දවසකට බිත්තර 3ක් කන්න. ප්‍රතිපල ඔබව මවිත කරාවි.

March 5, 2017
96,401
What Happens When You Eat 3 Whole Eggs Every Day?
පොල් තෙල්, අලිගැටපේර වගේම බිත්තර කන එක ගැනත් කාලෙකට කලින් තිබුණු අදහස දැන් වෙනස් වෙලා තියෙන්නේ. මේ හැම කෑමක්ම නිරෝගී දිවිපැවැත්මකට හොඳ නෑ කියලා තමයි හැමෝම හිතුවේ. හැබැයි දැන් හොයාගෙන තියෙනවා, මේ අහාර ශරිරයට ඉතාමත් හොඳයි කියලා.

දවසකට බිත්තර තුනක් කන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයිලු. කෙනෙක්ට කියන්න පුළුවන් බිත්තර කන එක ශරීරයේ කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි කරනවා කියලා. ලොකු බිත්තරයක සාමාන්යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රැම් 180-186 ක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. අක්මාව කොහොමත් දවසකට කොලෙස්ටරෝල් මිලිග්‍රැම් 1000-2000 අතර ප්‍රමාණයක් නිපදවනවා. ඉතින් බිත්තර කෑවහම වෙන්නේ අක්මාව නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන එකයි.

බිත්තර කෑමට ගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මෙන්න මෙහෙමයි.

පෝෂ්‍ය පදාර්ථ

බිත්තර කියන්නේ පෝෂණය අතින් ඉහල ආහාරයක්. විටමින් A, E, B-12, යකඩ, මැග්නීසියම්, තයමින්පොස්පරස් වගේ ශරීරයට අවශ්‍ය ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ බිත්තර වල තියෙනවා.

කොලේස්ට්රෝල්

බිත්තර කන එක හොඳ නෑ කියන්න හැමෝම ඉදිරිපත් කරපු කාරනාව තමයි බිත්තර ඇඟේ කොලේස්ට්රෝල් ප්‍රමාණය වැඩි කරනවා කියන එක. ඇත්තටම බිත්තර වලින් මොලයේ වර්ධනයට, විටමින් D නිෂ්පාදනයට වගේම ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්රජන් නිෂ්පාදනයට උදව් වෙන හොඳ කොලේස්ට්රෝල් වර්ගයක් අඩංගු වෙනවා.

ඇස් පෙනීම වර්ධනය කරයි

ඇස් පෙනීම වර්ධනය කරලා හිරු එළියෙන් වෙන හානි අවම කරනවා වගේම ඇසේ සුද ඇතිවීමේ ප්‍රවනතාවය 50%කින් විතර අඩු කරනවා.

මස් පිඩු වර්ධනයට

හොඳින් මස් පිදු වර්ධනය කරගන්නත් පුළුවන් කම ලැබෙනවා බිත්තර ආහාරයට ගන්න එකෙන්.

අස්ථි වර්ධනයට

ශරීරයේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම්, විටමින් Dත් බිත්තර වල තියෙනවා.

ශරීරයේ බර අඩු කරන්න උදව් වෙනවා

වෙනත් ප්‍රෝටීන් බහුල ආහාර වගේ නෙමෙයි අඩු කැලරි ප්‍රමාණයක් තියෙන බිත්තර කෑවහම වැඩියෙන් බඩ පිරෙනවා. ඉතින් බර අඩු කර ගන්න DIET කරන කට්ටියටත් බිත්තර කන එක ගොඩාක් හොඳයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 102 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:08 AM
Script:/article/102/what-happens-when-you-eat-3-whole-eggs-every-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:08 AM
Script:/article/102/what-happens-when-you-eat-3-whole-eggs-every-day.html