නිවසට අළුත් එළියක් ගෙන එන්න මේ පොඩි පොඩි වෙනස් කම් කරන්න

December 3, 2021
6,388
Few ideas to bring light into your home
නත්තලත් අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවා.. ඒ නිසා නත්තලට නිවසට එන ඔබේ නැදෑ හිතමිතුරන් පිළිගන්න ඔබේ සිතෙත් බොහෝ බලාපොරොත්තු ඇති.. විශේෂයෙන් ඔබගේ නිවස සහ එහි අභ්‍යන්තරය මෙන්ම ඇතුළු කාමරවල ඒකාකාරි ස්වරූපය මගහැර වෙනසක් එක්කිරීමට ඔබට විවිධ දේ කල හැකියි..

එසේනම් මෙන්න ඔබගේ නිවසටත් අලුත් පැහැයක් ලබාගැනීමට ඔබට සිදුකල හැකි පහසු පියවර කිහිපයක්..

ඔබට මේ සති අන්තයේදීම ඒ සඳහා උත්සාහ කල හැකියි.

කලාත්මක දෑ එක්කරන්න








නිවස අභ්‍යන්තරය අලංකාර කිරීමට යොදාගත හැකි සාර්ථක උපායමාර්ගයක් ලෙස කලාත්මක භාවය එක්කිරීම හැදින්විය හැකියි. ඒ සඳහා ඔබට කලාත්මක රූප , කැටයම්, බිත්ති පින්තාරු ආදි දෑ සිදුකල හැකි අතර එමගින් විසිත්ත කාමරයේ හෝ කාමරයක පෙනුම සහ එළිය ඉහළ නංවනවා පමණක් නොව පිටතින් පැමිණ එය නරඹන්නකුගේ ආකර්ශනයද දිනාගනු ලබනවා.


සුදුසු ලෙස දර්පන භාවිතය








දර්පණ නැතහොත් කන්නාඩි මගින් ආලෝකය පරාවර්තනයය කරන අතර කුඩා ඉඩක් වුවද විශාල කර පෙන්විමට එමගින් හැකියාව ලැබෙනවා.. ඔබගේ නිවසේ එතරම් ආලෝකය නොලැබෙන කාමරයක ජනේලය හරහා දර්පණයක් තැබීමෙන් වැඩි ආලෝකයක් එක් ගත හැකියි.. විශේෂයෙන් නිවාස අලංකරණයේ දී බොහෝවිට දර්පණ භාවිතා කරනවා..


උපක්‍රමශිලි ලෙස බිත්ති වලට වර්ණ තෝරා ගන්න








ඕනෑම අවකාශයකට දීප්තිමත් පැහැයක් ලබාගැනීමට නම් ලා වර්ණ වෙත යොමුවිය යුතුයි.. විශේෂයෙන් නිවස අභ්‍යනතර බිත්ති පින්තාරු කිරීමේදි ඔබ වඩාත් උපක්‍රමශීලි විය යුතුයි. නිවස ආලෝකමත් කරගන්න බොහෝ දෙනා සුදු පැහැය තෝරා ගන්නා අතර, ඇතැමුන් ආලෝකය පරාවර්තනය වන තැන් වලට කහ, රතු පැහැයන් හෝ තැඹිලි වැනි උණුසුම් වර්ණයන් තෝරාගනු ලබනවා.

ඝන කර්ටන්ස් ඉවත් කරන්න






ඕනෑම අවකාශයකට අඳුරු පෙනුමක් ලැබීම ආලෝකය පැමිණෙන ස්ථාන අවහිර කිරීමෙන් සිදුවනවා. එමනිසා ඝන අඳුරු පැහැ තිර රෙදි වෙනුවට ලා පැහැති සැහැල්ලු රෙදි වලින් මසන ලද තිර රෙදි තෝරා ගැනීම සුදුසු වනවා.


දිලිසෙන සැරසිලි තබන්න








කාමරවල අඳුරුම මුල්ලෙන් දිලිසෙන පෙනුමක් සහිත විසිතුරු භාණ්ඩ තබන්න.. ඒවා මගින් ආලෝකය පරාවර්ථනය වීමෙන් කාමර වලට වැඩි දීප්තියක් ලැබෙවි.


ගස් කප්පාදු කරන්න






නිවසට ලැබෙන ආලෝකයට බාධා වන අයුරින් වැඩී ඇති ගස්වල අතු කපා මට්ටම් කිරීමෙන් වැඩි ආලෝකයක් නිවස අභ්‍යන්තරයට ලැබෙනු ඇත.


වීදුරු ගෘහ භාණ්ඩ තෝරා ගන්න








ආලෝක පරාවර්තන පෘෂ්ඨ මගින් එලිය වැඩිකර පෙන්වන නිසා නිවස අභ්‍යන්තරයට වීදුරු ගෘහ උපකරණ තෝරාගන්න.


ජනෙල් පිරිසිදු කරන්න






ජනෙල් වීදුරු මත දූවිලි කුණු පැල්ලම් පහසුවෙන් බැඳෙන බැවින් එමගින් නිවසට ඇතුළුවන ආලෝකයට බාධා පැමිණේ.. එමනිසා සතියකට වරක් හෝ හොඳින් ජනේල, වීදුරු පිරිසිදු කරන්න.


ක්‍රිස්ටල් විදුලිපහන්




දර්පණ භාවිතාවෙන් මෙන්ම ක්‍රිස්ටල් විදුලි පහන් භාවිතාවෙන් ද ආලෝකය පරා පරාවර්තනය කර ගත් හැකියි.. ආලෝකය නොලැබෙන විසිත්ත කාමරය ආලෝකමත් කිරීමට ඔබට ක්‍රිස්ටල් විදුලි පහන් භාවිතා කරන්න පුළුවන්.


ලා පැහැති පොළොව මතුපිට








පොළව මතුපිට අඳුරු පැහැති ටයිල් හෝ ලී පොළොවවල් භාවිතාව මගින් වඩාත් අඳුරු පැහැයක් නිවසට ලැබෙනවා.. ඔබේ නිවස දීප්තිමත් කිරීමට අවශ්‍ය නම් ඔබ ලා පැහැති ටයිල් හෝ ලී තෝරා ගත යුතුයි.


බිත්ති අඩු කරන්න






විවෘත අවකාශයන් නිවසට වැඩි ඉඩක් ආලෝකයක් එක් කරනු ලබනවා.. එමනිසා ඔබට හැකි නම් ගැලපෙන ආකාරයට නිවසේ අනවශ්‍ය බිත්ති ඉවත් කර අවකාශයන් සකසා ගන්න.


පඩිපෙළ විවෘතව තබන්න




පඩිපෙළ බිත්තියක් මෙන් තිබීමෙන් වැඩි ඉඩක් සහ අඳුරු ස්වභාවයක් ගන්නා බැවින් පඩිපෙළ විවෘතව තබන්න.


ගෘහ භාණ්ඩ උපාය මාර්ගිකව තෝරාගන්න






නිවසක පෙනුම වැඩි කිරීමට ඒ සඳහා තෝරා ගන්නා ගෘහ භාණ්ඩ වලට හැකියාව තිබෙනවා.. එමනිසා සෑමවිටම නිවසේ විවිධ ස්ථාන සඳහා සුදුසු ආකාරයට ගෘහ භාණ්ඩ තෝරා ගන්න. විශේෂයෙන් නිවසට ආලෝකය ලැබෙන කවුළු ආවරණය වන ලෙස ගෘහ භාණ්ඩ තැබීමෙන් වළකින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2104 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/2104/few-ideas-to-bring-light-into-your-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:49 AM
Script:/article/2104/few-ideas-to-bring-light-into-your-home.html