සාර්ථක විවාහ ජීවිතයකට සුදුසුම සහකරුවෙක් සොයාගන්නේ මෙහෙමයි

June 8, 2017
11,994
8 Tips for Choosing the Right Partner
අපේ සමාජයේ විවාහයක් සිදුවෙන ක්‍රම දෙකක් තියෙනවනේ. එකක් තමයි ආදර සබදතාවයකින් විවාහ වීම. අනෙක් එක තමයි යෝජනාවකින් විවාහ වීම. මේ මොන ක්‍රමේට විවාහ උනත් හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන එක.

කාන්තාවකට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න නම් යහපත් සහකරුවෙක් ලැබෙන්න ඕනේ. ආදර සබදතාවයකින් විවාහ වන විට නම් තරුණියකට යම් කාලයක් ලැබෙනවා තමන්ගේ පෙම්වතාව තේරුම් ගන්න. නමුත් යෝජිත විවාහයකින් විවාහ වෙන තරුණියකට නම් වැඩි කාලයක් ලැබෙන්නේ නැහැ තමන්ගේ සහකරුවා ගැන හොද අවබෝධයක් ලබාගන්න.

මේ නිසා අද අපි ඔබට කියන්නේ ආදර සබදතාවයක් උනත් යෝජිත විවාහයක් උනත් ඔබට සුදුසු සහකරුවෙක් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන.

1. ඔබ විවාහයට සුදානම්ද?

විවාහයට සුදුසු සහකරුවෙක් තෝරාගන්න කලින් ඔබ ඔබගෙන්ම අනිවාර්යෙන් අසා දැනගත යුතුයි ඔබ විවාහයකට සුදානම්ද කියා. මොකද විවාහය කියන්නේ සුළුවෙන් සිතිය යුතු දෙයක් නොවෙයි. එය ඔබේ ජීවිතයේ සිදුවෙන විශාල වෙනසක් වගේම ඔබට ජීවිතයේ පැවරෙන විශාල වගකීමක්.

2. ඔහුගේ අනාගත ඉලක්ක සහ ඔබගේ ඉලක්ක ගැන සිතා බලන්න

හිතන්න ඔබ දෙදෙනාටම තියෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් අරමුණු කියලා. මෙහෙම උනාම ඔබ දෙදෙනා අතර ප්‍රශ්න වගේම දුරස්ථ භාවයක් ඇතිවෙන්න තියෙන ඉඩ කඩත් වැඩියි. මේ නිසා හොදින් සිතා බලන්න ඔබ දෙදෙනාගේ අනාගත අවශ්‍යතාවයන් කෙතරම් දුරට ගැලපෙනවද කියලා.

3. ඔහු ඔබගේ පවුලට ගැලපෙන කෙනෙක්ද කියා සිතා බලන්න

විවාහයෙන් පසුව ඔබ ඔහුගේ පවුලේ කොටසක් වගේම ඔහු ඔබගේ පවුලේ කොටසක් බවට පත්වෙනවා. මෙතැනදී ඔහුගේ පවුලට ඔබවත් ඔබගේ පවුලට ඔහුවත් ගැලපෙන්නේ නැතිනම් ඔබ දෙදෙනා අතර ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ කඩ ඉතා වැඩියි. මේ නිසා ඔහු ගැනත් ඔහුගේ පවුල් පරිසරය ගැනත් හොදින් සිතා බලන්න.

4. ඔහු ඔබට ගරු කරන කෙනෙක්ද?

ඔබ විවාහයට කෙනෙක් තෝරා ගන්නේ මුළු ජීවිත කාලයම ඔහුත් සමග ගත කරන්න. ඔහු ඔබට ඔබේ පවුලට ඔබේ අදහස් වලට ගරු නොකරන කෙනෙක් නම් ඔබට පහසු වෙන්නේ නැහැ ඔහුත් සමග සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න. මේ නිසා විවාහයට සහකරුවෙක් තෝරා ගන්න විට හොදින් සිතා බලන්න ඔහු ඔබට ගරු කරන කෙනෙක්ද කියා.

5. හැම වේලාවකම ඔබට මුල් තැනක් දෙන්න

ඔබ විවාහයට කෙනෙක් තෝරාගන්නා විට තරමක් ආත්මාර්ථකාමී වීම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ කෙනෙක්ව තෝරා ගන්නේ මුළු ජීවිත කාලයම ගත කරන්න. මේ නිසා හොදින් සොයා බලන්න ඔබ විවාහයට තෝරා ගන්නා පුද්ගලයා ඔබව වෙනස් කිරීමට උත්සහ නොකරන ඔබට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ඔබට අවස්ථාවක් ලබාදෙන කෙනෙක්ද කියා.

6. ඔබට ඕනෑම දෙයක් ගැන කතාබහ කරන්න පුළුවන් සහ ඔබට හොදින් ඇහුන්කම් දෙන කෙනෙක් තෝරා ගන්න

විවාහ ජීවිතයක සාර්ථකත්වයට අවශ්‍යම දෙයක් තමයි සන්නිවේදනය කියන්නේ. මේ නිසා ඔබට ඕනෑම අවස්ථාවක ඕනෑම දෙයක් ගැන කතාබහ කරන්න පුළුවන් ඔබට නිතරම හොදින් ඇහුන්කම් දෙන කෙනෙක් ඔබේ සහකරුවා වෙනවා නම් ඔබට සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන එක එතරම් අපහසු වෙන්නේ නැහැ.

7. ඔබේ හිතවතුන් සහ පවුලේ අය කියන දේවල් වලට අවධානයක් යොමු කරන්න

ඔබට ආදරය කරන ඔවුන් කවදාවත් කැමති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට වැරද්දක් වෙනවා දකින්න. මේ නිසා ඔවුන් කියන දේවල් වලට ඇහුන්කම් දෙන්න. ඔවුන් ඔහුට අකමැත්තක් ප්‍රකාශ කරනවා නම් ඔහුව ඔබේ සහකරුවා ලෙස තෝරාගන්න කලින් දෙපාරක් සිතන්න.

8. ඔහු වගකීම් දැරිය හැකි කෙනෙක්ද කියා සිතා බලන්න

විවාහය කියන්නේ වගකීම් සමුදායකින් පිරුණු එකක්. මේ නිසා ඔබට වගේම ඔහුටත් වගකීම් දැරීමට සිදු වෙනවා. හොදින් සොයා බලන්න ඔහු විවාහ ජීවිතයේ වගකීම් දැරිය හැකි කෙනෙක්ද කියා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 306 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:06 AM
Script:/article/306/8-tips-for-choosing-the-right-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:55:07 AM
Script:/article/306/8-tips-for-choosing-the-right-partner.html