සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍යද.. එසේනම් මේ පියවර අනුගමනය කරන්න

November 9, 2021
24,654
Do you need a happy healthy child?
සෑම දෙමවුපියෙකුටම අවශ්‍ය වන්නේ තම දරුවා ප්‍රීතිමත් සහ නීරෝගිව වැඩෙනු දැකීමටයි.. නමුත් එය පහසු කටයුත්තක් නොවෙයි. දෙමවුපියන් ලෙස යම් යම් කරුණු පිළිබදව නිසි අවබෝධයකින් සිටීමත් දරුවා සමග යහපත් සබඳතාවයක් පවත්වා ගැනීමත් ඉතාමත් වැදගත් වනවා.

විශේෂයෙන් වර්ථමානයෙ දෙමවුපියන්ට දරුවන් සමග මනා සබඳතාවයක් පවත්වා ගැනීමට විවිධ වූ බාධාවන් පවතින අතර් ඒ අතරින් රැකියාව, ජංගම දුරකතනය, මිත්‍ර සබඳතා, රූපවාහිණී වැඩසටහන් ආදිය බලපා තිබෙනවා. නමුත් සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍ය නම් ඔබ අනිවාර්‍යෙන් පිළිපැදිය යුතු පියවර කිහිපයක් හැඩකාරි අපි ඔබවෙත ගෙන එනවා.

දරුවා සමග හැකි සෑමවිටම සම්බන්ධව සිටින්න


හැකි සෑමවිටම දරුවා සමග එක්ව සිටින්න.. ඔහු ප්‍රිය කරන ක්‍රීඩාවක, නර්ථනයක නියැලෙන්න.. එවිට දරුවාට තනිකමක්, අනාරක්ෂිතබවක් ඇති නොවන අතර ඔවුන්ගේ ළමාකාලය ප්‍රීතිමත්ව ගතවනවා. ඔබ දරුවා සමග ගතකරන කාලය ඔහුගේ හෝ ඇයගේ සිතෙහි ප්‍රීතිමත් මතකයක් ලෙස තැන්පත්වන අතර ඔවුන් වැඩිහිටි වියේදිත් එම මතක රසවිඳීවි.

කෘතවේදීත්වයට ගරුකරන්න


මේ මොහොතේදි ඔබ සතුවන හෝ ඔබට හිමිව ඇති දෑ පිළිබඳව සතුටු වන්න.. ඔබට කෑම, හිසට සෙවණක් හොඳ පවුලක් ලැබී තිබීම වැනි දෑ ගැන සෑමවිටම කෘතඥවන්න.. දරුවන් සෑමවිටම තම මව හෝ පියා අනුගමනය කිරීමටයි කැමති. එමනිසා ඔබගේ පවුල තුල නිවස තුල කෘතවේදී පරිසරයක් ගොඩනගා ගන්න. දයාව සහ බලාපොරොත්තුව ඇතිකිරීමට එය උපකාරි වනවා. ආරම්භයක් ලෙස ශීතකරණයේ දොරෙහි සෑම මසකම කෘතවේදී පුවරුවක් (gratefulness chart) අලවා තබන්න.. එහි කෘතඥතාවය දැක්විය යුතු අවස්ථාවල එය සටහන් කිරීමට හෝ ඇඳීමට පවුලේ සියල්ලන්ව දිරිගන්වන්න.. එවිට ඔබට දරුවා කුඩාකල සිටම එයට හුරුකරගත හැකිවනවා.

දරුවාට ඇසෙන සේ ගායනා කරන්න


දරුවන්ට මිහිරිම වන්නේ තම මවගේ හෝ පියාගේ කටහඬයි.. ඉවුන් එය දැඩිව ප්‍රියකරනවා. ඔබ සංගීතය මනාව හැදෑරුවේ නැතත් දරුවන් සමග ගීත මුමුණන්න ඔබට හැකියි නේද..? ඔබේ දරුවාගේ ප්‍රියතම ගීතය ගායනා කරන්න. එවිට දරුවාගේ මුහුණ ප්‍රීතියෙන් උතුරනවා ඔබට දැකගත හැකියි. ඔවුන් සහ ඔබ අතර සබැඳියාව වර්ධනය වේවි..

නිවස හැඩි වෙන දේවලුත් ඔවුන් සමඟ රසවිඳින්න


ගෙවල් දොරවල් අවුල් වෙන එක නම් අපට ටිකක් දරා ගන්න අමාරුයි. ඒත් තව අවුරුදු 10ක් ඉදිරියට හිතන්න... මේ අවුල් වෙන හැඩි වෙන දේවල් ඔවුන් සමඟ කරන්න බෑ.. ඉතින් අනුන් මොනා සිතයිද කියා සිත සිත කාලය නාස්ති කරගන්නවාට වඩා ඔවුන් සමඟ අද විනෝද වෙන්න. පස්සේ ඔවුන්වත් එකතු කරගෙන හිමින් අස් කරන්න.

ඔබගේ දින චර්යාවන්ට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්න


දරුවා මේ ලෝකයේ තමාට හිමි ස්ථානය සොයාගැනීමට වෙහෙස වෙමිනුයි සිටින්නේ.. එමනිසා සෑමවිටම දරුවාට ධනාත්මක ආභාශයක් ලබාදීමට දෙමවිපියන් ලෙස ඔබ උත්සාහ කල යුතුයි. දරුවා කරන හොඳ වැඩ සිනහවකින් හෝ අගය කරන්න.. අඩුපාඩු දුර්වලතා පැහැදිලි කරදෙන්න. දරුවාට විවෘතව නව දේවල් අත්හදා බැලීමට ඉඩ දීමත් සහය ලබාදීමත් ඔබ කල යුතුයි.. එවිට නිර්මාණශීලි දරුවකු බිහිකර ගත හැකියි.

දරුවා සමග එක්ව ලෝකය ගවේෂනය කරන්න


සෑම සතියකම දරුවා සමග අලුත් දෙයක් ඉගෙනීමට කාලය වෙන්කර ගන්න.. උදාහරණ‍යක් ලෙස අලුත් කෑමක්, නර්ථනයක් අත් හදා බැලීමට ඔබට හැකියි.. ඔබ මුහුණදෙන අභියෝග පිළිබඳව එහිදී දරුවා ඉගෙන ගන්නා අතර ජීවිතය ඉදිරියට යාමේදි බාධක හමුවන බවත් ඒවා ජයගත යුතු ආකාරයත් එවිට ඔවුන්ට වටහා ගත හැකියි. විශේෂයෙන් ජීවිතයේ ජයග්‍රහනයන්ම පමනක් නොව විවිධ වූ අභියෝග කම්කටළු ආදිය තිබෙන බවත් වඩාත් වැදගත් වන්නේ පවුලක් ලෙස නැතහොත් පුද්ගලයන් ලෙස ඒවාට සාර්ථකව මුහුණ දීම බවත් කුඩාකල සිටම දරුවා වටහා ගන්නා අතර එය සාර්ථක ඉදිරි ජීවිතයකට පදනමද දමාවි.

හැම දෙමපියෙක්ගේ අතින්ම අතපසු වීම් සිදුවන බව ඔබ තේරුම් ගන්න ඕනේ. වැදගත් වන්නේ ඒ වැරදි තේරුම් ගෙන වැරදි හදාගැනීමත් ඒවායින් පාඩමක් ඉගෙන ගැනීමත් වේ. අතපසු වීම් වීම කාගේ අතිනුත් සිදුවන බව දරුවනුත් එයින් වටහා ගනීවි. ඔබව ආදර්ශයට ගන්නා ඔවුන් ඒවා නිවැරදි කරගන්නත් ඉගෙන ගනීවි..
අතීතයේ සිරවී නොසිටීමට හෝ අනාගතය ගැන දැඩි ලෙස කනස්සල්ලෙන් සිටීමෙන් ඈත් වන්න.. අතීතයට ඔබට ආපසු යා නොහැකි අතර අනාගතය ගැනද අනාවැකි කිව නොහැකියි. ඉතින් වර්තමානයේ රැඳී ඔබේ පවුලේ අය සමඟ ගත කරන කාලය භුක්ති විඳින්න..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2088 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:46 AM
Script:/article/2088/do-you-need-a-happy-healthy-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:47 AM
Script:/article/2088/do-you-need-a-happy-healthy-child.html