ස්ට්‍රෙච් මාක්ස් වලට ස්වභාවික විසඳුම මෙන්න

October 5, 2019
8,921
Here is the natural solution for stretch marks
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්නේ ගර්භණී කාලයේදී කියලයි. හැබැයි අපි මහත් උනොත් හරි කෙට්ටු උනොත් හරි අපේ ඇගේ ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙනවා. ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්නේ බඩ ප්‍රදේශයේ විතරක් නෙමේ. අත් වල, කලවා ප්‍රදේශයේ හා තට්ටම් වලත් ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙන්න පුළුවන්. ස්ට්‍රෙච් මාක්ස් වලට ගාන ක්‍රීම් වර්ග ඕනේ තරම් වෙළද පළේ තියෙනවා. හැබැයි මේ ක්‍රීම් ගොඩක් මිලෙන් අධිකයි. ඒත් එක්කම අපි බලාපොරොත්තු වන ප්‍රථිපල මේ ආලේපන වලින් ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට ගොඩක් දෙනෙක් දන්නේ නැති, ඔයාලගේ ගෙදර කුස්සියෙන් හොයා ගන්න පුළුවන් ස්වාභාවික දේවල් වලින් ස්ට්‍රෙච් මාක්ස් අඩු කරන්න හැටි කියලා දෙනවා. ඔයත් ඉන්නේ ස්ට්‍රෙච් මාක්ස් නැති කරගන්න නොඉවසිල්ලෙන් නම් මෙන්න මේ දේවල් ටික කරලා බලන්නකෝ.

ඔලිව් තෙල්

අපේ ශරීරය පෝෂණය කරන්න ඉතාමත් අවශ්‍ය වන විටමින් A, D හා E ඔලිව් තෙල් වල ඉතා හොඳින් අඩංගු වෙනවා. ඔලිව් තෙල් රත් කරලා ස්ට්‍රෙච් මාක්ස් තියන ප්‍රදේශයේ හැමදාම විනාඩි 30ක් විතර මසාජ් කලහම ස්ට්‍රෙච් මාක්ස් හරිම ලේසියෙන් අඩු කර ගන්න පුළුවන්. ඔලිව් තෙල් වලින් මසාජ් කරන කොට ලේ ගමනාගමනය හොඳින් සිද්ද වෙලා ස්ට්‍රෙච් මාක්ස් අඩු වෙනවා. වඩාත් හොඳ හා ඉක්මන් ප්‍රතිපල සඳහා ඔලිව් තෙල්, වතුර හා විනාකිරි සමඟ මිශ්‍ර කර නයිට් ක්‍රීම් (night cream) එකක් විදිහට ස්ට්‍රෙච් මාක්ස් තියන ප්‍රදේශයේ රාත්‍රී නින්දට පෙර අලේප කරන්න.

සුදු සීනි

සුදු සීනි වලට පුළුවන් අපේ සම සුමටව තියා ගන්න උදව් වෙන්න. සුදු සීනි හා දෙහි යුෂ හොඳින් දිය වෙනකන් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය හැමදාම නාන්න කලින් ස්ට්‍රෙච් මාක්ස් වල ගාලා විනාඩි 10ක් විතර හොඳින් අතුල්ලන්න. සති කීහිපයකට පස්සේ ඔයාටම දකින්න පුළුවන් සමේ ඇති වන වෙනස.

Potato ජුස්

අල තලපයක් විදිහට පාවිච්චි කරන්න කැමති නම් ඉස්සෙල්ලම අල ටික හොඳින් තම්බන්න. ඊට පස්සේ තම්බපු අල ටික ස්ට්‍රෙච් මාක්ස් තියන ප්‍රදේශයේ පැයක් විතර හොඳින් අතුල්ලලා මද රස්නේ වතුරෙන් හෝදලා දාන්න. ටික දවසක් යනකොට ස්ට්‍රෙච් මාක්ස් ටික ටික අඩු වෙලා යනවා ඔයාටම පෙනෙයි.

කෝපි සහ කෝමාරිකා

කෝපි කුඩු ස්වල්පයක් ගෙන එය හොඳින් උණු වතුරෙන් මිශ්‍ර කර ගන්න. එයට කෝමාරිකා මදය සුරා එක් කරන්න. එසේ සාදා ගත් මිශ්‍රණය ඔයාගේ ස්ට්‍රෙච් මාක්ස් මත ආලේප කර මිනිත්තු 20 ක් පමණ තබා සෝදා හරින්න. ඉන්පසු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න. දිනපතා මෙය කරද්දී ටිකෙන් ටික ස්ට්‍රෙච් මාක්ස් මැකී යන්න පටන් ගන්නවා.

බිත්තර සුදු මදය

බිත්තර සුදු මදයෙන් ස්වල්පයක් ගෙන ඔබේ උදරයේ ස්ට්‍රෙච් මාක්ස් මත ආලේප කර විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්න. මෙය ඔබේ සම මත ඇති ස්ට්‍රෙච් මාක්ස් මකා දමන්න උපකාරී වේවි.  

ලෙමන් යුෂ

ලෙමන් යුෂ වල ස්වභාවික බ්ලීචින් අඩංගු නිසා එය ඔබේ සමේ ඇති සලකුණු වල තද පාට නැති කරන්නට උදව් කරනවා. ඔයාගේ උදරයේ ස්ට්‍රෙච් මාක්ස් ලෙමන් යුෂ ගැල්වීමෙන් එහි තිබෙන අඳුරු පැහැය අඩු කර ගන්නට පුළුවන්.

ඉහත කියපු දේවල් වලට අමතරව ශරීරයේ තෙතමනය තියා ගන්න හොඳින් වතුර බොන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ස්ට්‍රෙච් මාක්ස් වලින් මිදෙන්න ඉතා පහසු හා මිල අඩු ක්‍රම කීපයක්. මේ දේවල් ටික භාවිතා කරලා බලන්නකෝ කොහොමද වෙනස කියලා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1409 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:09:45 PM
Script:/article/1409/here-is-the-natural-solution-for-stretch-marks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 8:09:45 PM
Script:/article/1409/here-is-the-natural-solution-for-stretch-marks.html