ඔබේ දරුවාව කුඩා කාලේදීම ක්‍රීඩාවට නැඹුරු කරන්න කියන්නේ මේ නිසයි

November 6, 2020
13,055
This is why kids should do sports
සෙල්ලම් කිරීම තුළින් ළමයින් විනෝදයට වඩා වැඩි යමක් ඉගෙන ගන්නවා. ඔවුන්ගේ ශරීරය භාවිතා කිරීමට, මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමට සහ පරිසරය ගවේෂණය කිරීමට දරුවන් ඉගෙන ගන්නේ සෙල්ලම් කිරීම හරහායි. ඒ නිසායි පුංචි ළදරුවන්ගේ වගේම වැඩුණු දරුවන්ගේත් සෞඛ්‍ය සම්පන්න භාවය සංවර්ධනය සඳහා සෙල්ලම් කරන එක ගොඩක් අත්‍යවශ්‍ය වෙන්නේ.

පොඩ්ඩන්ගේ භාෂාව, ඔවුන්ගේ චින්තනය, ඔවුන්ගේ ශාරීරික, සමාජ කුසලතා සහ ඔවුන්ගේ චිත්තවේගීය යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය වගේම සෙල්ලම් කිරීම ද අත්‍යවශ්‍යයි. සෙල්ලම් කිරීම තුළින් ළමයින් හැමදේම සාකච්ඡා කිරීමට, ගැටළු විසඳීමට සහ නිරෝගී යෞවනයන් හා වැඩිහිටියන් බවට පත්වීමට ඉගෙන ගන්නවා.

ක්‍රීඩාවේ ප්‍රතිලාභ
ඔබත් බුද්ධිමත් දෙමව්පියන් විදිහට, දරුවා සමඟ සෙල්ලම් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම එයාලාගේ සම වයසේ මිතුරන් සමඟ ද විනෝදයෙන් ක්‍රීඩා කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඒ හරහා ඔබේ ළමයින් මිනිසුන් සමඟ වඩාත් හොඳින් සම්බන්ධ වීමට, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ පාසැලේදී පවා හොඳින් ක්‍රියා කරමින් අධ්‍යාපනය ලැබීමට එයාලාට හැකියාව ලැබෙනවා.

සෙල්ලම් කිරීමට ඉඩ දෙන එක දරුවන්ට ඔබ විසින් කරන ලොකු උපකාරයක්. ඒකෙන් එයාලා තමන්ගේ ශාරීරික කුසලතා වර්ධනය කර ගනිමින් දේවල් ක්‍රියාත්මක වන ආකාරය සොයා ගැනීමට, ජලය වැලි හෝ ක්ලේ වගේ දේවල භෞතික ගුණාංග ගැන ඉගෙන ගන්න සහ පරිසරය සොයාගෙන ගිහින් ඒ ගැන සැලකිලිමත් වීමට ඉගෙන ගැනීමට දරුවන් යොමු වෙන්නේ සෙල්ලම් කරද්දියි. සෙල්ලම් කරද්දී තමන්ගේ මිතුරන් ගැන සැලකිලිමත් වීමට දරුවා ඉගෙන ගන්නවා. ඒකෙන් කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට සහ අන් අය සමඟ සාකච්ඡා කිරීම වගේ සමාජ කුසලතා වර්ධනය කර ගන්නට භාෂා කුසලතා ඉගෙන ගන්නට දරුවෝ ඉගෙන ගන්නවා.

විවිධ වර්ගයේ ක්‍රීඩා
බිළිඳු දරුවන් එක්ක සෙල්ලම් කරන්න සුදුසු, හොඳම ක්‍රීඩකයන් වෙන්නේ දෙමව්පියන්. ඔයාට පුලුවන් ඔයාගේ බිළිඳු දරුවා සමග සිනාසෙන්න, මුහුණ එක එක විදිහට සාදමින් එයාව සතුටු කරන්න, දෑත් දිගු කර අත්පුඩි ගසන්න, කතා කරන්න, ගායනා කරන්න. ළදරුවන් වැඩෙනකොට ක්‍රීඩාවන් වල ස්වභාවය ටිකෙන් ටික වෙනස් කරන්නත් වෙනවා.

එළිමහනේ සෙල්ලම් කරද්දී වැඩුණු දරුවන් තමන්ගේ ශරීරය , නිර්මාණශීලිත්වය සහ පරිකල්පනය භාවිතා කරනවා. ඒ අතර අනිත් අය සමඟ අන්තර් ක්‍රියා කරනවා. එළිමහනේ සෙල්ලම් කිරීමෙන් දරුවන්ට තමන්ගේ හැකියාවන් හදුනා ගැනීමට සහ වර්ධනය කර ගැනීමට ඉඩ ලැබෙනවා.

Structured play
මේ වගේ සෙල්ලම් කලින් සංවිධානය කරපුවා වන අතර බොහෝ විට එය වැඩිහිටියෙකු විසින් මෙහෙයවනු ලබනවා. ඒවාට ඇතුළත් වන්නේ: පාසලේ ක්‍රීඩා හෝ පුස්තකාලයක කතන්දර කියවීම,
නැටුම්, නාට්‍ය හෝ කලා පන්ති,
චෙස්, ලුඩෝ වගේ ක්‍රීඩා,
පිහිනුම් පාඩම් හෝ ව්‍යායාම කිරීම වගේ අභ්‍යාසයි.

විශේෂයෙන්ම දරුවන් රූපවාහිනිය සහ පරිගණක තිර එක්ක ගෙවන කාලය සීමා කරන්න.
රූපවාහිනිය නැරඹීම, පරිගණකයක් භාවිතා කිරීම හෝ පරිගණක ක්‍රීඩාවක් කිරීම කියන්නේ දරුවන්ගේ කායික මානසික සුවතාව ඉහළ නංවන සෙල්ලම් කිරීමක් නෙමෙයි. වයස අවුරුදු දෙකකට අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීමට හෝ විද්‍යුත් උපකරණ භාවිතා කිරීමට දෙමව්පියන් ඉඩ නොදිය යුතු බවයි වෛද්‍යවරුන්ගේ මතය.

ආරක්ෂාව සහිතව සෙල්ලම් කරන්න
ළදරුවන්ට හෝ කුඩා දරුවන්ට සෙල්ලම් කරන විට නිවස සහ වටපිටාව ආරක්ෂිත ද කියලා සහතික කර ගන්න. ගෙදර සහ මිදුලේ තියන භයානක වස්තූ, ඖෂධ සහ විෂ ද්‍රව්‍ය වෙත ළඟා වෙන්න බැරි විදිහට ඒවා වෙනම තැබක තියලා අගුලු දමන්න. කුඩා දරුවන්ට ගිල දමන්න පහසු කුඩා වස්තූන් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න එපා.

කුඩා දරුවන් එළිමහනේ සෙල්ලම් කරනකොට ඔබ හෝ විශ්වාසවන්ත රැකබලා ගන්නෙක් අසල සිටින බවට වග බලා ගන්න. ළමයින්ට තනිවම වතුරේ හෝ තටාකයක සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1899 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:28:40 AM
Script:/article/1899/this-is-why-kids-should-do-sports.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:28:40 AM
Script:/article/1899/this-is-why-kids-should-do-sports.html