තේරුම දැනගෙන පච්ච (Tattoo) ගහන්න - (01 කොටස)

September 1, 2018
24,478
Know the meaning of your tattoo
ටැටූ එමෙත් නැතිනම් පච්ච කියන්නේ අද ජනප්‍රිය කලාවක්. මේ කලාව අද කොච්චර ජනප්‍රියද කියලා කීවොතින් ගැහැණු පිරිමි භේදයක් නැතුව ටැටූ කලාවට ඇබ්බැහි වෙලා. ටැටූ කලාව අද කොච්චර ජනප්‍රියද කියලා කිවොතින් අද ලොකු කුඩා කොයි කවුරුත් ටැටූ කලාවට දක්වන්නේ අසීමිත කැමැත්තක්. සංස්කෘතියෙන් සංස්කෘතියට වගේම රටින් රටටත් ටැටූ කලාව එකිනෙකට වෙනස්. ෆැෂන් එකක් විදිහටත්, ආකාර්ෂණීය බවක් ලබා ගන්නත් ඔයා පච්චයක් ගැහුවට ඇත්තටම පච්චයකින් කියැවෙන අරුතක් තියෙනවා. ඔයාගේ ආගම, සංස්කෘතිය, අත්දැකීම්, රුච් අරුචිකම් මේ හැමදේම බලපානවා ටැටූ එකක් ගහන්න. ඔයා මෙච්චර කල් ටැටූ ගැහුවේ හරියට ඒ ටැටූ එකේ තේරුම ගැන දන්නේ නැතුවනේ. සමහර විට ඔයා ගහපු ටැටූ එක කවුරුහරි ගහලා තියෙන ටැටූ එකක් හෝ ටැටූ ශිල්පියාගේ කැමැත්ත මත ගහපු ටැටූ එකක් වෙන්නත් පුළුවන්. ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ ටැටූ එකේ නියම තේරුම දැනගෙන ටැටූ එක ගහන්න පුළුවන්.

සමනළ ටැටූ (Butterfly Tattoo) -







සමනළ ටැටූ එක ගොඩක් දුරට ගහන්නේ කාන්තාවන්. විවිධ වර්ණ මුහු කරලා ගහන මේ සමනළ ටැටූ එකේ අර්ථය සිරුරේ ඔයා ටැටූ එක ගහන ස්ථානය අනුව එකිනෙකට වෙනස් වෙනවා. සමස්ථයක් විදිහට සමනළ ටැටූ එකකින් කියවෙන අර්ථය තමයි නිදහසට කැමති බව. අපි මුලිං කිව්වා වගේ මේ ටැටූ එක ඔයාගේ සිරුරෙන් පිටතට නොපෙනන තැනක ගහලා තියෙනවා නම් එයින් තවත් බොහෝ දේ ප්‍රකාශ වෙන්නට පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ ඔයා පපුවේ එක් පැත්තක සමනළ ටැටූ එකක් ගහලා තියෙනවා කියලා. ඉතිං මේ වගේ ටැටූ එකකින් කියැවෙන්නේ අදාල පුද්ගලයා ඉතා කෙළිලොල් ජීවිතයක් ගත කරන්න කැමති බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම ලිංගික ආශාවන් දැනවීමටත් මේ වගේ ටැටූ ගහනවා. පොදුවේ ගත්තම සමනළ ටැටූ එකකින් නිදහස තමයි මුලීකවම අර්ථ ගැන්වෙන්නේ.

මකර ටැටූ (Dragon Tattoo) -





මකර ටැටූ එක නම් ලංකාවේ පච්ච කලාවට එන්නේ විදේශ රටවල ආභාෂයෙන්. මොකද මකර ටැටූ එක ජනප්‍රිය වෙන්නේ චීනය, ජපානය වැනි සංස්කෘතිවල. මේ ටැටූ එක වඩාත් ජනප්‍රිය වෙන්නේ පිරිමි පාර්ශ්වය අතරයි. මේ ටැටූ එකේ විශේෂත්වය වෙන්නේ සංකේත රැසක් එකතු කරලා තමයි මේ ටැටූ එක ගහන්නේ. පෞර්ෂත්වය, වීර්යය, ශක්ති සම්පන්න බව වැනි අර්ථයන් ප්‍රකාශ කිරීමට ජපන්, චීන සංස්කෘතිවල මකර ටැටූ එක ගහනවා. නමුත් අපේ රටේ ගොඩක් දෙනෙක් මකර ටැටූ එක ගහන්නේ ආකාර්ශණීය බවක් ලස්සනක් ලබා ගන්න. විශේෂයෙන්ම ෆැෂන් එකක් විදිහට තමයි මකර ටැටූ එක ලංකාවේ ගොඩක් දෙනෙක් භාවිත කරන්නේ.

රෝසමල් ටැටූ (Rose Tattoo) -









කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය ටැටූ එකක් තමයි රෝසමල් ටැටූ එක කියන්නේ. ඔයා දන්නවානේ ඕනෑම මල් වර්ගයකින් පිවිතුරු බව කියැවෙනවා කියලා. ඉතිං රෝසමල් ටැටූ එකකින් කියැවෙන්නේත් මේ වගේ අදහසක්. ලස්සනට හා ආකාර්ෂණයට වගේම පිවිතුරු හා ආදරණීය බව, සෙනෙහස වැනි හැඟීම් තමයි මෙවැනි ටැටූ එකකින් ප්‍රකාශ කරන්නේ.

හිස් කබල් ටැටූ (Skull Tattoo) -





ඔයාට හිස්කබලක් කිව්ව සැණින් එසැණින් ඔයාට මතක් වෙන්නේ මොකක්ද? මියගිය කෙනෙක් එහෙමත් නැති නම් භූමදානය කරපු මළ සිරුරක ශේෂ වුණු කොටස් නේද? ඔන්න ඉතිං මිය ගිය කෙනෙක්ගේ මළසිරුරේ ඇටකටූවලට භය නොවෙන අයත් අපි අතරේ ඕනෑතරම් ඉන්නවා. හිස් කබල රූපයක් ටැටූ එකක් විදිහට සිරුරේ ගහලා තියෙනවා නම් කියැවෙන්නේ ඒ අදාල කෙනා මරණය අපේක්ෂාවෙන් මරණයට බය නැතුව බලාගෙන ඉන්නවා කියන අදහස. පිළිකුල් බව කලකිරීම නිර්භීත බව පෙන්නුම් කිරීමටත් හිස්කබල ටැටූ ගහනවා. විශේෂයෙන්ම හිස්කබල ටැටූ එක ගොඩක් සංස්කෘතින්වල භාවිත කරන්නේ නිර්භීත බව පෙන්නුම් කිරීම සඳහා. ඒ වගේම තවත් ගොඩක් අය මේ හිස් කබල රූපය එක්ක තවත් බොහෝ සංකේත ඇතුළත් කරනවා. කුරුසය, මල් වර්ග වැනි සංකේත එකතු කරලා ටැටූ එකක් ගැහුමව එයින් කියැවෙන අර්ථය එකිනෙකට වෙනස්. කතෝලික බැතිමතුන්ට අනුව මරණයෙන් පසුව ලැබිය හැකි උතුම්ම සැපත තමයි ස්වර්ගය. කුරුසය සහ මල් වර්ග හිස්කබල එකක් මුහු වුණාම කියැවෙන්නේ මරණින් මතු ස්වර්ගයක් අපෙක්ෂා කරන බවයි. ඉතිං ඕනෑම කෙනෙක්ට පුළුවන් තමන් කැමති සංකේතයක් භාවිත කරලා මේ ටැටූ එක ගහන්න.

ඩ්‍රීම් කැචර් (Dream Catcher Tattoo) -







කාන්තාවන් අතරේ ඉතාමත් ජනප්‍රිය වගේම ආකාර්ෂණීයම ටැටූ වර්ගයක් තමයි ෘඩ්‍රීම් කැචර් කියන්නේ. මේ ටැටූ එකේ විශේෂත්වය වෙන්නේ පිහාටු කිහිපයක් එකතු කරලා ටැටූ එක නිර්මාණය කිරීමයි. ඉතිං තමන්ට කැමති ආකාරයට වර්ණ භාවිත කළ හැකියි මේ වගේ ටැටූ එකකට. මෙවැනි ටැටූ එකක් කාන්තාවක් ගහලා තියෙනවා නම් එයින් ප්‍රකාශ වෙන්නේ මේ ටැටූ එක ගහලා තියෙන කෙනා නිදහස අපේක්ෂාවෙන් සිටින බව. ඇයගේ ජිවිතයට නිදහස අත්‍යාවශ්‍ය බව තමයි මෙයින් කියැවෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ යම් යුවතියක් නිදහස් නොවු පරිසරයකට කොටු වෙලා ජීවත් වෙනවා කියලා. එවැනි කෙනෙක් නිදහස අපේක්ෂා කරනවා නම් ඉතිං මේ වගේ වේලාවට Dream Catcher ටැටූ එකක් ගහන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මෙවැනි ටැටූ එකකින් ආශාවන්, සිහින වැනි හැඟීම් ඇති කරන්නත් මෙවැනි ටැටූ එකක් භාවිත කරනවා.

කුරුස ටැටූ (Cross tattoo) -







කුරුස ටැටූ එකත් ගොඩක් දෙනෙක් අතරේ ඉතාමත් ජනප්‍රියයි. විශේෂයෙන්ම කතෝලික ජනතාව මේ ටැටූ එක ගහනවා. මෙවැනි ටැටූ එකකින් අර්ථවත් වෙන්නේ ආගමික භක්තිය, ස්වර්ගය හා දිව්‍ය ආත්මය වැනි දේවල්. මේ ටැටූ එක ගහන ස්ථානය අනුව එහි අර්ථය වෙනස් වෙන බව ටැටූ ශිල්පීන් පවසනවා. විශේෂයෙන් මේ වගේම ටැටූ එකක් කෙනෙක් පපුවේ ගහනවා නම් ආදළ ඒ පුද්ගලයා දැඩි ආගමික භක්තිකයෙක් බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම කතෝලික ආගමික සම්ප්‍රදායන් රැසක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආගමික ලංජනය වන කුරුසය විවිධ හැඩයන්ගෙන් වෙනස් වෙනවා. මේ නිසා කුරුස ටැටූ එක විවිධ ආකරයෙන් භාවිත කරනවා.

නැංගුරම් ටැටූ (Anchor Tattoo) -







නැංගුරම් නැටූ එක වඩාත් ජනප්‍රිය වෙන්නේ පිරිම් පාර්ශ්වය අතරේ. මුහුද එක්ක ගණදෙනු කරන පිරිස මේ ටැටූ එක වැඩියෙන් භාවිත කරනවා. නැංගුරම් ටැටූ එකක් කෙනෙක් ගහනවා එයින් කියවෙන අර්ථය වෙන්නේ ඒ පුද්ගලා දැඩි ආත්ම ශක්තියෙන් යුතු පුද්ගලයෙක් බවයි. ඊට අමතරව ධෛර්ය සම්පන්න බව, සෘජු බව, නොසැලෙන සුළු විශ්වාසය ආත්ම ශක්තිය වැනි අදහස් තමයි මේ ටැටූ එකෙන් කියැවෙන්නේ.

මෞරි ටැටූ (Moure tattoo)



මෞරි ටැටූ එක ආරම්භ වෙන්නේ පොලිනීසියම් සංස්කෘතියෙන්. පොලිනීසියම් සංස්කෘතියේ ජීවත් වුණු ගෝත්‍රික ජනතාව ආරක්ෂාව, හඳුනා ගැනීම හා තේජවන්ත බවට තමයි ටැටූ ගහන්න පටන් ගන්නේ. මේ ටැටූ එකේ දක්නට ලැබෙන විශේෂත්වය වෙන්නේ සංකේත රැසක් එකතු කරලා තමයි ටැටූ එක ගහන්නේ. තෝමර හිස්, මෝර දත්, පොලිනීසියම් සංස්කෘතියේ සංකේත, විවිධ වෘත්තීන් හා බැදුණු උපකරණ මේ මෞරි ටැටූ එකට භාවිත කරනවා. මේ ටැටූ එක දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් අතරේ ජනප්‍රියයි. විවිධත්වයෙන් යුතු මේ ටැටූ එකට විවිධ වර්ණ භාවිත කරන අතර ලංකාවේ මේ ටැටූ ඔයා ගැහුවොත් එයින් අර්ථ ගැන්වෙන්නේ ශරීර ශක්තිය, වීර්යය, වැනි දේවල්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1058 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:56 AM
Script:/article/1058/know-the-meaning-of-your-tattoo.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:56 AM
Script:/article/1058/know-the-meaning-of-your-tattoo.html