ලස්සනට අඳුම් අඳින්න කැමති ඔයාට ස්කර්ට් වර්ග 05 ක් - (01 කොටස)

October 18, 2018
28,644
5 skirts for a skirt fan
ඇඳුම් විලාසිතාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන විලාසිතාවක්. ඇඳුම් අඳින එක කලාවක් කියලා අපි ඔයාට කිවොතින් ඔයා හැඩකාරී අපි එක්ක අනිවාර්යෙන්ම එකඟ වේවී. මොකද අද අපි අඳුමක් මිලදී ගන්නකොට අවධානය යොමු කරන වැදගත්ම කරුණ වෙන්නේ තමන් මිලදී ගන්න ඒ ඇඳුමෙන් කොච්චර නම් ලස්සනක් එකතු වෙනවාද කියන එක. ඉතිං හැමදාම වගේ අදත් හැඩකාරී අපි ඇඳුම් විලාසිතා කරන්න කැමති ඔයා වෙනුවෙන් තමයි අද මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. සමාන්‍යයෙන් ගැහැණු ළමයි ස්කර්ට් අඳිනවානේ. ඔයා දිනපතා ඔෆිස් යනකොට, සමාන්‍ය ගමනකට එහෙමත් නැතිනම් පාටියකට වුණත් ඔයාට ස්කර්ට් එකක් අඳින්න පුළුවන්. වැදගත්ම දේ වෙන්නේ මොකක්ද දන්නවාද? තැනට ගැළපෙන ස්කර්ට් තමයි ඔයා තෝරා ගත යුත්තේ. එහෙම නොවුණොත් ඔයා අපේක්ෂා කරන ලස්සන ඔයාට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං අද Hadakari අපි ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ. ඔයත් ස්කර්ට් අඳින්න කැමති යුවතියක් නම් දැන් ඔයාටත් පුළුවන් මෙවැනි ස්කර්ට් එකක් මිලදී ගන්න.

01. ඒ-ලයින් ස්කර්ට් (A-line Skirt)











ස්කර්ට් අඳින යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ස්කර්ට් එකක් තමයි A-Line ස්කර්ට් එක කියන්නේ. මේ ස්කර්ට් එක ප්‍රධාන වශයෙන් දෙවිදිහකට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ ඔයා කෙට්ටු කෙනෙක් නම් ෆ්ලෙයාර්ඩ් එක චුට්ටක් විතර තියලා මහලා තියෙන A-Line ස්කර්ට් එකක් තෝරා ගන්න. මොකද එතකොට ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු වෙලා පේනවා. මේ වගේ ස්කර්ට් එකකට ටී ෂර්ට් එක හෝ බ්ලවුසය යට කරලා ඇඳීමේ හැකියාව තියෙනවා. එයින් ඔයාගේ ඉණේ හැඩය ඉස්මතු වෙලා පේනවා. ඔයා ටිකක් සිරුරෙන් මහත කෙනෙක් නම් A-Line ස්කර්ට් එකේ ෆෙයාර් එක ටිකක් අඩු කරලා ඇඟටත් හිර නොවන විදිහට ලිහිල්ව තියෙන්න මහන්න පුළුවන්. ඉතිං මහත කෙනෙක් මේ වගේ ස්කර්ට් එකක් ඇන්දාම එයින් උකුළ සහ ඉණ ප්‍රදේශය හැඩවෙලා පේන්න පටන් ගන්නවා. A-Line ස්කර්ට් එකක් තරමක් දිගට වගේම කොටටත් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා.

02. බෙල් හැඩයේ ස්කර්ට් (Bell Shaped Skirt)











බෙල් හැඩයේ ස්කර්ට් එකත් අද යුවතියන් අතර ඉතාමත් ජනප්‍රිය ස්කර්ට් එකක්. ඔයා ටිකක් උසින් අඩු කෙට්ටු කෙනෙක් නම් මෙවැනි ස්කර්ට් එකක් හොඳින් ගැළපෙනවා. මොකද මේ ස්කර්ට් එක තරමක් දිගින් අඩුව තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. ඒ නිසා දිගින් අඩු මේ ස්කර්ට් එක උස අඩු කෙනෙක් ඇන්දොත් එයින් මිටි බව අඩු වෙලා පේන්න පටන් ගන්නවා. මේ ස්කර්ට් එකේ ෆෙයාර්ඩ් හැඩයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ නිසා මෙවැනි ස්කර්ට් එකකින් ඉණේ හැඩය හොඳින් ඉස්මතු වෙලා පේනවා. මෙවැනි ස්කර්ට් එකකට ඔයා ටී ෂර්ට් එක හෝ බ්ලවුස් එකක් යට කරලා අඳින්න. ඒ වගේම ස්කිනි එකක් ඇදලා ඊට උඩින් කෙට් කෝට් ජැකට් එකක් අඳින්නත් පුළුවන්. තරමක් හෝ අඩි උස සෙරෙප්පු දෙකක් දැම්මොතින් ඔයාගේ පෙනුම තවත් ලස්සනට පේන්න පටන් ගනිවී.

03. බෲම් ස්ටික් හැඩයේ ස්කර්ට් (Broomstick Skirt)











පසුගිය කාල වකවානුව තුළ අපේ රටේ යුවතියන් අතර වඩාත් ජනප්‍රිය වුණු ස්කර්ට් එකක් තමයි බෲම් ස්ටික් හැඩයේ ස්කර්ට් එක කියන්නේ. මේ ස්කර්ට් එක දිග සහ කෙටි ආදී වශයෙන් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ රැලි ස්වභාවයකින් යුක්ත වීමයි. ඔයා සිරුරෙන් තරමක් කෙට්ටු කෙනෙක් නම් මෙවැනි ස්කර්ට් එකක් වඩාත් හොඳින් ගැළපෙනවා. මොකද එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් අඩු කරලා පෙන්වනවා. ඉතිං ඔයත් ස්කර්ට්ස් අඳින්න ගොඩක් කැමති කෙනෙක් මේ වගේ ස්කර්ට් එකක් වඩාත් ලස්සනට දැන් අඳින්න පුළුවන්.

04. ඩෙනිම් ස්කර්ට් (Denim Skirt)













අපේ රටේ යුවතියන් අතර ජනප්‍රිය වුණු තවත් ජනප්‍රිය ස්කර්ට් එකක් තමයි ඩෙනිම් ස්කර්ට් එක කියන්නෙත්. ඉතිං දැන් ඕනෑම කෙනෙක්ට තමන්ගේ සිරුරේ හැඩයට අනුව මේ ඩෙනිම් ස්කර්ට් එක තෝරා ගැනිමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමයි ඔයා කැමති වර්ණයක් ඒ සඳහා තෝරා ගත හැකියි. ඩෙනිම් කලිසම් තරමටම ඩෙනිම් ස්කර්ට් එකත් අද ජනප්‍රියයි. ඉතිං ඔයාගේ උස මිටි බව එක්ක ගැළපෙන ඩෙනිම් ස්කර්ට් එකක් අඳින්න පුළුවන් හැකියාව තියෙනවා. අද ඩෙනිම් ස්කර්ට් එක විවිධ ආකාරයෙන් නිර්මාණශීලිව නිර්මාණය කරලා තියෙන නිසා ඉතාමත් ආකාර්ෂණිය බවක් මෙවැනි ස්කර්ට් එකකින් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා.

05. පෙන්සිල් කට් ස්කර්ට් (Pencil-Cut Skirt)











ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් දැනටමත් මේ වර්ගයේ ස්කර්ට්ස් ඔයා ළඟ කිහිපයක්ම ඇති. මෙවැනි ස්කර්ට් එකක් ඔයා සහභාගී වෙන ඕනෑම වැදගත් අවස්ථාවකට අඳින්න පුළුවන්. ඔයාගේ උස අනුව තෝරා ගැනීමේ හැකියාව තියෙන නිසා ඕනෑම කෙනෙක්ට කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි මෙවැනි ස්කර්ට් එකකින් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. ඉතිං ඔයාට ඉන්ටර්වීව් එකකට යනකොට හෝ වැදගත් මට්ටමේ අවස්ථාවකට සහභාගී වනවිට මෙවැනි ආකාරයේ ස්කර්ට් එකක් අඳින්න පුළුවන්. මෙවැනි ස්කර්ට් එකකට ෂර්ට් බ්ලවුසයක් ඔයාට යට කරලා අඳිනන් පුළුවන්. විෂෙයෙන්ම කොළර් සහිව හෝ රහිත බ්ලවුසයක් මෙවැනි ස්කර්ට් එකකට භාවිත කළ හැකියි. ඔයාට ඕන නම් කෙට් ජැකට් එකක් වුණත් මෙවැනි ස්කර්ට් එකකට අඳින්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1128 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:28:32 AM
Script:/article/1128/5-skirts-for-a-skirt-fan.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:28:32 AM
Script:/article/1128/5-skirts-for-a-skirt-fan.html