මැරෙන්න නෙමෙයි වැඩිකල් ජීවත් වෙන්න ඕන නම්, මේවා වැඩිපුර කන්න කියන්න හේතුව මෙන්න

September 18, 2018
16,946
Eat these to live more
අද අපි හැමෝම ජීවත් වෙන සමාජය අතිශය කාර්යබහුලයි. ඒ කාර්යබහුල බව එක්ක අපිට අපිව මගහැරෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ අතිශය කාර්යබහුල සමාජය තුළ අපි ගත කරන්නේ කෘත්‍රිම ජීවිතයක්. අපේ දෛනික ජීවිතය තරගකාරී වෙනකොට ගොඩක් තැන්වලදී අපිට අපි ගැන හිතන්න තියෙන ඉඩකඩ අඩුයි. දෛනික ආහාර රටාව තුළ අපි කන බොන ආහාර වලින් බහුතරය ක්‍රෘතීම ආහාර. කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, හොට්ඩොග්, සබ්මැරීන්, පිට්සා වගේ ආහාර රටාවකට තමයි අද ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්නේ. ඉතිං ඔයා ඔයාටත් නොදැනීම දුක් මහන්සියෙන් හරි හම්බකර ගන්න සල්ලි ටික වියදම් කරලා ඔයාම මාරයට අඬගහ ගන්නවා ඉකිමනින්. ඉතිං අද Hadakri තුළින් අපි ඔයාට කියන මේ ආහාරය දිනපතා ආහාරයට එකතු කර ගත්තොත් ඉක්මනින් මැරෙන්න තියෙන කාලයෙන් ටිකක් හරි අඩු කර ගත හැකියි. අපි සමාන්‍යයෙන් හොට්ඩොග් එකක ෆයිඩ්රයිස් එකක එහෙමත් නැතිනම් සබ්මැරීන් වැනි ආහාරයක තියෙන සලාද කොළ ඉවත් කරන්නේ නැතුව ආහාරයට ගන්නවානේ. ඒත් අපි සලාද කොළ ටිකක් මාර්කට් එකෙන් ගෙනල්ලා හදාගෙන කන්නේ හරිම අඩුවෙන්. ඉතිං ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ හැමදාම හරි සලාද කොළ ආහාරයට එකතු කර ගනියි කියලා හැඩකාරී අපි හිතනවා.

සලාද කොළවල අන්නතර්ගත ගුණ බොහොමයි

පෝෂ්‍යදායී නොවන බොහෝමයක් ආහාරවලට වැය කරන මුදල ඉහළ වුණත් ඒවායින් ඔයාගේ සිරුරට ලැබෙන පෝෂණය නම් බිංදුවයි. ඒත් ඔයා නොදන්වා වුණාට සලාද කොළවල ඔයා හිතනවටත් වැඩි පෝෂණ සංඝටක රැසක් අන්තර්ගතයි. අන්න ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ පමා වෙන්නේ නැතුව සලාද කොළ ආහාරයට එකතු කර ගන්න කියලා. ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, පොස්පරස්, තෙතමනය කැරොටීන්, විටමින්, යකඩ, රිබොෆ්ලේවින්, කාබෝහයිඩ්‍රේට් වැනි පෝෂණ සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. ඉතිං ඔයාට මේ පෝෂණ පදාර්ථ සියල්ල එක වර ලබා ගන්න වෙනත් ආහාර වර්ගයකින් ටිකක් විතර අසීරුයිනේ. ඒත් දැන් ඔයාට සලාද කොළ මගින් මේ පෝෂණ සියල්ල එක වර ලබාගත හැකියි.

කොලෙස්ටරෝල් අඩු කර ගන්න

අවධිමත් ආහාර රටාව නිසා අද ලොකු කුඩා කාටත් එක වගේ තියෙන ප්‍රශ්ණයක් තමයි සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම. ඔයාගේ සිරුරේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරන්න සලාද කොළ වලට පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෙනෙක්ගේ සිරුරේ මේදය මට්ටම අඩු නම් එය වැඩි කර ගන්න සලාද කොල වඩාත් ගුණ දායක ආහාරයක්. ඉතිං ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙක්ට හරි කොලෙස්ටරෝල් සම්බන්ධව යම් ගැටළුකාරී තත්ත්වයක් තියෙනවා නම් පමා වෙන්නේ නැතුව සලාද කොළ ආහාරයට එකතු කරන්න.

මළබද්ධයට සාර්ථක විසදුමක්

අද ලොකු අයට වගේම කුඩා දරුවන්ටත් මළබද්ධය ඇති වෙනවා. ඔයා අහලා ඇතිනේ මළබද්ධය අඩු කර ගන්න තන්තු සහිත ආහාර ආහාරයට ගන්න ඕන කියලා. ඉතිං සලාද කොළ කියන්නේ තන්තු සහිත ආහාරයක්. මළබද්ධක් තියෙන විට සලාද කොළ කිහිපයක් ආහාරයට එකතු කර ගන්න. හෝරා කිහිපයක් ගත වෙනකොට ඔයාගේ ආහාර ජීර්ණය හොඳින් සිදු වෙනවා. මුලින් කිව්වා වගේ සලාද කොළවල තෙතමනය හොඳින් අන්තර්ගත වෙනවා. සමාන්‍යයෙන් විජලනය වැඩිවීම තුළ තමයි මළබද්ධයක් ඇතීවීම සිදු වෙන්නේ. සලාද කොළ ආහාරයට ගැනීමෙන් මේ විජලනමය තත්ත්වය පහව යනවා.

රක්හීනතාවට විසදුමක්

රක්තහීනතාව තියෙන කෙනෙක් ආහාර තෝරා ගන්න ඕන හරි පරිස්සටම. විශේෂයෙන්ම ඌෂ්ණාධික ආහාර රටාවෙන් මෙවැනි රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන් වහාම ඈත් විය යුතුයි. ඉතිං ඔයාට හරි ඔයාගේ පවුලේ කෙනෙක් හරි මේ රෝගී තත්ත්වයෙන් පීඩා විදිනවා නම් දැන් සලාද කොළ ටිකක් ආහාරයට වැඩි පුර එකතු කරලා දෙන්න. සලාද කොළවල කාබෝහයිඩ්ඩ්‍රේට් තිබුණත් අනවශ්‍ය ප්‍රමාණයට කාබෝහයිඩ්ඩ්‍රේට් නොමැති නිසා හිමොග්ලොබින් සෑහෙන ප්‍රමාණයකින් අවශෝෂණය කර ගන්නවා. එය රක්තහීනතාවට වඩාත් ගුණදායකයි.

නින්ද යන්න හොඳ ඖෂධයක්

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි නිදා ගන්න ඕන කම තිබුණත් නින්ද යන්නේ නැති ගැටළුව. ඒත් අද අපි මේ කියන දේ ඔයා හරියට කළොත් ඔයාට කිසිම අපහසුතාවක් නැතුව හොඳට නිදා ගන්න පුළුවන්. ඔයා දන්නවාද සලාද කොළවල ලෙක්ටියුරියම් රසායනිකය හොඳින් අන්තර්ගත වෙනවා. ඉතිං මේ රසායකිකය ඔයාට නින්ද ඉක්මනින් ගෙනල්ලා දෙනවා. ඉක්මනින් නිදා ගන්න වගේම සුවපහසු නින්දක් ලබා ගන්න ඕන නම් ඔයා මේ දේත් කරලා බලන්නකෝ. සලාද කොළවල යුෂ හා රෝස වතුර සම සමව ගෙන මිශ්‍ර කරන්න. පස්සේ දෙපතුල්වල සහ නළලේ හොඳින් ආලේප කරන්න. නින්ද ඉක්මනින් ඔයාට ලබා ගන්න පුළුවන් වේවී.

කිරි දෙන මව්වරුනට ඉතාමත් ගුණ දායකයි

සමාන්‍යයෙන් තන්තු සහිත ආහාර කිරි දෙන මව්වරුන් ආහාරයට ලබා ගැනීම ඉතාමත් ගුණ දායකයි. ඔයා මව්කිරි දෙන මවක් නම් දරුවාට කිරි ටිකක් වැඩි පුර දෙන්න සලාද කොළ ආහාරයට එකතු කර ගන්න. මෙහිදි ඔයා සලාද කොළ ආහාරයට ගන්න ඕන පිසීමෙන් තොරව. ඒ විතරක් නෙමෙයි නව පර්යේෂණවලට අනුව හොයාගෙන තියෙනවා සලාද කොළ ආහාරයට එකතු කර ගත්තොත් ගබ්සාවන් සිදු වීමද අඩු කර ගත හැකි බව.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1081 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:54 AM
Script:/article/1081/eat-these-to-live-more.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:54 AM
Script:/article/1081/eat-these-to-live-more.html