරි වැරද්දක් අල්ලාගෙන කෑ ගහනවා. ඔහුට මඟහැරුණු දේවල් මතක් කරලා බනින්න කෑ ගහන්න තියා ගන්නවා. හිතන්න එහෙම වුණාම මනුස්සයෙක්ට ජිවිතේ එපා වෙන්න නැද්ද කියලා.

දවසෙම මහන්සි වෙලා හවසට ගෙදර එන සැමියාට ගෙට එන්නත් කලින් ඔයාගේ කරදර කියන්න යන්න එපා. ඔහු නිවසට එන්නේ කයටත් මනසටත් විවේකයක් ලබා ගන්න බලාගෙන. හැමදාම කෑ ගහලා ඒක නැති කරලා ඔහුට ගෙදර එන එක ඊටත් වඩා කරදරයක් කියලා හිතෙන විදියට වැඩ කරන්න එපා. ඔහුට ජීවිතේම එපා කරවන්න එපා.

2. රස්සාව ගෙදරට අරන් එන්න එපා.

මේක අදාළ වෙන්නේ රැකියාවක් කරන කාන්තාවන්ට විතරයි. රැකියාවේ ප්‍රශ්නයි ගෙදර දොරේ වැඩයි පටල ගත්තම එක වැඩක් වත් හරියට කර ගන්න බැහැ. එහෙම වෙන්නේ රැකියාවේ වැඩ ගෙදරදී කරන්න තියා ගත්තම. ඒ වගේම තවත් සමහර අය ගෙදර ඇවිල්ලත් රැකියාවේ ප්‍රශ්න ගැන කල්පනා කරන්න තියා ගන්නවා. එහෙම වද්දී පවුලේ වගකීම් යුතුකම් මඟහැරීම නිසා පවුල තුල ප්‍රශ්න ඇති වෙනවා. ඔයාගේ ආදරණීයයන් ඔයාගෙන් ඈතට යන්න මෙය හේතුවක්.

3. පිළිනොගැනීම

ඒ කියන්නේ සැමියා රැකියාවට ගොස් නැවත නිවසට එන විට ඔහුව ආදරෙන් පිළිගන්නේ නෑ කියන එක. සමහර විට ඔයත් රැකියාවක් කරන කෙනෙක් හෝ ගෘහණියක හෝ වෙන්නට පුළුවන්. රැකියාවක කරනවා නම් ඔයා අතිශය කාර්යබහුල වෙනවා. එහෙම වුණහම සැමියා ගෙදරට එන යන වෙලාව වත් ගානක් නැතුව යනවා. ඒත් තව දුරටත් එක එහෙම වෙන්න දෙන්න එපා. කාර්යබහුල බව නිසා සැමියාට දිය යුතු අවදානය අඩු කරන්න එපා. ඔහුගෙන් ඈත් වෙන්න එපා. හැමදේටම වඩා ඒ බැඳීම් රැක ගන්න එක වැදගත් වෙනවා.

4. එකිනෙකාගේ සිතැඟි හඳුනා නොගැනීම

ආදරේ කරන කාලෙදි කිව්වට අපි දෙන්න දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා ඒ ගැන හරියටම දැන ගන්න විවාහ වෙලා කාලයක් ගත වෙන්න ඕන. එතකොට ඔය කියන කතා මොකුත් නැහැ. හොඳින් මතක තියාගන්න ඔයාල දෙන්න එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. දෙන්නගේ අවශ්‍යතාවයක් සමාන වෙන්නේ නැහැ. ඒවා එකිනෙකට වෙනස්. ඒ නිසා දෙදෙනාගේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනා ගන්න. බිරිඳක් විදියට සැමියාගේ අවශ්‍යතා, උවමනා එපා කම්, හැඟීම් තේරුම් නොගත්තොත් සැමියා වෙනතක් බලා යන්න පවා ඉඩ තියෙනවා.

5. හිතේ තියන් ඉන්න ආදරේ නොපෙන්නීම

ගොඩක් අය ආදරේ කරාට ඒක අනිත් කෙනාට පෙන්නන්නේ නැහැ. එහෙම වුනහම එයා කොහොමද දැන ගන්නේ ඔයා එයාට ආදරේ කරනවා කියලා. දෙදෙනා අතර තියෙන බැඳීම් දුරස් වෙන්න, අහිමි වෙන්න මේක හේතුවක් වෙනවා. ඒ නිසා දැනෙන්න ආදරේ කරන්න. ළඟ ඉද්දී ආදරෙන් කතා කරන්න. ආදරණිය වෙන්න. එයා ළඟ නැති වෙලාවට ආදරණීය message එකක් යවන්න, call එකක් දෙන්න. එහෙම වෙද්දී ඔහුත් ඔයාගේ මැසේජ් එක කෝල් එක එනකන් බලාගෙන ඉඳීවි.

6. දෙදෙනා වෙනුවෙන් කාලය වෙන් නොකිරීම

කාලයත් එක්ක හැම දේම වෙනස් වෙලා දරුවෝ ලැබිලා කලින්ටත් වඩා කාර්යබහුල වෙද්දී ඔයාට ඔහු ගැන තියා ඔයා ගැනවත් හිතන්න කාලයක් ඉතුරු නොවෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා ඔබ දෙදෙනා අතර ඇති බැඳීම දුරස් වෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා නිතරම බැරි වුනත් දවසට එක වරක් හරි කලින් වගේ ඔහුට ආදරෙන් ලං වෙන්න. එහෙම නොවුනොත් ඔහු හුදකලා වෙනවා. ඒ තුල පවුල් ජිවිතේ බොහෝ දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,240
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,987
   21

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,409
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,386
   19

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed