රෑට කරන මේ දේවල් වලින් ඔබේ ශරීරයේ බර වැඩි වෙනවා කියලා ඔබ දන්නවද?

April 11, 2017
43,504
Habits That Ruin a Good Night's Sleep
අපි හැමෝම කැමති ශරීරයේ බර අඩු කර ගන්නනේ. හැබැයි අපි කරන සමහර වැඩ නිසා ශරීර බර උවමනාවට වඩා වැඩි වෙන්න පුළුවන්. බලන්න ඔබත් මේ දේවල් කරනවා කියලා.

01. හරිහැටි නින්දක් නොලැබීම

රෑට නිදාගන්න ඕනේ නියමිත පැය ගානක් තියෙනවනේ. සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් නිදා ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. හැබැයි එක දිගට හරි හැටි නින්දක් ලැබෙන්නේ නැති කමින්, පරිවෘත්තිය වේගය අඩු වෙනවා. වැඩියෙන් බඩගිනි දැනෙනවා. ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙනවා. මේ හේතුන් නිසා ශරීර බර වැඩි වෙනවා.

02. රෑට උවමනාවට වඩා කනවා

උවමනා ප්‍රමාණයට වඩා කන්න ගියහම වෙන්නේ ශරීරයේ කෑම දිරවන වේගය අඩු වෙන එක. ඒකෙනුත් අපේ ශරීර බර අනවශ්‍ය විදිහට වැඩි වෙන්න හේතු වෙනවා. ඒක නිසා එළවලු, ප්‍රෝටීන් බහුල රාත්‍රී ආහාර වේලක් ගන්න ඕනේ.

03. කෑම කාපු ගමන් නිදා ගන්න එක

රෑට කෑම කාපු හැටියේම නිදා ගන්න එක නරකයි. එතකොට ආහාර ජීර්ණය කරන ප්‍රශ්න මතුවෙනවා. වැඩිපුර මේද සෛල ශරීරයේ තැන්පත් වෙනවා. එක නිසා රෑට නිදා ගන්න පැය 1 1/2 හෝ 2 කලින් කෑම කන්න ඕනේ.

04. තෙල් සහිත ආහාර ගැනීම

රෑ කෑමට තෙල් සහිත ආහාර එකතු කර ගන්න එකෙන් ශරීරයට අනවශ්‍ය ශක්තියක් එකතු කර ගන්නවා ඔබ. ඒ අමතර ශක්තිය දහනය කරගන්න ලැබෙන්නේ නෑ ඔබ නින්දට යන නිසා. නින්ද යන්නෙත් නෑ හරියට. ඒ නිසා රෑ කෑමට හැමවෙලේම බේක් කරපු, ස්ටීම් කරපු සුළු ආහාර වේලක් එකතු කරගන්න ඕනේ.

05. කුළුබඩු වැඩි ආහාර ගැනීම

ඔබ ගන්න ආහාරයේ කුළුබඩු වැඩියෙන් තියෙනවා නම්, එකත් ආහාර දිරවන්න බාදාවක්. නිදා ගන්නත් අමාරුයි මේ වගේ කෑම කෑවහම.

06. රෑට අතුරුපස කෑම

අතුරුපස කන්න අපි හැමෝම කැමතියි. හැබැයි සීනී, පිටි සහිත අතුරුපස කනවා කියන්නේ ශරීරයට අමතර කැලරි ප්‍රමාණයක් එකතු කර ගන්නවා කියන එක. අතුරුපස හැටියට පළතුරක් එකතු කර ගන්න එකේ කිසිම වැරද්දක් නෑ.

07. රෑට කෑම කාලා ඉවර වෙලත්, තවත් මොනවා හරි කන එක

රෑ කෑමින් පස්සේ තවත් කෙටි ආහාර හොයන පුරුද්දක් සමහර අයට තියෙනවා. ඒක හරිම වැරදියි. පාන් පෙත්තක්, බිස්කට් එකක් කනවා කියලා ඔබ කරන්නේ ශරීරයේ බර ගොඩාක් වැඩි කර ගන්න එක.

08. රෑට කෑම නොකා ඉන්න එක

ශරීරයේ බර අඩු කර ගන්න කියලා හිතාගෙන රෑට කෑම නොකා ඉන්න එකින් වෙන්නේ ඊළඟට කන කෑම වේලේදී අපි වැඩිපුර කන එක. එකෙන් කොහොමත් අනවශ්‍ය කෑම ප්‍රමානයක් ශරීර ගත වෙනවා. වෙලාවට හරි විදිහට කෑම කන්න ඕනේ.

09. නින්දට කලින් ඇල්කොහොල් හෝ කැෆේන් පානය

මේ දෙවර්ගයම ශරීරයට අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් එකතු කරනවා. ඒ වගේම නින්දත් ප්‍රමාද කරනවා. ඉතින් හැමදාම පිරිසිඳු වතුර වීදුරුවක් බීලා නින්දට යන්න පුරුදු වෙන්න.

10. Phones, Laptop භාවිතය

නින්දට ගිහිල්ලත්, මේ විද්‍යුත් උපකරන භාවිතා කරනවා කියන්නේ, ඔබ නින්ද ගොඩාක් ප්‍රමාද කරගන්නවා කියන එක. මේ උපකරණ වලින් වැලකෙන්න. ඇඳට ගිහිල්ලා මේවා පාවිච්චි කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 209 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:37 AM
Script:/article/209/habits-that-ruin-a-good-nights-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:37 AM
Script:/article/209/habits-that-ruin-a-good-nights-sleep.html