ගමනක් යන්න නම් මේ දේවල් සම්පුර්ණ කර ගන්න

September 3, 2018
12,270
Complete these to go ahead your journey
ජිවිතේ කියන්නෙත් ගමනක්. අපි අනිවාර්යෙන් ඒ ගමන යන්න ඕන. හැබැයි යන්නම් වාලේ නෙවෙයි. තේරුමක්, අරමුණක් ඇතිව. එහෙම නැති වුණොත් යන්න වෙන්නේ කතරගම නෙවෙයි නවතින්න වෙන්නෙ අතරමග. ඒක අසාර්ථක වුණොත් ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි. ඒ නිසා ජිවිත ගමන සාර්ථක කර ගන්න, සතුට රක ගන්න මෙන්න මේ කියන දේවල් ඔයාගේ ජීවිතේට එකතු කර ගන්න

ඔයාගේ සාර්ථකත්වයට බලපෑම් කරන ප්‍රධානම සාධකයක් තමයි පෞර්ෂත්වය කියන්නේ. අභ්‍යන්තර හා භාහිර පෞර්ෂත්වය කියන දෙකම ඔබ වර්ධනය කර ගත යුතුයි. ඔයාගේ ආකල්ප, අදහස්, සිතුම්, පැතුම්, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, අවබෝධය, නායකත්ව ලක්ෂණ, මතකය ආදී බොහෝ දේ අභ්‍යන්තර පෞර්ෂත්වයට බලපානවා. ඒ වගේම අඳින පළඳින විදිය, කතා කරන විදිය, හැසිරීම, ඇසුරු කරන අය, කොටින්ම කිව්වොත් ඔයා ඇවිදින විදියෙන් පවා ඔයාගේ භාහිර පෞර්ෂත්වය පෙන්නුම් කරනවා. ඔයාගේ පෞර්ෂත්වයට හානි වෙන දේවල් ඔයාගේ අරමුණු හා සාර්ථකත්වයට බාධාවක්.

ඔයාගේ ගමන යා යුත්තේමොන දිශාවටද කියන එක ඔබ කල් තියාම සැලසුම් කල යුතුයි. ඔයාගේ ජිවිතයට ඉලක්කයක් තිබිය යුතුයි. ඉලක්ක තබා ගන්නවා වගේම තමාට ඒවා වෙලා ලඟා විය හැකියි කියන ආත්ම විශ්වාසය ඔයා තුල ඇති කර ගන්න. මොනතරම් අරමුණු තිබුනත් ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැති නම් වැඩක් නැහැ.

බැහැ කියලා පටන් ගත්තොත් ඉතින් බෑම තමයි. ඒ නිසා පටන් ගන්න දෙයක් පුළුවන් කියලා හිතලා පටන් ගන්න. ධනාත්මක ආකල්ප ඇති කර ගන්න. අපේ සාර්ථකත්වයට අප තුල තියෙන ආකල්ප වල ස්වභාවය අනිවාර්යෙන් බලපෑම් කරනවා. අරමුණු වලට ලඟා වීමට අවශ්‍ය කරන ධනාත්මක ආකල්ප වර්ධනය කර ගන්න. ඒ වගේම ඍණාත්මක අදහස් ඉවත් කරන්න. ඍණාත්මක අදහස් ඔයාව දුර්වල කරනවා.

කාල කළමනාකරණය කර ගන්න . මේක නම් අනිවාර්යම කාරණාවක්. එදා දවසේ පැවරෙන වැඩ කොටස සම්පුර්ණ කරන්න පුළුවන් විදියට වෙලාව කළමනාකරණය කර ගන්න. එහෙම නැති වුනොත් අද ඉතුරු වෙන වැඩ හෙටත් කරන්න වෙනවා. එතකොට හෙට වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා. දිගටම මෙහෙම වෙද්දී වැඩ ගොඩගැහිලා ඔයාව නිකන්ම වෙහෙසට පත් වෙනවා.

දවල් හීන දකින එක නවත්තන්න. හීන දැක්ක පලියට ඒවා සාර්ථක කර ගන්න බැහැනේ . ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒ නිසා හීන දකිනවා වගේම ඒවා හැබෑ කර ගන්නත් මහන්සි වෙන්න. නැත්තන් සැබෑ නොවුණු හින එක්ක හැමදාමත් දුකින් ඉන්න වෙනවා. බලාපොරොත්තු, අරමුණු අපි හිතන විදියට හැබෑ කර ගන්න බැරි වුනාම තමයි අපිට ජිවිතේ ගැන කලකිරීමක් ඇති වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1061 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:19 AM
Script:/article/1061/complete-these-to-go-ahead-your-journey.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:01:19 AM
Script:/article/1061/complete-these-to-go-ahead-your-journey.html