ලෙඩ වෙන්න නොදී හදවත රැක ගන්න. හදවත සුරකින මේ තරම් වටිනා ආහාරයක් තවත් නැති තරම්

February 28, 2018
13,932
Eat this to save your heart
හදවත ලෙඩ වුනොත් තත්ත්වය භයානකයි. කිසිම කෙනෙක් ඒ විදියට තමන්ගේ ජීවිතය අනතුරේ දාන්න කැමති වෙන්නේ නැහැ. මොනවා කිව්වත් කරත් ලෙඩ රෝග වලට හැමෝම බයයි. ඒක තමයි ඇත්ත. හදවත් රෝග කියන්නෙත් බෝ නොවන රෝග අතර තියෙන තවත් එක් රෝගී තත්ත්වයක්. හැබැයි මේ හදවත් රෝග වලින් ඔබේ හදවත ආරක්ෂා කරන දිව්‍යමය ඖෂධයක් දැන් තියෙනවා. ඒ තමයි ඕට්ස්. ඕට්ස් කියන්නේ මොනවද කියලා ගොඩක් දෙනෙක් දැනුවත් නැහැ. හැබැයි මීට කලින් පල කරපු ලිපියකින් අපි ඒ ගැන ඔයාව දැනුවත් කළා.

අද කියන්න යන්නේ ඕට්ස් ඔයාගේ හදවත ආරක්ෂා කරන්න උදවු වෙන්නේ කොහොමද කියන එක ගැන.

ඕට්ස් යෙදු ආහාර ඔයාගේ අහාර වේලට එකතු කර ගැනීමෙන් රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගන්න ඔයාට පුළුවන්. ඒ කියන්නේ ඕට්ස් වලින් ඔයාගේ ධමනි පිරිසිදුව තබා ගන්න පුළුවන්. ධමනි පිරිසිදු නම් ඔයාට කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන් නිසා හදවත් රෝග ඇති වීමේ අවදානම නැතිව යනවා. ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ඒ කියන්නේ LDL මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලන්න පුළුවන්.

හදවත් රෝග සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග හේතුවෙන් සිදු වන මරණ වලට වැඩි වශයෙන් හේතු වෙන්නේ අහිතකර කොලෙස්ටරෝල්. විශේෂයෙන් අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන්. ඉතින් මේ තත්ත්වය ඇති වෙන්න කලින් ආරක්ෂා වෙන එකත්,දැනටමත් රෝගයට ගොදුරු වෙලා ඉන්නවා නම් අවදානම අවම කර ගන්න එකත් අනිවාර්යෙන්ම කල යුත්තක්. ඒ නිසා ඔයාගේ ආහාර වේල් අතරට ඕට්ස් අඩංගු ආහාර එකතු කර ගන්න එක හරිම වැදගත්.

අද වෙන කොට ගොඩාක් දෙනෙක්ට ඇති වෙලා තියෙන බෝ නොවන රෝග තත්වයන් වලින් ආරක්ෂාව සලසන ඔමේගා-3, ඔමේගා-6 කියන ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ ඕට්ස් වල අඩංගුයි. ඒ නිසා ඕට්ස් ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත විතරක් නෙවෙයි ඔයා ලෙඩ රෝග වලින් සම්පුර්ණයෙන්ම ආරක්ෂිතයි කියන්න පුළුවන්.

මීට අමතරව ඕට්ස් වල බී විටමින්, යකඩ, තඹ, මැංගනීස්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද අඩංගුයි. ඒ වගේම තන්තුමය ගුණයෙන් ඉතා ඉහල ධාන්‍යක් තමයි ඕට්ස් කියන්නේ. ඕට්ස් වලින් දෛනික තන්තු අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සම්පුර්ණ කරනවා. ඕට්ස් වල කාබෝහයිඩ්රේට අවශෝෂණය කරන බීටා-ග්ලුකන්ස් අඩංගු වෙනවා. දියවැඩියාවෙන් පීඩා විදින අයටත් ඉතාමත් ගුණදායක ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 679 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:49 AM
Script:/article/679/eat-this-to-save-your-heart.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:49 AM
Script:/article/679/eat-this-to-save-your-heart.html