පාන් පුඩිම - Recipe

September 23, 2018
8,863
Bread Pudding Recipe
ගොඩක් අඩු වියදමෙන් වගේම අඩු කාලයකින් පිළියෙල කරගන්න පුළුවන් අතුරුපසක් තමයි පාන් පුඩිම කියන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රෙඞ් පුඩිම වශයෙන්ද, සිංහල භාෂාවෙන් පාන් පුඩිම වශයෙන්ද හදුන්වන මෙම අතුරුපස හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරි මිලි ලීටර්  100
සීනි ග්‍රෑම්  125
පාන් පෙති  04
බිත්තර  02
සාදික්කා කුඩු ස්වල්පයක්
වියළි මිදි ග්‍රෑම්  10

සාදන ක්‍රමය :

01. බිත්තරවලට කිරි, සීනී එකතු කර හොඳට බීට් කර ගන්න. පසුව සාදික්කා කුඩු ස්වල්පයද මිශ්‍රණයට එකතු කරන්න.

02. පාන් පෙති කිහිපය කැමති ආකාරයෙන් කපා කැමති පරිදි බේක් බෝල් (pyrex bowl) එක්ක පිළිවෙලට තබා ගන්න.

03. පසුව බීට් කරගත්ත කිරි මිශ්‍රනය (කස්ටඩ් එක) පේනේරයකින් පෙරළා, පාන් ටික අසුරා තිබෙන බෝල් එකට එකතු කරන්න. සෑම පාන් කෑල්ලකම කස්ටඩ් එකෙන් පෙගවීම අත්‍යාවශයි. පසුව වියළි මිදි ස්වල්පයක් පාන් පෙති උඩට එකතු කරන්න.

04. දැන් පාන් පුඩිම සකස් කරලා ඉවරයි. සුළු කාලයක් තමයි ඔබට වැය කරන්න වෙන්නේ. අවන් එකේ උෂ්ණත්වය 150 ට විතර විනාඩි 25 ක් පමණ බේක් කරගන්න ඕනි. විනාඩි 25 න් පසුව බේක් වේලාද කියලා බලන්න ටූත් පික් එකක් අරන් පුඩිම මැදට ගහලා අරන් බලන්න කස්ටඩ් ටූත් පික් එකේ ඇලෙනවද කියලා. එහෙම ඇලෙන ගතියක් තැත්නම් දැන් ඔයාට පාන් පුඩිම ආහාරයට එකතු කරගන්න පුළුවන්.

05. පැණි, අයිස් ක්‍රීම්, චෙරි, කජු වැනි දෙයක් සමග පිළිගැන්වූවොත් තවත් රසවත් වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1087 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:11 AM
Script:/article/1087/bread-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:08:11 AM
Script:/article/1087/bread-pudding-recipe.html