කොණ්ඩේ යනවද? ගන්නම දෙයක් නැද්ද? බැරිම තැන අතෑරලා දාපු අයට හොඳ ආරංචියක්

April 26, 2018
17,049
Loosing hair? Here is the best solution
කොණ්ඩේ ගැන කතා කරොත් ගොඩක් දෙනෙක්ගෙන් එන්නේ එකම දුක්බර කියවිල්ල. කොණ්ඩේ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ. ඉවරයක් නැතුව ගැලවෙනවා, තඹ පාට වෙලා, කෙස් අග පැලිලා.. ගන්න දෙයක් නැහැ. මේක ඉතින් ගොඩාක් අයට තියෙන පොදු ප්‍රශ්නයක්. වෙන්න තියෙන ඔක්කොම වෙලා අන්තිමට කොණ්ඩ ගස් දහයක් වත් ඔලුවේ ඉතුරු වෙන්නේ නැහැ.

එහෙමයි කියලා අපේ අය නිකන්ම බලාගෙන ඉන්නෙත් නැහැනේ. කරන්න තියෙන හැම දේම කරලා තියෙන කොණ්ඩ ගස් කිහිපය හරි රැක ගන්න හරියට මහන්සි වෙනවා. එත් ඉතින් ඔය කිසිම දේකින් හිතන තරම් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? කොණ්ඩෙට සාත්තු සප්පායම් කරලා කරලා බැරිම තැන අතෑරලා දාපු අයට හොඳ විසඳුමක් තියෙනවා.

කෝමාරිකා කියන්නේ අපිට නැතුවම බැරි ඖෂධයක්. ඒ වගේම රුපලාවන්‍ය නිෂ්පාදන වලටත් යොදා ගන්න අංක එකේ රුපලාවන්‍ය අමු ද්‍රව්‍යක්. සමට වගේම හිස කෙස් වලටත් කෝමාරිකා කියන්නේ ඉතාමත් ප්‍රතිඵලදායක විසඳුමක්. හිස කෙස් සම්බන්ධ හැම ගැටලුවකට වගේම හිස කෙස් වර්ධනය කර ගන්නත් කෝමාරිකා උදවු කර ගන්න පුළුවන් කියලා අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. කෝමාරිකා භාවිතයෙන් හිසකෙස් වලට විවිධ වූ සත්කාර කරන්න පුළුවන්. ඒකට පොඩි ටිප්ස් ටිකක් තමයි මේ කියන්නේ. කම්මැලිකම නැතුව කරලා බලන්න අතෑරලා දාපු කොණ්ඩෙ වෙනසක් වෙයිද කියලා.

1. කෝමාරිකා එක්ක ඔලිව් තෙල්

සූරා ගත් කෝමාරිකා ජෙල් මේස හැඳි 3කට ඔලිව් තෙල් මේස හැඳි 1ක් එක් කර හොඳින් මිශ්‍ර කර හිස් කබලේ ආලේප කරන්න. විනාඩි විනාඩි 30ක් පමණ තියෙන්නට හැර හොඳින් සම්භාහනය කරන්න. තවත් විනාඩි 10ක් පමණ තියෙන්නට හැර හොඳින් සෝදා ඉවත් කරන්න. සතියට දින තුනක් බැගින් මාස තුනක් පමණ කිරීමෙන් සැබෑ වෙනසක් දකින්න පුළුවන් වෙයි.

2. එඬරු තෙල් සහ කෝමාරිකා

එඬරු තෙල් මේස හැඳි 2ක්
කෝමාරිකා ජෙල් මේස හැඳි 4ක්
උළුහාල් කුඩු මේස හැන්දක්

හොඳින් මිශ්‍ර කර හිස් කබලේ ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. විනාඩි 30කින් පමණ හොඳින් සෝදා ඉවත් කරන්න. කෝමාරිකා වගේම හිස කෙස් වලට ගුණ දෙන තවත් අමුද්‍රව්‍යක් තමයි උළුහාල් කියන්නේ. ඒ වගේම ඝන හිස කෙස් සඳහා එඬරු තෙල් ඉතාමත් යෝග්‍යයි. ඉතින් මේ ඔක්කොම එකතු කරලා කරන මේ සත්කාරයෙන් අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි.

3 ග්‍රීන් ටි සහ කෝමාරිකා

හානි වූ කෙස් කළඹ නැවත යතා තත්ත්වයට ගන්න කෝමාරිකා හා ග්‍රීන් ටි සංයෝගයෙන් කරන්න පුළුවන් සත්කාරයක් තමයි මේ. ග්‍රීන් ටී වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් හිසකෙස් වලට සිදු වන හානිය වලක්වා හිසකෙස් වර්ධනය කරනවා. ග්‍රීන් ටී කෝප්ප භාගයකට කෝමාරිකා යුෂ ඔප්ප භාගයක් මිශ්‍ර කර හොඳින් හිසේ ආලේප කරන්න. හොඳින් සම්භාහනය කර විනාඩි 30කින් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 793 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:37:36 PM
Script:/article/793/loosing-hair-here-is-the-best-solution.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:37:37 PM
Script:/article/793/loosing-hair-here-is-the-best-solution.html