පැහැදිලි සමක් ලබා ගැනීම සඳහා බිත්තර සුදු මදය කියන්නේ විශිෂ්ට රූපලාවන්‍ය ද්‍රව්‍යයක්. එය ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස්, තද බව, සිදුරු හැකිලීමට සහ මුහුණේ රෝම ඉවත් කිරීම සඳහා උපකාරී වෙනවා. සෑම නිවසකම මුළුතැන්ගෙයින් හොයාගන්න පුලුවන් මේ අමුද්‍රව්‍යයට ඔබේ සම වෙනුවෙන් ඒ වගේ අරුමපුදුම දේවල් කරන්න පුලුවන්. ඔබේ සමේ ගොඩක් ගැටළු ඵලදායී විදිහට ඉවත් කරන්නත් පුලුවන්. එහෙනම් සරල ක්‍රම කීපයකින් ඔබේ සමේ රූපලාවණ්‍යය වැඩි දියුණු කර ගැනීමට බිත්තර සුදු මදය යොදා ගන්නේ කොහොමද කියලා අද ඉගෙන ගන්න...
1 බ්ලැක් හෙඩ්ස් සහ මුහුණේ රෝම ඉවත් කිරීමට
නිවසේ ඉඳන්ම ස්වාභාවිකව ඔබේ මුහුණේ රෝම ඉවත් කරගන්නට බිත්තර සුදු මද කියන්නේ හොඳ විකල්පයක්. ඔබේ මුහුණ සැබවින්ම පැහැදිළි හා සිනිඳු වෙන විදිහට මේ ක්‍රමය හරහා බ්ලැක් හෙඩ්ස් පවා ඉවත් කරගන්න පුලුවන්. ඔබට අවශ්‍ය වෙන්නේ මේ සඳහා ටිශූ පේපර්ස් සහ බිත්තර එකක් හෝ දෙකක් පමණයි. ඒ මෙහෙමයි :
බිත්තර සුදු මදය කහ මදයෙන් වෙන් කරලා අරන් බඳුනකට දාන්න.
ටිශූ පේපර්ස් දිග තීරු වලට ඉරාගෙන පැත්තකින් තියන්න.
දැන් face mask brush applicator එකකින් සමඟ බිත්තර සුදු මදය ඔබේ මුහුණට ආලේප කරන්න.
ඉරා ගත්ත ටිශූ කැබලි සුදු මදයෙන් ආවරණය කළ මුහුණට තබන්න. එම ස්ථරයට උඩින් තවත් සුදු මදය ආලේප කරන්න.
මෙය ඔබේ ඇහි බැම සඳහා යෙදීමෙන් වළකින්න.
එම ස්ථරය වේළිලා ගියාට පස්සේ ප්‍රතිඵල බලා ගන්න ටිශූ තීරු ටික මුහුණින් ඉවත් කරන්න.
2 සිදුරු හැකිලීම
එක ලෙමන් ගෙඩියක සම්පූර්ණ යුෂ ටික සමග එක බිත්තරයකින් සුදු මදය සම්පූර්ණයෙන්ම අරගෙන ඒ දෙක හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය ඔබේ මුහුණට ආලේප කරන්න. වියළලා ගියාට පස්සේ එය වතුරෙන් සෝදා හරින්න. ඔබේ මුහුණේ සිදුරු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වෙලා කියලා ඔබට පෙනෙයි.
3 මුහුණේ සම එල්ලා වැටීම වැලැක්වීමට
ටිශූ පේපර්ස් දිග තීරු වලට ඉරා ගන්න. කලින් වගේම බ්‍රශ් එකකින් ඔබේ මුහුණට බිත්තර සුදු මදය ආලේප කරන්න. ඊට උඩින් ටිශූ තීරු තබන්න. ඊට පස්සේ එම ස්ථරයට උඩිනුත් නැවත සුදු මදය ආලේප කරන්න. ආලේපනය වියළීලා ගියාට පස්සේ එය ඉවත් කරන්න. ඔබට පැහැදිලි වෙනසක් පෙනෙයි.