මුළු ඇඟම එකම පාටක් කරගන්න ආසද?

February 25, 2017
14,287
Face and Body color Mismatch
කාන්තා අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ශරීරයේ සම එක එක පාටින් යුක්ත වීම. මුහුණ එක පාටක්. දෙඅතේ සමේ පාට තව එකක්. කකුල් වල පාට වෙනමම එකක්. මුළු ඇඟම එකම පාටකින් තියෙනවානම් තමයි අපි කැමති. එහෙම කරගන්න මොකද කරන්න ඕනේ? වෙළඳපොලේ තියෙන මිල අධික ආලේපන ගන්න හැම කෙනෙක්ටම බෑ. ඒ වගේම ඒවායේ ප්‍රතිපල තියෙන්නේ ආලේපනය පාවිච්චි කරනකල් විතරයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නයි යන්නේ. විශේෂත්වය තමයි නිවසේදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ආලේපනයක් වීම.

අවශ්‍ය ද්‍රව‍ය
1. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක්.(ජෑම් බෝතලයක්)
2. කැරට් අලයක්
3. පිරිසිඳු පොල්තෙල්

වතුර පාටට තියෙන පොල් තෙල් හොයාගන්න. සුපිරි වෙළඳසැල් වල නම් තියෙනවා. ඔබට ගෙදරදීම පිරිසිඳු පොල්තෙල් පෙරා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් එකත් හොඳයි. වීදුරු බෝතලය හොඳින් හෝදලා වරුවක් විතර අව්වේ වේලා ගන්න.
පස්සේ මේ බෝතලයට පිරිසිඳු පොල් තෙල් දාන්න. කැරට් අලය පෙති කපලා මේ තෙල් එකට දාන්න.

කැරට් අල දාපු තෙල් බෝතලය මුඩියෙන් වහලා, දවස් 2ක් හොඳට හිරු රශ්මියට නිරාවරණය වෙන තැනක තියන්න. හොඳින් එහා මෙහා පෙනෙන වීදුරු බෝතලයක් ගන්න කියන්නේ හිරු එළිය හොඳින් පරාවර්ථනය වෙන්නයි.

මේ විදිහට දවස් දෙකක් අව්වේ තියාගත්තු තෙල් බෝතලේ කැරට් අල කැබලි ඉවත් කරන්න. දැන් එය පාවිච්චියට ගන්න පුළුවන්. හැමදාම රෑට නිදා ගන්න කලින් හොඳින් ඇඟ සෝදලා, මේ ආලේපනය ශරීරයේ ගලවන්න. ටික කාලයක් මේක පාවිච්චි කරනකොට ඔබටම වෙනස වැටහේවි. හම පැහැපත් වෙනවා. සමේ තෙතමනය රැකෙනවා. මුළු ශරීරයම එකම පාටකින් තියාගන්න පුළුවන් වෙනවා.

අපි ගොඩාක් දෙනා වායු සමීකරණය කරපු තැන් වලනේ වැඩ කරන්නේ. කාලයක් එහෙම පරිසරයකක ඉන්නකොට සම ගොඩාක් වියලෙනවා. සමේ තෙතමනය රැක දෙන්නත් මේ ආලේපනයට පුළුවන්.

හරිම ලේසියෙන් ගෙදරදීම හදා ගන්න පුළුවන් මේ වගේ ස්වභාවික ආලේපන භාවිතයට පුරුදු වෙන එක පර්ස් එකට වගේම හිතටත් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 82 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:57:44 AM
Script:/article/82/face-and-body-color-mismatch.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:57:45 AM
Script:/article/82/face-and-body-color-mismatch.html