හැමදාම උණු වතුර බීලා ලස්සන වෙන්න

August 13, 2018
18,267
Drink hot water and stay beautiful
ජලය කියන්නේ ශරීර සෞඛයය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට ඖෂධයක්. නිතරම ජලය පානය කිරීම ඔයාගේ ශරීර සෞඛ්‍යය නිරෝගීව පවත්වාගෙන යාමටත්, ශරීරයේ බර පාලනය කිරීමටත් ඉතා වැදගත්. සමාන්‍යය ජලය වෙනුවට උණුසුම් ජලය පානය කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ ඔබට ලබාගත හැකියි. දිනපතා උදෑසන ඔබ ජලය පානය කරනවා වගේම තේ, කෝපී, කිරි වෙනුවට උණුසුම් ජලය වීදුරුවක් පානය කරලා බලන්න. ඔබේ ශරීරය තුළ සිදුවන පරිවර්ථනය ඔබ මවිතයට පත් කරාවි. කාලගුණය ශීත වුවත් උණුසුම් වුවත් උණුසුම් ජලය පානය කිරීමෙන් සෞඛ්‍යමය වශයෙන් වාසී රැසක් ලබාගත හැකියි. උණුවතුර පානය කිරීමෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා මේ ලිපිය කියලවලම බලන්නකෝ.

බර අඩු කර ගන්න

අද ගොඩක් දෙනෙක්ට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි ශරීර ස්කන්ධය ප්‍රමාණයට වඩා වැඩි වීම. දැඩි ස්ථූලතාවය සම්බන්ධයෙන් ඔයා පීඩා විඳිනවා නම් තවදුරටත් ඒ ගැන පසු තැවෙන්න එපා. සෑම උදෑසනකම ලෙමන් කැබැල්ලක් හෝ දෙහි කැබැල්ලක් එක් කරන ලද උණුවතුරු වීදුරුවක් සෑම උදෑසනකම පානය කරන්න පුරුද්දක් කරගන්න. ඔයාගේ ශරීරයේ මේදය තැම්පත්වීම වැඩීවීමත් සමග ශරීර ස්කන්ධයද ක්‍රමයෙන් ඉහළ යනවා. උණු වතුර පානය කිරීම මගින් ශරීරයේ ඇති මේදය කඩා දැමීමට හැකියාවක් තිඛෙනවා. උණුසුම් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය පහසු කරනවා. මෙමගින් ඔබේ ශරීරයේ බර අඩු කර ගත හැකියි. පුරුද්දක් විදිහට ඔයා උදේට සීතල වතුර වීදුරුවක් බොනවා නම් දැන් ඔයාට පුළුවන් උණුවතුර වීදුරුවක් බොන්න.

සිරුරේ ඇති විෂ ඉවත් කිරීමට

උණු වතුර පානය කිරීමෙන් සිරුර තුළ ඇති උෂ්ණත්වය වැඩි වෙනවා. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීටම පටන් ගන්න නිසා දහඩිය හරහා සිරුරේ ඇති විෂ ද්‍රව්‍යය පිටවෙනවා. නිතරම ජලය පානය කිරීමෙන් නිරෝගීව සිටීමට හා ශරීරයේ බර පාලනය කර ගැනීමට ඉතා වැදගත්. උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරන අතර රුධිර සංසරණයද වැඩි දියුණු වීම හා ශරීරය නිරෝගීව හා පරිවෘත්තීය අපද්‍රව්‍ය ඉවත් කිරීමටද උපකාරී වෙනවා.

වියපත් බව අවම කර තරුණ පෙනුම රැක ගන්න

තරුණ පෙනුම අවම වී අකලට වයස්ගත වීම සිදු වෙන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත් කිරීම මගින් අකලට වයස්ගත වීම එසේත් නොමැති නම් තරුණ පෙනුම වියැකි යාම උණුවතුර පානය කිරීමෙන් අවම කරගත හැකියි. උණු වතුරවලට සමේ නම්‍යතාව වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව තිබෙන නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බව රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගන්න උපකාරී වෙනවා. උදෑසන හිස්බඩ උණුසුම් ජලය පානය කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කර, සම රැලි වැටීම වළකා සම නිරෝගී කරනවා.

ආහාර ජීර්ණය පහසු කරයි

උදෑසන උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වේගවත් වෙනවා. බඩවැල් තුළ ඇති මේදය දිය කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කිරීමට උපකාරී වෙනවා. ඒ විතරක් නොව බඩවැල් තුළ ඇති ආහාර ඉවත් කර මළබද්ධය වැනි සංකූලතා අවම කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා.

රුධිර සංසරණය ප්‍රකෘතිමත් කරයි

උණුවතුර පානය කිරීම රුධිර සංසරණය ප්‍රකෘතිමත් කිරීමට ඉතාමත් වැදගත්. උණුසුම් ජලය පානය කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියේ නාලවල තැම්පත් වී ඇති මේදය හා විෂ ද්‍රව්‍යය ඉවත් කරනවා. මේ නිසා රුධිර සංසරණ පද්ධතිය ප්‍රකෘතිමත් වී දිගුකාලීන නිරෝගී බවක් ඔබට ලබා දීමට උපකාරී වෙනවා.

සිරුරේ වේදනාවන් සමනය කරයි

ගතට දැනෙන වෙහෙස, මහන්සිය, විඩාව මගහරවා ගන්න උණුවතුර කියන්නේ වඩාත් හොඳ වේදනානාශක ඖෂධයක්. උණුසම් ජලය මගින් මාංශපේෂීලට පහසුවක් ඇති කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් සමයේදී ඇති වන වේදනාවන් වලට උණුසුම් ජලය පානය කිරීමෙන් යම් සුවයක් ලබාගත හැකියි.

පැහැපත් සමක් ලබා ගන්න

උණුසුම් ජලය වීදුරුවක් පානය කිරීම මගින් නිරෝගී මෙන්ම පැහැපත් සමක් ලබාගත හැකියි. කුරුළෑ අසාදන තත්ත්වයන් සමනය කර ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙනවා.

නිරෝගී කෙස් කළඹකට

උණුවතුර පානය කිරීමෙන් නිරෝගී කෙස් කළඹක් පවත්වා ගැනීමට ඉවහල් වෙන බව ඔබ දැන සිටියාද? උණුවතුර පානය කිරීම මගින් හිස් කබලේ වියළි බව අඩුකර හිස් හොරි ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම හිස කෙස් වැඩීම වේගවත් කිරීමේ හැකියාවද උණුවතුර වලට තිඛෙනවා. හිස කෙස් අගිසි ශක්තිමත් කර දිගු, සිනිදු හා පෘෂ්ටිමත් කෙස් කළඹක් ඔබට ලබා දෙන්න උණු වතුරවලට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1016 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:46:44 PM
Script:/article/1016/drink-hot-water-and-stay-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:46:45 PM
Script:/article/1016/drink-hot-water-and-stay-beautiful.html