හුමාලය මුහුණට ඇල්ලීමෙන් ලැබෙන වාසී ගැන ඇහුවොත් ඔයා පුදුමත් වෙයි

October 17, 2018
14,243
You’ll be surprised if you hear the benefits of steaming
කාන්තාවන්ට කොච්චර ලස්සනට ඉන්න ඕන වුණත් ලස්සන වෙනුවෙන් හරියටම කරන්න ඕන මොනවද කියලා දැන්නේ නැති තරම්. අද ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න හිතාගෙන කරන රූපලාවණ්‍ය සත්කාරවලින් නිසි ප්‍රතිඵල ලබා ගන්නේ නැහැ. අතේ තියෙන සල්ලි වියදම් කරලා ඔයා කොතරම් සත්කාර කළත් වැඩක් වෙන්නේ නැහැ ඔයාට ගැළපෙන රූපලාවණ්‍ය සත්කාරය තෝරා ගත්තේ නැති වුණොත්. හැඩකාරී අපි හැමදාම ඔයාට කියන්නේ රූපලාවණ්‍ය සත්කාර කිරීමේදී ඔයාගේ මුහුණේ තියෙන ලස්සන අවලස්සන වෙන විදිහේ රූපලාවණ්‍ය සත්කාර කිසිම වේලාවක කරන්න එපා කියලා. බොහෝ යුවතියන් අද රැල්ලට ලස්සන වෙන්න ගිහින් තමන්ගේ පෙනුම තිබුණටත් වැඩියෙන් අවලස්සන කර ගන්නවා. මුහුණේ පැහැපත් බව ආරක්ෂා කරගෙන හැමදාම ලස්සනට ඉන්නේ කොහොමද කියලා හැඩකාරී අපි ඔයාට කියලා දෙනවානේ. ඔන්න හැඩකාරී අදත් ඔයාට කියලා දෙනවා ලස්සනට ඉන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සරල සත්කාරයක් ගැන. මේ වෙනුවෙන් ඔයාට රුපියලක්වත් වියදම් වෙන්නේ නම් නැහැ. ඉතිං මුලින්ම මේ ලිපිය කියවලා බලන්නකෝ රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව හැඩකාරී අපි මේ කියන රූපලවණ්‍ය සත්කාරය කරනේ කෙහොමද කියලා.

හරියටම හුමාලය මුහුණට අල්ලන්නේ කොහොමද?

හුමාලය මුහුණට ඇල්ලීම මුහුණ ලස්සනට තියා ගන්න වටිනා සත්කාරයක් වුණත් ඔයා හුමාලය ඇල්ලීම හරිම පරිස්සමට තමයි කළ යුතු වෙන්නේ. මොකද පුංචි අත් වැරදීමකින් විශාල අනතුරක් සිදු විය හැකියි. එහෙම වුණොත් එයින් ඔයාට ඇතිවන අවලස්සන කෙදිනකවත් අකාමකා දමන්න හැකියාවක් නම් ලැබෙන්නේ නෑ. ඔයා උණුවතුර උණු කරලා භාජනයකට වෙන් කර ගත්තට පස්සේ හොඳට වාෂ්ප මුහුණට වැදෙන්න දෙන්න. විශේෂයෙන්ම මෙහිදි ඔයාගේ ඇස් ආවරණය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද උණුසුම ඇස්වලට එතරම් යහපත් නැහැ. ඉතිං ඔයා මේ විදිහට උණුවතුරට ලෙමන් බිංදු කිහිපයක් එකතු කර ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද ලෙමන්වල බ්ලිචින්ග් ගුණය තියෙනවා වගේම විෂබීජ නාශක ගුණයද හොඳින්ම තියෙනවා. ඒ නිසා ඔයාගේ මුහුණට ලෙමන් බිංදු කිහිපයක් එකතු කරගෙන හුමාලය ඇල්ලීම ඉතාමත් වැදගත්.

මුහුණ පිරිසිදු කර ගන්න

මුලින්ම හැඩකාරී අපි ඔයාට කිව්වා හුමාලය ඇල්ලීමෙන් ඔයාගේ මුහුණ ලස්සන කර ගන්න වටිනා සත්කාර කිහිපයක් කරන්න පුළුවන් කියලා. හුමාලය මුහුණට ඇල්ලීම මගින් මුහුණ පිරිසිදු කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඔයා දන්නවානේ මුහුණේ ගොඩක් ඉක්මනට කුණු, දුහුවිලි තැම්පත් වෙනවා. ඉතිං ඔයා සබන් ගාලා මුහුණ සේදුවට මේ කුණු දුහුවිලි හොඳින් ඉවත් වෙලා යන්නේ නැහැ. ඉතිං ඔයා මේ කියන විදිහට මුහුණට හුමාලය ඇල්ලුවොත් මුහුණේ සමේ තියෙන කුණු දුහුවිලි සියල්ල හොඳින් ඉවත් වෙලා ගිහින් මුහුණ පිරිසිදු වෙනවා. මුහුණේ සමට වාෂ්පය හොදින් ලැබෙන කොට සමේ සිදුරු හොඳට විවෘතව වෙනවා. අන්න එතකොට තමයි ඔයාගේ මුහුණේ සමේ තියෙන කුණු, දුහුවිලි ඉවත් වෙලා යන්නේ.

බ්ලැක්හෙඩ්ස්, වයිඩ්හෙඩ්ස් සහ කුරුළෑ ලප කැළැල් අඩු කර ගන්න

ගොඩක් වේලාවට ඔයාගේ මුහුණෙත් මේ කියන විදිහේ බ්ලැක්හෙඩ්ස්, වයිඩ්හෙඩ්ස්, කුරුළෑ ආදීය වැඩිපුර ඇති වෙන්නේ මුහුණේ කුණු දුහුවිලි ආදීය තැම්පත් වීම නිසා. ඉතිං හුමාලය ඔයාගේ මුහුණේ සමට හොඳින් ලැබෙනකොට කලින් කිව්වා වගේ සමේ වැහිලා තියෙන සිදුරු සියල්ල හොඳින් විවෘත වෙනවා. ඒ විතරක් නෙමෙයි සමේ තියෙන බ්ලැක්හෙඩ්ස් වයිඩ්හෙඩ්ස් ආදීයෙහි තද බව අඩු වෙලා සම ලිහිල් වෙන්න පටන් ගන්නවා. ඔයා දීර්ඝ කාලයක් මේ සත්කාරය කරනකොට මෙවැනි තත්ත්වයක් ඇති වීම සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි සම පිරිසිදුව තියෙන නිසාත්, කුණු දුහුවිලි රැදෙන්නේ අඩුවෙන් නිසාත් කුරුළෑ ආසාදයන් ඇති වෙන්නෙත් නෑ.

මුහුණේ සමේ වියළි බව අඩු කර ගන්න

ගොඩක් යුවතියන් කොතරම් රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගත්තත් මුහුණට කළ යුතු සත්කාර කිසිවක් නිසියාකාරව සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට මුහුණේ සමට ඩැමේජ් සිදු වෙලා ඇති. මේකප් දැමීම, වියළි කාලගුණය, තද අව් රශ්මියට නිරන්තරයෙන් විවෘතව සිටීම සහ ප්‍රමාණවත් පරිදි වතුර පානය නොකිරීම ආදී බොහෝ හේතු සාධක නිසා ඔයාගේ මුහුණේ සම වියළීමට පත් විය හැකියි බොහොම ඉක්මනට. ඔයා දන්නවානේ මුහුණේ සම වියළීමට ලක් වීමෙන් ඔයාගේ පෙනුමට අවලස්සනක් තමයි එකතු වෙන්නේ. ඒ නිසා මුහුණට තෙතමනය ලබා ගැනීම හරිම වැදගත්. ඔයාගේ මුහුණට වාෂ්පය එහෙමත් නැතිනම් හුමාලය ඇල්ලීම මගින් මුහුණට අවශ්‍ය ජලවාෂ්ප හොඳින් ලැබෙනවා. ඉතිං ඔයාගේ සමේ වියළි නම් ඒ වියළි බව අඩු කරගෙන තෙතමනය රදා පවත්වා ගන්න සතියකට එක වතාවක් පමණ හුමාලය ඇල්ලීම ප්‍රමාණවත්.

රූපලාවණ්‍ය සත්කාරවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි

ගොඩක් වෙලාවට ඔයා මුහුණට කිසියම් හෝ රූපලාවණ්‍ය සත්කාරයක් කරන්නේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ අදිහසින්නේ. ඉතිං ඔයාගේ මුහුණ වියළිලා ඇති තරම් මුහුණ ඩැමේජ් වෙලා තිබුණොත් ඔයා කිසිම සත්කාරයක් මුහුණට කළාට වැඩක් නම් වෙන්නේ නැහැ. රූපලාවණ්‍ය සත්කාරයකින් ලැබෙන ප්‍රතිඵල නිවැරදිව ඔයාගේ මුහුණට ලබා ගන්න නම් ඔයාගේ සම නිරෝගී තත්ත්වයේ තිබිය යුතුයි. හුමාලය ඔයාගේ මුහුණේ සමට නිසි ලෙස ලැබීමෙන් සමේ වියළි බව, ගොරෝසු බව අඩු කරලා සුමුදු බවක් සමට ලබා ගත හැකයි. එවිට ඔයා මුහුණට කරන ඕනෑම රූපලාවණ්‍ය සත්කාරයක, සාර්ථක ප්‍රතිඵල අඩුවක් නැතුවම ඔයාට ලබාගත හැකියි.

රුධිර සංසරණය වේගවත් වෙනවා

ඔයාගේ මුහුණේ සමට උණුසුම ලැබෙන විට රුධිර ගමනාගමනය හොඳින් සිදු වෙනවා. විශේෂයෙන්ම රුධිර නාල පළල් වී, රුධිර සැපයුම ඉතා හොඳින් සිදු වෙනකොට ඔයාගේ මුහුණේ සෛලවල ක්‍රියාකාරිත්වය හොඳින් සිදු වෙනවා. ඉතිං මේ නිසා ඔයාගේ මුහුණට පැහැපත් බවක් ලැබෙනවා. ඉතිං ඔයාගේ මුහුණටත් අඳුරු ස්වභාවයක් එකතු වෙලා නම් සතියකට දෙවතාවක් විතර වාෂ්ප (හුමාලය) මුහුණට අල්ලන්න. එයින් ඔයාගේ මුහුණේ සමට පැහැදිළි පෙනුමක් එකතු කර ගත හැකියි. ඒ වගේම ඔයාගේ මුහුණට ලැබෙන රුධිර ප්‍රමාණය ටිකක් වැඩි නිසා ඔයාගේ මුහුණේ සම නිරෝගීමත් වීමද සිදු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1124 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:48 AM
Script:/article/1124/you-ll-be-surprised-if-you-hear-the-benefits-of-steaming.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:46:48 AM
Script:/article/1124/you-ll-be-surprised-if-you-hear-the-benefits-of-steaming.html