ඔබේ ජිවිතයේ මේ දේවල් 5 නම් අනිවාර්යෙන්ම ඔබ රහසක් ලෙස තබා ගත යුතුයි

March 5, 2017
26,541
Five things you should always keep as a secret
අපි සමාජයක ජිවත් වෙනකොට අනිත් අයත් සමග හොදින් කටයුතු කරගෙන ඉන්න උදවු වෙන කාරණාවක් තමයි අපේ විවෘත භාවය කියන්නේ. නමුත් අපේ ජිවිතේ සමහර කාරණා තියනවා අපි හැමදාම රහසක් ලෙසම තබාගත යුතු. මේ දේවල් රහස් ලෙස තබා ගත්තා කියලා ඔබටවත් වෙනත් අයෙකුටවත් කිසිම හානියක් වෙන්නේ නෑ. මේ නිසා නිතරම ඔබේ ජීවිතය හා සම්බන්ද මේ දේවල් අනිවාර්යෙන්ම රහසක් ලෙස තබාගන්න මතක තියාගන්න.

1. ඔබ වඩාත් කැමැත්තක් දක්වන ඔබේ ජිවිතයේ සැලසුම්

ඔබ ජීවිතය ගැන සැලසුම් සකස් කර ගන්නේ ඔබට ඒවා ලගාකර ගැනීමට තියන උවමනාව නිසයි. මේ නිසා ඔබ ඒවාට ලගවෙනකල් එය ඔබේ ජිවිතයේ රහසක් ලෙස තබා ගන්න. නැතිනම් වෙන්නේ ඔබේ සැලසුම් අනෙක් අය ඔවුගේ ජිවිත වල සැලසුම් බවට පත් කර ගැනීමයි. මේ නිසා ඇතැම් අය ඔබට කියාවි ඔබ ආත්මාර්ථකාමී අයෙක් බව. නමුත් ඔබ හොදින් මතක තබා ගන්න ඔබ සැලසුම් නිර්මාණය කර ගන්නේ ඔබ වෙනුවෙන් මිස අන් අයට නොවන බව.

2. ඔබ විසින් සිදුකල හොද ක්‍රියාවන්

ඔබ යම් යහපත් දෙයක් හෝ හොද ක්‍රියාවක් සිදු කරන්නේ ඔබේ මානසික සතුට වෙනුවෙන්. මේ නිසා කිසිම අවස්ථාවක ඔබ විසින් සිදුකල යහපත් දේවල් පිළිබදව අන් අයට කියන්න එපා. මෙහෙම උනොත් වෙන්නේ ඔබ ඒ ගැන අන් අයට කියන්න ඕනේ නිසා මේ දේවල් කරා කියන එකයි. මේ නිසා ඔබ විසින් සිදු කල හොද දේවල් ඔබේ හිතට පමණක් සීමාකර ගන්න.

3. ඔබේ ජිවන රටාවේ රහස්

ඔබට තිබිය යුත්තේ ඔබටම පමණක් සිමා වූ පෞද්ගලික ජිවන රටාවක්. ඔබ කන බොන විදිහ කරන කියන දේවල් ගැන අනිත් අය දැනගත යුතු නෑ. ඒ දේවල් අනිත් අය දැන ගන්නවා කියන්නේ ඔබට නැති ප්‍රශ්න ඇති වෙනවා කියන එකයි. මේ නිසා ඔබ ජිවිතයේ කරන කියන දේවල් රහසක් ලෙස තබා ගන්න මතක තියාගන්න.

4. ඔබ ඔබේ ජිවිතයේ නිර්භීත භාවය පෙන්නුම් කල අවස්ථාවන්

අපි හැමෝගෙම ජිවිත වලට අභියෝග එනවා ඔබ මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දුන්න විදිහ ගැන ඔබ අන් අයට කියන්න උත්සහ කරනවා කියන්නේ ඔබ ඔබේ නිර්භීත භාවය ගැන ආඩම්බරයෙන් සිටිනවා කියන එකයි. හැමෝගෙම ජිවිත වලට අභියෝග එනවා ඒ ඒ අභියෝග ඔවුන් ඔවුන්ට පුළුවන් විදිහට ජය ගන්නවා. මේ නිසා ඔබ ඔබේ ජිවිතයේ නිර්භීත භාවය පෙන්නුම් කල අවස්ථා ගැන අන් අයට නොපවසා සිටීම යහපත් දෙයක්.

5. ඔබේ පවුල් ජිවිතයේ තිබෙන ප්‍රශ්න සහ ගැටළු

බොහෝ කාන්තාවන් තමන්ගේ පවුලේ ප්‍රශ්න අන් අය සමග කියනවා. නමුත් මෙය ඔබේ පවුල් ජිවිතයේ ආරක්ෂාවට එතරම් හොද දෙයක් නොවෙයි. ඔබ ඉගන ගත යුතුයි ඔබේ පවුල් ජිවිතයේ ගැටළු විසදගන්න වගේම පවුලේ ගරුත්වය ආරක්ෂා කර ගන්න. මේ නිසා ඔබේ පවුල් ප්‍රශ්න ගැන අනිත් අයට කියන එක නතර කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 101 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:04 AM
Script:/article/101/five-things-you-should-always-keep-as-a-secret.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:05 AM
Script:/article/101/five-things-you-should-always-keep-as-a-secret.html