ඔයාගේ අලුත උපන් බිළිදාව සෞඛ්‍යය සම්පන්නව තියා ගන්නේ කොහොමද?

August 14, 2018
13,204
How to keep your newborn baby healthy and clean
ගර්භණි අවධියේදි වගේම දරු ප්‍රසුතියෙන් පසුවත් ඔයාගේ දරුවාගේ එදිනෙදා ජීවන රටාව ගැන සැළකිලිමත් වීම ඉතා වැදගත්. අපි කියන්නේ පුංචි දරුවන් මල් වගේ කියලානේ. ඔව් කුඩා දරුවන් මල්වලටත් වඩා වැඩියෙන් ආරක්ෂා කළ යුතුයි. ඔයාගේ දරුවා මේ ලෝකයට උපන් දවසේ ඉඳලා බහ තොරන වයස වෙන තෙක් ඉතාමත් පරිස්සම් කළ යුතුයි. බිළිඳුන්ගේ කුඩාම අවධිය කියන්නේ ලෙඩ රෝගවලට ඉක්මනින්ම ගොදුරු වෙන කාලය. මේ අවධියේදී ඔයාගේ දරුවාව සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීම ඉතාමත් වැදගත්. අද Hadakari අපි ඔයාට කියලා දෙන්නේ අලුත උපන් ඔයාගේ දරුවාව සෞඛ්‍යය සම්පන්නවා තියාගන්න උපකාරී වෙන කරුණු කිහිපයක් ගැන. ඒ මොනවද කියලා හරියටම දැන ගන්න ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

නියපොතු කපලා දෑත් සහ දෙපා පිරිසිදුව තියන්න

අලුත උපන් ඔයාගේ බිළිඳාට සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර දීම ඉතාමත් වැදගත්. ඔයා අනන්තවත් දැකලා ඇති පොඩි බිළිඳුන්ගේ නියපොතු ශක්තිමත් නොවුණත් ඉතා ඉක්මනින් නියපොතු වර්ධනය වෙනවා. ඔයා නිසියාකාරයෙන් ඔයාගේ දරුවාගේ නියපොතු කැපීම සිදු කරේ නැති වුණොත් ඒවායෙහි කුණු රැඳීමෙන් අසාදන තත්ත්වයක් වුණත් ඇති විය හැකියි. ඒ නිසා ඔයා ඉතා සියුම්ව සිදුකළ යුතුයි. ඔයාගේ දරුවා නිදා ගත්තට පස්සේ මෘදු කතුරක් අරගෙන දරුවාගේ නියපොතු කපා ඉවත් කරන්න.

දරුවා නෑවීම

ඔයාට පුළුවන් සෙල්ලම් බඩු දීලා ඔහු හෝ ඇයව සතුටු කරලා විනෝද කරලා දරුවාගේ මුහුණ, ශරීරය පිරිසිදු කරන්න. වැදගත්ම දේ වෙන්නේ ඔයාගේ දරුවාව පරිසිදු කළාට පස්සේ හොඳින් තෙතමනය වියළා ගැනීමයි. දිනපතා ඔයාගේ දරුවා සම්පූර්ණයෙන්ම නැවීම අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාට පුළුවන් තෙත් රෙද්දකින් දරුවාව පිස දමන්න. තවමත් ඔයාගේ බිළිඳුගේ පෙකිණිවැල වැටිලා නැතිනම් ඔයාගේ දරුවා පිරිසිදුව තබා ගැනීම අත්‍යාවශ්‍යයි. ඔයාගේ බාබාව නාවන්න කලින් දරුවාගේ ශරීරයේ උෂ්ණත්වය මැනීම අත්‍යාවශ්‍යයි. ඔයාගේ බිළිඳාව සේදිමේදි සම ඉතා තදින් අල්ලන්නේ නැතුව මෘදුව සේදීම කළ යුතුයි. නැවීමෙන් පස්සේ මෘදු සමට ගැළපෙන ලෝෂන් වර්ගයක් ආලේප කරන්න අමතක කරන්න එපා.

ඔයාගේ බිළිඳාගේ සම ගැන සැළකිලිමත් වීම වැදගත්

ඔයා හොඳින්ම දන්නා කරුණක් තමයි කුඩා බිළිඳුන්ගේ සම ඉතාමත් මෘදුයි. සමට හානී ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. විෂබීජ ඉක්මනින් ඔයාගේ සමට ආසාදනය වෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ සමේ කුෂ්ඨ රෝග ඉක්මනින් ඇති වෙනවා. ඒ නිසා ඔයාගේ දරුවාගේ සමට ගැළපෙන පිරිසිදුම් කාරක යොදා ගන්න අමතක කරන්න එපා.

මෘදු ඇඳුම් පමණක් භාවිත කරන්න

කුඩා බිළිඳුන්ට යෝග්‍ය වන ඉතාමත් මෘදු ඇඳුම් ඇන්ද වීම ඉතාමත් වැදගත්. අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ඇඳුම් සහ ඇතිරිලි භාවිත කරන්න. ඒ වගේම කුඩා දරුවනන්ගේ රෙදි සේදීම සඳහාද ඔබ තෝරාගත යුත්තේ මෘදු සේදුම් කාරකයක්. මොකද එහෙම නොවුණොත් ඔවුන්ගේ සම විවිධ ආසාදන්යන්ට ලක් විය හැකියි.

මුඛය පිරිසිදු කරන්න

කුඩා කල සිටම ඔයාගේ දරුවාගේ මුඛයේ පිරිසිදු බව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අද පොඩි දරුවන්ගේ දත්වල කුඩා අවධියේ පටන් ගැටලු ඇති වෙනවා. දැත්වල කුහර ඇති වීම එවැනි ගැටලුවලින් එකක්. ඒ නිසා කුඩා අවධියේ සිටම දරුවගේ මුඛය පිරිසිදු කිරීම වැදගත්. ඔයාට පුළුවන් පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතයෙන් දරුවගේ විදුරුමස් පිරිසිදු කිරීම කරන්න.

ඉයර් බඩ්ස් (Ear Buds) පාවිච්චි කරන්න එපා

කිසිවිටෙක බිළිඳාගේ කණ, නාසය පිරිසිදු කිරීමට ඉයර් බඩ්ස් පාවිච්චි කරන්න එපා. පිරිසිදු කුඩා රෙදි පටියකින් පහන් තිරයක් සාදා එයින් කන්, නාසය පිරිසිදු කරන්න.

හිකකෙස්

කුඩා දරුවන්ගේ අවධානය යොමු කළ යුතු තවත් දෙයක් තමයි හිසකෙස් කියන්නේ. ඔයාගේ දරුවාට තියෙන්නේ ඉතා ඝණ කොණ්ඩයක් නම් උෂ්ණාධික කාලයක් තුළ දරුවාගේ හිසකෙස් කොටට කපා තිබීම ඉතා වැදගත්. ඒ වගේම තමයි දරුවාගේ කොණ්ඩය කැපීම මුල් අවදිය තුළදි සිදු කළ යුත්තේ ඔබ විසින්මයි. දරුවා දහවල් කාලයේදී නින්දේ සිටින විට දරුවාගේ කොණ්ඩය කැපීම වැදගත්. මෘදු කතුරක් ඒ සඳහා භාවිත කළ යුතුයි. දරුවාගේ හිසකෙස් කැපීමෙන් අනතුරුව උණුසුම් ජලයෙන් දරුවාව නැවීම ඉතාමත් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-31 00:00:00' and A.id <> 1019 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:40:03 AM
Script:/article/1019/how-to-keep-your-newborn-baby-healthy-and-clean.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, November 1, 2025 at 12:40:03 AM
Script:/article/1019/how-to-keep-your-newborn-baby-healthy-and-clean.html