දරුවාගේ හදවත නීරෝගිව සහ ශක්තිමත්ව වර්ධනය සඳහා ගර්භනී අවධියේදි ඔබ ආහාරයට ගත යුතු සුපිරි ආහාර වර්ග 5ක්

August 8, 2021
15,504
5 super foods pregnant women should eat for baby’s strong & healthy heart
ගර්භනී අවධියේදි ඔබ ආහාරයට ගන්නා ආහාරපාන මගින් ඔබට අවශ්‍ය පෝෂණයට අමතරව කුසතුල සිටින දරුවාට අවශ්‍ය පෝෂණය ලබාදීම සිදුවනවා. විශේෂයෙන්ම ඔබගේ ආහාර මගින් දරුවාගේ හදවත නීරෝගීව සහ ශක්තිමත්ව වර්ධනය වන අතර එම අවධියේදි ඔබ විසින් විශේෂයෙන් ගත යුතු ආහාර වර්ග 5ක් පිළිබදව හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට ඉදිරිපත් කරනවා.

කුසතුල සිටින දරුවාගේ හෘදය වර්ධනය දුර්වල කරන ආහාරපාන
කුසතුල සිටින දරුවාගේ පෝෂණය ඔබගේ පෝෂණය සමග බැඳී පවතින අතර ඔබ ආහාරයට ගන්නා සෑමදෙයක්ම ඔබගේ දරුවාටද බලපානු ලබයි. දරුවාගේ හෘදය වර්ධනයට උපකාර වන ආහාර මෙන්ම එය දුර්වල කිරීමට සමත් ආහාරපාන ද ඇති බැවින් ගර්භනී අවධියේදි ඔබ අහාරයට/බීමට ගන්නා සෑම දෙයක් සම්බන්ධයෙන්ම සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා.. එසේ ඔබ ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු සහ අඩු කල යුතු ආහාරපාන පහත් දැක්වෙනවා.

1.දිනකට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්න. එය සෑමවිටම මිලිග්‍රෑම් 3000කට වඩා අඩුවිය යුතුයි.
2.සෑම විටම ආහාර වල ඇති කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය සෑමවිටම දිනකට මිලිග්‍රෑම් 3000ට අඩුවීම පිළිබද සැලකිලිමත් වීම වැදගත්.
3.ගර්භයේ සංවර්ධනය කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපෑම් එල්ල කරන රස කාරක මොනොසෝඩියම් ග්ලූමෙට් (monosodium glutamate) නැතිනම් එම්.එස්.ජී (MSG) අඩංගු ආහාර ගැනීමෙන් හැකිතාක් දුරට වළකින්න.
4.ඔබ කැෆේන් අඩංගු පාන වර්ග බීමට ප්‍රිය කරනවා නම් ගර්භනී අවධියේදි එය හැකිතාක් දුරට සීමා කිරීම වැදගත් වනවා.

දරුවාගේ හදවත නීරෝගිමත්ව සහ ශක්තිමත්ව වර්ධනය කිරීමට උපකාරී වන ආහාර

1. කොළ පැහැති එළවලු සහ පළා වර්ග
ගර්භනී කාලසීමාවේදි කොළ පැහැති එළවලු සහ පළා වර්ග ඔබගේ දෛනික ආහාරයට අනිවාර්‍යෙන් ආහාරයට එක්කර ගත යුතු වනවා.. එහි අන්තර්ගත පෝෂ්‍යපදාර්ථ මගින් ඔබටත් දරුවාටත් අවශ්‍ය ඛනිජ ලවන, විටමින්, තන්තු ඇතුලු සියලු පෝෂ්‍ය පදාර්ථයන් ලබා ගැනීමට හැකියි. මෙම එළවලු සහ පළාවර්ග අමුවෙන් හෝ පිසගෙන ආහාරයට එක්කර ගත හැකියි. නමුත් ඇතැම් ගර්භනී කාන්තාවන්ට විවිධ සෞඛ්‍ය හේතුන්මත අමුවෙන් එලවලු හෝ පලාවර්ග කෑමට ඉඩ නොදෙන බැවින් අමු එලවලු හෝ පලා වර්ග කෑමට ගැනීමට පෙර ඔබගේ වෛද්‍යවරයාගේ අදහස් විමසීම කල යුතුයි.

2.ආහාර වේලට කිරි අඩංගු ආහාර එක්කර ගත යුතුයි
ගර්භනී අවධියේදි ඔබගේ සෑම ආහාර වේලකටම කිරි, යෝගට්, චීස් හෝ වෙනත් කිරි මිශ්‍ර ආහාර ගැනීම මගින් ඔබටත් දරුවාටත් අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබාගත හැකි වනවා.. නමුත් සෑම විටම පාස්චරීකරණය කරන ලද කිරි පරිභෝජනයට ගැනීමට වගබලා ගත් යුතු වනවා.. ඇතැම් ගර්භනී කාන්තාවන්ට කිරි පානය කිරීමට නොහැකි නම් ඒ වෙනුවට ආමන්ඩ් හෝ කොකෝවා වැනි රසකාරකයක් යොදා ගත හැකියි. නැතිනම් වෛද්‍ය උපදෙස් මත වෙනත් විකල්පන කරා යොමුවිය හැකියි.

3.ඇට වර්ග ආහාරයට එක්කර ගන්න
ආමන්ඩ්, කජු, රටකජු, වොල්නට්, පිස්ටාචියෝ සහ වෙනත් ඇට වර්ග ආහාරයට එක්කර ගැනීමෙන් දරුවාගේ හදවත නීරෝගිමත්ව සහ ශක්තිමත්ව වර්ධනය කිරීමට අවශ්‍ය පෝෂනය ලබාගත හැකිවනවා.. ඒවා කෙලින්ම ආහාරයට ගැනීමට අකමැති නම් සලාද, පුඩිං, කේක් හෝ ඔබ කැමති වෙනත් ආහාර වලට එක්කර ගත හැකියි.. නැතිනම් ලුණු හෝ තෙල් ස්වල්පයක් එක්කර බැදගෙන හෝ බේක් කර ආහාරයට ගැනීමට පුලුවන්. ඒවා කෙටි ප්‍රමාණයන් දවස පුරා ආහාරයට ගන්න.

4.ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම
ප්‍රෝටීන් මවට මෙන්ම දරුවාටද අත්‍යවශ්‍ය පෝෂකයකි.. කුකුලුමස්, කළුකුම් මස්, මාලු වර්ග, පරිප්පු, බිත්තර, ඕට්ස්, කොටේජ් චීස්, බ්‍රොකෝලි වැනි ආහාර වර්ග දිනපතා වුවද ගැනීමට සුදුසු වන අතර එමගින් ඔබට හා දරුවාට අවශ්‍ය දෛනිකප්‍රෝටීන අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට ඔබට පුලුවන්කම ලැබෙනවා.

5.ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගැනීම
කවුපි, කඩල, මුං ඇට, ඕට්ස්, ඉරිගු, තිරිගු සහ සහල් ආහාරයට එක්කර ගැනීමෙන් දරුවාගේ හදවත නීරෝගිව වර්ධනයට අත්‍වශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ලබාගැනීමට හැකිවනවා. .නමුත් සෑමවිටම පිරිපහදු කල ධාන්‍ය වෙනුවට සම්පූර්ණ පෝෂණය සහිත ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමයි කල යුතු වන්නේ.. උදාහරන ලෙස ඔබ රතු සහල් ආහාරයට ගන්නා විට නිවුඩු සහිත සහල් ආහාරයට ගත යුතුයි.. රතු සහල්හි ඔබට අවශ්‍ය පෝෂණය එහි නිවුඩ්ඩ තුල වැඩිවශ‍යෙන් අන්තර්ගත වනවා. මෙම ධාන්‍ය වර්ග තම්බා හෝ පිටි කර පිට්ටු, රොටි,ඉදි ආප්ප,කේක් ආදි ඔබ කැමති පරිදි හෝ ආහාරයකට එක්කර ආහාරයට ගැනීමට ඔබට පුලුවන්කම තිබෙනවා..

ගර්භනී කාල සීමාව ඔබගේ ජීවිතයේ වැදගත්ම කාලයක්.. ඔබ සෑම විටම ඔබගේ කුසතුල සිටින දරුවා ගැන සිතා කටයුතු කරනවා.. එසේනම් ඉහත සඳහන් කල ආහාර ඔබටත් වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත හැකියි.. නමුත් ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය, තයිරොයිඩ් වැනි රෝගයකින් පෙලෙනවා නම් ගර්භනී සමයේ මුලදීම ඔබගේ වෛද්‍යවරයාගෙන් ඔබ ගත යුතු ආහාර සම්බන්ධයෙන් විමසා උපදෙස් ලබා ගැනීම වැදගත් බවත් මතක තබා ගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 2035 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:07:00 PM
Script:/article/2035/5-super-foods-pregnant-women-should-eat-for-baby-s-strong-healthy-heart.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:07:00 PM
Script:/article/2035/5-super-foods-pregnant-women-should-eat-for-baby-s-strong-healthy-heart.html