ඔයාගේ පවුලේ ගැටුම් ඇති කරන්න බලපාන හේතු 05 ක්

November 23, 2020
6,950
5 reasons that makes problems in your family
සතුට විනෝදය කියන්නේ ඔයාට මට වගේම අපි හැමෝගෙම ජීවිතයට අත්‍යාවශ්‍ය දෙයක්. ආදරය, සතුට, සෙනෙහස අඩුවක්, සීමාවක් නැතුව පිරිලා ඉතිරිලා ගිය තැන තමයි පවුල කියන්නේ. සැමියා, බිරිඳ, දුවා දරුවන් එක්ක ඔයාගේ පවුල ඇතුළේ පිරුණු ආදරය, රැකවරණය කිසිම තැනකින්, කිසිම කෙනෙකුගෙන් ඒ අයුරින්ම බලාපොරොත්තු වෙන්න බෑ. ගඟක් වුණත් එක දිගට ගලාගෙන යනකොට ලස්සන නෑ කියලා ඔයා හොඳින්ම දන්නවානේ. ගල්පර බාධක මත හැපී හැපී නැළවි නැළවි යනකොට තමයි ගංගාවක් වුණත් ලස්සන. බාධක, කම්කොටලු, හැල හැප්පීම් ආවත් ගංඟාවක් අතරමඟ නවතින්නේ නෑ කවදාවත්. පවුලක් ඇතුළේ තියෙන ආදරයත් හරියට මෙන්න මේ වගේ. ආදරය පිරිලා ඉතිරිලා තියෙන අවස්ථා වගේම ඇතැම් වේලාවට පුංචි පුංචි දේවල් නිසා සිත් රිදවීම්, රණ්ඩු සරුවල්, හිත් අමනාපකම් ඇති විය හැකියි. බිරිඳක් විදිහට, සැමියෙක් විදිහට, දරුවන් විදිහට ඔයා ඒ දිහා වෙනස්ම විදිහකට බැලුවොත් ඒකී සෑම සංසිද්ධියක්ම ඔයාගේ ජීවිතයේ මිහිරිතම අත්දැකීමක් කරගත හැකියි.

පවුලක් තුළ ඇති වන ගැටුම් මොනවද කියලා ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන වෙන්නේ නෑ. ඔයාගේ ගෙදරත් ඕනි තරම් පුංචි පුංචි ගැටුම්, හිත් අමනාපකම් ඇති වෙලා ඇති. කේන්තියෙන් අම්මට, තාත්තට, සහෝදරයෙක්ට එහෙමත් නැත්තම් බිරිඳට සැර කරන, බනින, හිත රිදවන, අවස්ථා අනන්තවත් ඇති. ඔයා කවදාවත් ආපස්සට හරිලා බැලුවේ නැති වුණොත් ඇයි මෙහෙම දෙයක් ඇති වුණේ කියලා ඔයාට හැමදාම වෙන්නේ රණ්ඩු වෙවී ඉන්න. අද හැඩකාරී අපි ඔයාට කියලා දෙනවා ඔයාගේ පවුලේ ගැටුම් ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධව. මේ කරුණු ගැන ඔයා හරියට අවධානය යොමු කළොත් ඔයාගේ පවුල ඇතුළේ තියෙන සතුට කවදාවත් නැති වෙලා නම් යන එකක් නෑ.

01. රැකියාවලට කොටු වෙලා
අද ජීවත් වෙන කාර්යබහුල වටපිටාව එක්ක සැමියා වගේම බිරිඳත් රැකියාවක් කරනවා. ඉතිං දවසේ වැඩිම කාලයක් ගෙවෙන්නේ ඔෆිස් එකේ. තමන්ගේ වැඩරාජකාරී එක්ක ඔයාලා දෙන්නම විඩාවට පත් වෙනවා. ඉතිං ඒ වෙහෙසකර පරිසරය ඇතුළේ ඔයාලට බැඳීම් සාර්ථකව පවත්වා ගන්න ටිකක් අසීරුයි. මොකද අදහස් හුවමාරු කරගන්න, ජීවිතය ගැන කතා කරන්න, ප්‍රශ්ණ ගැටළු ගැන කතා කරන්න ලැබෙන්නේ පුංචි කාලයක්. සමහරවිට ඒ පුංචි කාලයත් ඔයා මිඩංගු කරන්නේ ඔෆිස් එකේ වැඩවලට. මෙවැනි කාර්යබහුල පරිසරය තුළින් ඔයාට ඇති කරන ආතතිය, පීඩනය එක්ක ඔයා ඔයාගේ තරහව, කෙන්තිය තවත් කෙනෙක් පිටින් පිට කරන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔයාගේ යහපතට කියන දෙයක් වුණත් ඔයා දකින්නේ වැරදියට. ඉතිං පුංචි හිත් අමනාපකම් ඇති වෙලා ඒවා රංණ්ඩු සරුවල්වල් දක්වා ඒවා දුර දිග රැගෙන යනවා. ඉතිං ඔයාටත් නොදැනිම ඔයාගේ පුංචි පවුල ඇතුළේ දුක පිරිලා ඉතිරිලා ගිහිල්ලා. සල්ලි කියන්නේ ජීවිතය නෙමෙයි කියලා හැඩකාරී අපි ඔයාට කියන්නේ නෑ. මොකද අද සල්ලි නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඒත් මුදල් වලට වගේම ඔයාගේ පවුලේ සතුට, ආදරය, සෙනෙහස ගැනත් හිතන්න අමතක කරන්න එපා.

02. දුරකථනය ඔයාගේ සම්බන්ධවලට බාධා කරනවා
අද ගොඩක් දෙනෙක් ගෙවන්නේ තනි හුදෙකලා ජීවිත. ගෙදර 05 දෙනෙක් ඉන්නවා නම් එයින් බහුතරයකට ජංගම දුරකථන තියෙනවා. ඉතිං අද හැමෝම තම තමන්ගේ ලෝකවල අතරමං වෙලා. සියළු සම්බන්ධතා දුරස් කරලා අන්තර්ජාලය හරහා නව සම්බන්ධතාවලට ගොඩක් දෙනෙක් සමීප වෙලා. ඉතිං මේ හුදෙකලා බව නිසා පවුල තුළ තියෙන පුංචි සතුටත් නැති වෙලා යන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මොකද ගෙදර දෙමාපියන් හා දරුවන් අතර වගේම සැමියා සහ බිරිඳ අතර තියෙන සමීප සම්බන්ධතා මේ ජංගම දුරකථන විසින් ඈත් කරන්නේ ඔයාටත් නොදැනීම. ඒ විතරක් නෙමෙයි තාක්ෂණය එක්ක ඉස්සරට යන එක හොඳ දෙයක් වුණත් එහි ඇබ්බැහි පුද්ගලයෙකු වෙන්න එපා කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.

03. නැන්දම්මා ලේලී ප්‍රශ්ණ
අද ගොඩක් පවුල්වල සතුට වගේම පවුලේ සාමකාමී බව නැති වෙන්න බලපාන තවත් කරුණක් තමයි නැන්දම්මා ලේලී ප්‍රශ්ණ. මේ ප්‍රශ්ණ නම් අද ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාට විවාහ වුණාට පස්සේ ජීවත් වෙන්න වෙන්නේ ඔයාගේ මහත්තයාගේ පවුලේ අය එක්ක කියලා. ඔන්න ඔතනින් තමයි නැන්දම්මා ලේලී ගැටුම පටන් ගන්නේ. අවසානයේ පුංචි පුංචි හිත් රිදවීම් නිසා ඔයාට විවාහ ජීවිතය වුණත් එපා විය හැකියි. හොඳම තේ තමයි විවාහ වුණාට පස්සේ තමන්ට පුළුවන් විදිහට තමන්ගේම කියලා ගෙදරක ජීවත් වෙන එක. නැන්දම්මා ලේලී ප්‍රශ්ණයක් ඇති වුණොත් ඇත්තටම එයින් ඔබ වගේම ඔයාගේ සැමියාත් අපහසුතාවට පත්විය හැකියි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇති වී එය ගැටළුවක් බවට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ වගේ වේලාවක ඔයාට කරන්න තියෙන හොඳම දේ වෙන්නේ ඉවසීම. ඉවසීම ප්‍රගුණ කළොත් ඔයාට මෙවැනි තත්ත්වයකදී ඇති විය හැකි බොහෝ ගැටළු මඟහරවා ගත හැකියි.

04. අනුකරණය කිරීම විනාශයට මුල
ඔයාගේ පවුලේ සතුට නැති වෙන්නේ ඔයා හිතන්නේවත් නැති දේවල් නිසා. අනුකරණය කිරීමත් ඒ වගේ කරුණක්. ගොඩක් වේලාවට අපි අපිට ලැබෙන දේවල්වලින් සෑහීමට පත් වෙනවා අඩුයි. තමන්ගේ වත්කමට සරිලන විදිහට ජීවත් නොවුණොත් ලොකු ගැටළුවක් තමයි ඔයාට ඇති වෙන්නේ. තමන්ගේ ගෙදරට එහා පැත්තේ ගෙදර කෙනා මොනයම් හෝ දෙයක් කළොත් ඔයාට ඊට වඩා වෙනස් දෙයක් තමයි කරන්න ඕන වෙන්නේ. ඉතිං මේ වගේ පුංචි දේවල් ඔයාගේ පවුලේ එදිනෙදා පැවැත්මට විශාල ගැටළුවක්. ඒ නිසා තවත් කෙනෙක්ව අනුකරණය කරන්න යන්න එපා. ඔබ ඔබ වෙන්න. එහෙම නොවුණොත් වෙන්නේ ඔයාගේ පවුල ඇතුළේ තියෙන සතුට විනාශ වෙලා යන එක.

05. අනවශ්‍ය සම්බන්ධතාවලින් ඈත් වෙන්න
ගොඩක් වේලාවට අද කාර්යබහුල සමාජයකට කොටු වෙලා නිසා සියළු සම්බන්ධතා විවිධ සීමාවන් ඇතුළේ කොටු වෙලා. ඉතිං එකිනෙකා හඳුනා නොගැනීම සහ එකිනෙකා අවබෝධ කර නොගැනීම තුළින් සිදු වෙන්නේ ඔයාගේ පවුල ඇතුළේ ගැටුම් නිර්මාණය වෙන එක. අද ගොඩක් ආදර කතා උසාවිවලින් තමයි අවසන් වෙන්නේ. ගොඩක් දික්කසාදවලට හේතුව වෙලා තියෙන්නේ අනියම් ප්‍රේම සම්බන්ධතා. මේ අනියම් සම්බන්ධතා කියන්නේම පවුලක විනාශය. ඔයාගේ බිරිඳ හෝ සහකරුවා අනියම් පෙම් පටලැවිල්ලක පැටලුණොත් ඒයට හේතුව මුලින්ම හොයලා බලන්න. ඇණකොටා මරා ගන්න එක පැත්තකින් තියලා ඔයා එවැනි තත්ත්වයක් ඇති වෙන්න හේතු හොයලා බලන්න. එයින් ඔයාගේ පවුලේ තියෙන ඇති විය හැකි දුරස් වීම් අඩුකරගත හැකියි. බැඳීමක් කඩලා දාන එක ලෙහෙසි පහසු වුණත් එයින් ඔයාගේ සමීපතයන්ට ඇතිවන සිත් තැවුල් මෙපමණයි කියලා කියන්න බෑ. ඒ නිසා තවත් වැරැද්දක් වෙන්න කලින් ඒ වැරැද්ද ඇති වුණේ ඇයිද කියලා හොයලා බලලා ඒ වැරද්ද නිවැරදි කරන්න කටුයතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1914 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:03:34 PM
Script:/article/1914/5-reasons-that-makes-problems-in-your-family.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:03:34 PM
Script:/article/1914/5-reasons-that-makes-problems-in-your-family.html