ලිංගිකව එක්වෙද්දී ඔබේ ස්වාමියා මේ ගැන සැලකිලිමත්ද?

March 12, 2017
72,871
Tips for a Healthy Sex Life
ඔබ ඔහුත් එක්ක ගත කරන ලිංගික ගිවිතය කොයි වගේද? විවාහපත් ඔබ ලිංගිකව එක් වන්නේ දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් වෙන්න පුළුවන්. කොහොම වුනත් යහපත් ශක්තිමත් ලිංගික ජිවිතයක් පවත්වාගන්න ඔහු අනිවාර්යයෙන් මේ දේවල් අනුගමනය කරන්නම ඕනේ.

ශරීර බර

නියමත ශරීර බර පවත්වා ගන්න එක පිරිමි අයට ගොඩාක් වැදගත්. මොකද නියමිත ශරීර බරකින් යුක්තයි කියන්නේ ශරීරය නිරෝගියි කියන එක. ශරීරය නිරෝගී කියන්නේ ඔහුගේ ශුක්රානු නිරෝගියි කියන එක. ස්ථුලතාවයෙන් පෙලෙන පිරිමින්ගේ ශුක්රානු නිපදවීමේ හැකියාව අඩුලු. දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ලිංගිකව එක් වෙනකොට මේ කාරණාව ගොඩාක් වැදගත්. ඉතින් ඔහුට උසට සරිලන බරක් තියෙනවද කියලා බලන්න.

දුම් පානය

දුම් පානය කරන එක ලිංගික කටයුතු වලට හරිම නරක විදිහට බලපානවා. ශුක්රානු වල ගණත්වය අඩු කිරීමට, එහි ගුණාත්මක බව අඩු කිරීමට වගේම ප්‍රජනක පද්ධතියම දුර්වල කරන්න දුම් පානය හේතු වෙනවා. ඉතින් හොඳ ලිංගික එක්වීමක් බලාපොරොත්තු වෙනවනම්, ඔහු දුම් බීමෙන් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ .

හොඳ නින්දක් ලබාගන්න

ඇඳ තියෙන්නේ sex වලටම විතරක්ම නෙමෙයි. ඉස්සෙල්ලාම හොඳින් නිදාගන්න ඇඳ පාවිච්චි කරන්න. එතකොට හොඳ ලිංගික ජිවිතයක් පවත්වාගන්න පුළුවන්. ශුක්රානු නිෂ්පානයට බලපාන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය හොඳින් ශ්‍රාවයවෙන්නේ පිරිමින් හොඳ නින්දක් ලැබුවහමලු. සාමාන්යයෙන් පැය 8ක විතර දවසකට නිදා ගන්න ඕනේ. ඊට වඩා අඩු පැය ගානක් නිදා ගනිද්දී ශුක්රානු නිෂ්පාදනය අඩු වෙනවලු.

දිනකට භාවිතා කරන කැෆෙන් ප්‍රමාණය අඩු කරන්න

සාමාන්යයෙන් දිනකට කැෆෙන් මිලිග්රෑම් 300 යකට වඩා වැඩියෙන් ගන්න එක නරකයි. ශක්තිමත් ලිංගික සම්බන්ධතාවයකට දෙන්නම භාවිත කරන කැෆෙන් ප්‍රමාණය අඩු කරන එක හොඳයි. විශේෂයෙන් ඔහු භාවිත කරන කැෆෙන් ප්‍රමාණය කොහොමින් හරි අඩු කරවන්න. සෝඩා සහ විවිධ පැණි බිම වල ශරීරයට අහිතකර මට්ටමින් කැෆෙන් අඩංගු වෙනවා.

එළවලු පලතුරු වලට වැඩි ඉඩක්

ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් ලිංගිකව එකතු වෙනවානම් සමබල ආහාර වේලක් ගන්න එක ඉතාමත් වැදගත්. ආහාර වේලට ගොඩාක් එළවලු සහ පලතුරු එකතු කරගන්න එක ගොඩාක් හොඳයි. විටමින, ඛනිජ ලවන බහුල ආහාර වේලක් ඔහු ගන්න එක ගොඩාක් වැදගත්.

ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න

දවසකට ගොඩ වෙලාවක් ටීවී එක ඉස්සරහා ඉඳගෙන ඉන්න එක, ව්යායාම නොකරන එක ශුක්රානු නිෂ්පාදනය අඩු වෙන්න කෙලින්ම බලපානවා. සතියකට පැය 15ක් විතර ව්යායාම කරන එක නිරෝගී ලිංගික ජීවිතයකට හේතු වෙනවා.

ඇල්කොහොල් ප්‍රමාණය අඩු කරන්න

ඔහු භාවිතා කරන ඇල්කොහොල් ප්‍රමාණය අඩු වෙන තරමටම ලිංගික හෝමෝන හොඳින් ශ්‍රාවය වෙනවා. අක්මාවත් නිරෝගී වෙනවා. ඉතින් එයත් සැලකිලිමත් විය යුතු කරුණක්.

රුධිර පීඩනය සහ කොලොස්ටරෝල් මට්ටම

රුධිර ගත ලොකොස්ට්රෝල් සහ රුධිර සිනි මට්ටම පාලනය කර ගන්න එක අනිවාර්යයෙන් කල යුත්තක්. එතකොට යහපත්, නිරෝගී දරු සම්පතක් ඔබ ලබාගන්න පුළුවන් කම ලැබෙනවා.

සැහැල්ලු පැවතුම්

වැඩි ආතතියක් එක්ක ජිවත් වෙන එක අපි කාටත් පොදු දෙයක් මේ කාලයේදී. හැබැයි අපේ මනස සැහැල්ලු කරගන්න තරමටම අපේ ශරීරය නිරෝගී වෙනවා. ඉතින් යහපත් ලිංගික සෞඛ්යක් පවත්වාගන්නත් සැහැල්ලු මනස උපකාරී වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 117 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:22 AM
Script:/article/117/tips-for-a-healthy-sex-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:23 AM
Script:/article/117/tips-for-a-healthy-sex-life.html