බඩ හිස් වෙලා තියන වෙලාවට මෙම ආහාර 5 ආහාරයට ගන්න එපා

December 14, 2020
6,859
Don’t take these 5 food in empty stomach
වැරදි වෙලාවට කන්න ගියොත් සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් පවා ඔබට සිද්ධ වෙන්නේ අයහපතක්. හිස් බඩින් මේ වගේ ආහාර ගන්න එකෙන් වැළකිලා ඉන්න කියන දැනුම්වත් කිරීම අපි අද ඔබට කරන්නේ ඒ නිසායි. අපගේ ශාරීරික හා මානසික යහපැවැත්ම සඳහා හොඳ පෝෂණයක් කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්. ඒත් අපේ ජීවිත වල පවතින වේගවත් ස්වභාවය නිසාම ඒ වගේ වැදගත් ආහාර පුරුදු අනුගමනය කිරීම මඟ හැරෙනවා. විශේෂයෙන් හිස් බඩින් ඉන්නකොට කන්න බොන්න සුදුසු මොන වගේ ආහාර ද කියලාත් අපිට ඒ වෙලාවට අමතක වෙනවා.

විශේෂයෙන්ම උදේ ආහාරය කියන්නේ ගොඩක් වෙලාවට අපි හිස් බඩින්ම ටක් ටක් ගාලා ආහාර අරගන්න වෙලාවක්. ඒ නිසා උදේ ආහාර ගනිද්දී ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම සහ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ උපරිම ලෙස අවශෝෂණය කර ගැනීම සඳහා ඔබ ගන්නා ආහාර වලින් කොයි තරම් දුරට දායකත්වයක් ලැබෙනවා ද කියලා තේරුම් ගන්න. එහෙනම්, ඔබේ දැනුම්වත්භාවය වෙනුවෙන් හිස් බඩින් ඉද්දී කන්න හොඳ නැති ආහාර පහක් ගැන දැන් ඔබට කියන්නම්.

1. පළතුරු යුෂ
අපි බොහෝ දෙනෙකුට පලතුරු යුෂ/ෆෘට් ජූස් කියන්නේ එදිනෙදා බීමට ගැනෙන ප්‍රධාන පාන වර්ගයක්. ඒත් හිස් බඩින් පළතුරු යුෂ අග්න්‍යාශයට යනවා කියන්නේ උදරයට අමතර බරක් එකතු වීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද පලතුරු වල ෆ්‍රක්ටෝස් ස්වරූපයෙන් තියන සීනි ඔබේ අක්මාවට අහිතකර ලෙස බලපානවා.

ජූස් කියන්නේ සෞඛ්‍ය සම්පන්න තේරීමක් ලෙස පෙනුනට පර්යේෂණ වලට අනුව පලතුරු යුෂ බවට පත් කරනකොට එම යුෂ නිස්සාරක මගින් පළතුරේ තන්තු බහුල පල්ප් එකෙන් සහ පළතුරේ ලෙල්ලෙන් යුෂ වෙන් කරන නිසා සමහර සෞඛ්‍ය සම්පන්න තන්තු විනාශ වෙලා යනවා. බොන්න ගන්න පළතුරු ජූස් වල තන්තු නැති වුණාම නියම පලතුරු අනුභව කරවාට වඩා අපේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. ඒ නිසා දියවැඩියාව හෝ අධික කොලෙස්ටරෝල් වගේ ගැටළු ඇති අයට මේ ක්‍රමය අවාසිදායකයි.

2. ඇඹුල් පලතුරු
පේර සහ දොඩම් වගේ ඇඹුල් පලතුරු ඔබේ බඩවැල් වල අම්ල නිෂ්පාදනය වැඩි කරනවා. ඒ හරහා ගෑස්ට්‍රික් හා ආමාශයේ තුවාල ඇතිවීමේ අවදානම වැඩි කෙරෙනවා. ඒ වගේ පලතුරු වල තියන තන්තු හා ෆ්‍රක්ටෝස් අධික මාත්‍රාවක් හිස් බඩින් ඉද්දී ආහාරයට ගත්තොත් ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය මන්දගාමී වෙනවා.

3. කෝපි
ඔබේ ජිවිතයේ රසවත්ම පානයක් වෙන කෝපි ද හිස් බඩින් ඉද්දී පරිභෝජනය කරන්න එපා. හිස් බඩින් කෝපි බොද්දී ඒක බඩේ ආම්ලිකතාවයට හේතු වෙන්න පුලුවන්. ඒක ආහාර ජීර්ණ පද්ධතියේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය කිරීම උත්තේජනය කරන නිසා ඒක ඊළඟට හේතු වෙන්නේ ගැස්ට්‍රයිටිස් වලටයි.

4. යෝගට්
හිස් බඩින් ඉද්දී යෝගට් වගේ පැසුණු කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් යෝගට් වල ඇති ලැක්ටික් අම්ල බැක්ටීරියා නිසා ආමාශයේ ආම්ලික මට්ටම අධික වෙලා ක්‍රියාකාරීත්වය අකාර්යක්ෂම වෙනවා. ඒ විතරක් නෙමෙයි ආම්ලික මට්ටම අධික වුණාම ආමාශය විසින් උදරයේ ආම්ලිකතාවයට හේතු වෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවනවා.

5. සලාද
සලාද පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන අමු එළවළු දිවා ආහාරය සඳහා වඩා හොඳ තේරීමක් වෙන්න පුලුවන්. නමුත් අමු එළවළු සාමාන්‍යයෙන් තන්තු වලින් පිරීලායි තියෙන්නේ. ඒ නිසා හිස් බඩින් සලාද වර්ග ආහාරයට ගනිද්දී අමතර බරක් පැටවෙන්න පුලුවන්. ඒකෙන් බඩේ වාතය පිරීම සහ උදර වේදනාව ඇති කෙරෙනවා. නිදසුනක් විදිහට තක්කාලි වල ටැනික් අම්ලය අඩංගු වන අතර එය ආමාශයේදී ආමාශයික යුෂ සමග සම්බන්ධ වීමෙන් ඔබේ ආමාශය තුළ වේදනාවක් ඇති කරනවා.

ඔබ කන දේවල් ගැන විතරක් නෙමෙයි, ආහාර ගන්න ඕනේ වෙලාව ගැනත් ප්‍රවේශම් වීම වැදගත් වෙන්නේ මේ කාරණා නිසායි. ඒ නිසා ඔබ කැමතිම ප්‍රධාන ආහාර වේල් ගණනාවක් හිස් බඩින් ඉද්දී ආහාරයට හෝ පානයට ගැනීම හොඳම තේරීම නොවෙන්න පුලුවන්. ඒ වෙනුවට හිස් බඩින් ඉද්දී ඔබට පරිභෝජනය කරන්න පුළුවන් විවිධ විකල්ප ඕනේ තරම් තිබෙනවා. ඒවා එක්ක ඔබට යහපත් උදෑසන ආහාර පුරුද්දක් ඇති කරගන්නත් උපකාරී වෙනවා. ඒ අනුව කොමඩු වගේ පළතුරු, 90% ක් ජලය සහ අඩු කැලරි සහිත පෝෂ්‍යදායී කැඳ වර්ග, හිස් බඩින් ඉන්න වෙලාවට ආහාරයට ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1930 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:52:03 PM
Script:/article/1930/don-t-take-these-5-food-in-empty-stomach.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:52:04 PM
Script:/article/1930/don-t-take-these-5-food-in-empty-stomach.html