නිවැරදි ආකාරයට පෞද්ගලික (vaginal area) ප්‍රදේශය පිරිසිදු නොකළොත් ඔබ අමාරුවේ

August 24, 2020
8,814
Correct way to keep vaginal area clean
හැඩකාරියන්ගේ මුහුණ වගේම සිරුරේ අතිශය පෞද්ගලික (vaginal area) ප්‍රදේශත් ලස්සනට සහ පිරිසිදුව තබා ගැනීම වැදගත්. vaginal ප්‍රදේශය බොහොම සංවේදී නිසා ඉතාම ඉක්මනින් තුවාල වීමටත් පුලුවනි. ඒ වගේම අපේ සිරුරේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව පෞද්ගලික ප්‍රදේශයන්හි සම කලු පැහැයක් ගන්නවා. නමුත් ඒ ගැන කලබල වෙන්න එපා. එය සාමාන්‍ය තත්වයක්.

පිරිසිදු කිරීමේදී භාවිතා කරන දේ...
ඔබ මේ ප්‍රදේශ පිරිසිදු කිරීමේදී යොදා ගන්නේ සබන්, බොඩි වොෂ් හෝ සුවඳ ද්‍රව්‍ය නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මුලින් සඳහන් කළ පරිදි මේ සංවේදී ප්‍රදේශ සබන්වල ඇති සැර ගතියට කැසීමට, තුවාල වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. ඒ වගේම සමේ Ph අගය අසමතුලිත වීමට පුලුවනි.

ඒ වගේම “වෙට් වයිප්” භාවිතයත් එතරම් සුදුසු නැහැ. ඒවායේ සුවඳ වෙනුවෙන් යොදා ගෙන ඇති මද්‍යසාර නිසා මේ ප්‍රදේශයේ වියළි බවක් ඇති වී දිලීර, පුස් වැනි සමේ ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි.

ඔසප් දිනයට සහ සාමාන්‍ය මුත්‍රා කිරීමෙන් පසුව..
මේ හැම අවස්ථාවකදීම සබන් යොදා ගැනීම එපා. ඒ වෙනුවට වතුරෙන් සෝදා ටිෂු කඩදාසියකින් තෙත මාත්තු කරන්න. ඔසප් දිනයකදී මද උණුසුම් ජලයෙන් සොදා තෙත මාත්තු කර ගැනීම අවශ්‍යයි.

එහෙමනම් හොඳ මොනවාද...?
වඩාත්ම හොඳ මද උණුසුම් වතුරෙන් සේදීමයි. අවශ්‍යම නම් “බේබි සෝප්” භාවිතා කරන්න. ළදරු සමට ගැලපෙන අන්දමින් සකස් කර ඇති නිසා බේබි සෝප් යොදා ගැනීම සාමාන්‍ය සබන් තරමටම අහිතකර නැහැ. එහෙම නැත්නම් වෙළඳපොලේ ඇති vaginal සේදුම් දියරයක් මේ වෙනුවෙන් භාවිතා කරන්න පුලුවනි.
සාමාන්‍ය වෙට් වයිප් වෙනුවටත් “vaginal වෙට් වයිප්” භාවිතා කිරීමත් වඩාත් සුදුසුයි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීම...
අනවශ්‍ය රෝම ඉවත් කිරීමත් ඉතාම ප්‍රවේසමෙන් කළ යුතුයි. රෝම ඉවත් කරන ක්‍රම කීපයක් තිබෙනවා.
- රේසර් කිරීම
- ට්‍රිම් කිරීම
- වැක්ස් කිරීම

රේසර් කිරීමේදී රෝමවල මුල් ඉවත් වෙන්නේ නැහැ. ට්‍රිම් කිරීමත් ඒ ආකාරයෙන්ම මුලින් ඇති කෙස් පමණක් ඉවත් වෙනවා. මේ වෙනුවෙන්
ගුනාත්මක ට්‍රිමරයක් භාවිතා කරන්න. රේසර් කරනවා නම් සබන් හෝ ෂේවින් ක්‍රිම් වර්ගයක් හෝ පොල්තල් වැනි ලිහිසි ද්‍රව්‍යක් ආලේප කරන්න. එහෙම නැතුව රේසර් කිරීමෙන් අදාල ප්‍රදේශයේ සම තුවාල වී විවිධ ආසාදන ඇති වෙන්න පුලුවනි.

රේසර් පාවිච්චි කිරීමේදීත් බ්ලේඩ් තලයේ මලකඩ ගැන සැලකිලිමත් වෙන්න. මලකඩ සහිත බ්ලේඩ් නිසා විෂබීජ ඇතුළු වීමේ අවදානම ඉතාම ඉහලයි. ඒ නිසා එකම රේසරය දෙවතාවකට වඩා පාවිච්චි කරන්න එපා. ඉවත දමන රේසර් යොදා ගැනීම වඩාත්ම සුදුසුයි.

යට ඇදුම්
යට ඇදුම් තෝරා ගැනීමේදී කපු ඇඳුම් හෝ කපු මිශ්‍ර ඇඳුම් ගැන සම්පූර්ණ අවධානය ලබා දෙන්න. නයිලෝන් යට ඇඳුම් ඇඳීම නිසා මේ ප්‍රදේශයට ඔක්සිජන් නොලැබී යන්න පුලුවනි. ඒ වගේම හිර යට ඇදුම් නිසා ඉකිලි ප්‍රදේශයේ කැපුම් ඇති වෙන්න පුලුවනි. ඒ වගේම ඩෙනිම් හෝ ලෙගින් කලිසම් පවා හිර ගතියෙන් යුක්ත විම නිසා ඉකිලි කලු පැහැ ගැනෙන්න පුලුවනි.

ඉකිලි ප්‍රදේශයට සත්කාරයක්...
පෞද්ගලික ප්‍රදේශ කලු පැහැ ගැනීම හිතට වද දෙනවා නම් මේ මාස්ක් අත්හදා බලන්න.

අමුකහ සහ කෝමාරිකා යුෂ එකතු කරමින් සාදා ගත් මාස්ක් එක ආලේප කර විනාඩි දහයකින් පසණ පසු සෝදා හැර තෙත මාත්තු කරගන්න.

අමුකහ සහ දොඩම් යුෂ එකතු කරමින් සාදා ගත් මාස්ක් එක ආලේප කර විනාඩි දහයකින් පමණ පසු සෝදා හැර තෙත මාත්තු කරගන්න. හැබැයි දොඩම් වෙනුවට දෙහි ආදේශ කරන්න එපා. දෙහි සැර ගතියකින් යුක්තයි. ඒ වගේම මේ මාස්ක් එක ඉකිලි සඳහා පමණයි. යෝනි ප්‍රදේශයට ආලේප කිරීමෙන් වලකින්න

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1792 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/1792/correct-way-to-keep-vaginal-area-clean.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/1792/correct-way-to-keep-vaginal-area-clean.html