අම්මිටයි දුවටයි ලස්සනට ගළපලා අඳින්න පුළුවන් ඇඳුම් විලාසිතා මෙන්න!

June 30, 2020
10,490
Outfits for mother and daughter
වර්තමානයේදී මව සහ දියණිය එකම විදිහේ ඇඳුමකින් සැරසෙන විලාසිතාව අනෙක් හැමෝම අතරින් කැපිලා පෙනෙනවා විතරක් නෙමෙයි, චාම් සුන්දර පෙනුමක් ද ඔබට ලබා දෙනවා. මෙය 60 දශකයේ විශාල ප්‍රවණතාවක් වූ අතර එය නැවතත් ලෝකය පුරා ජනප්‍රිය විලාසිතා ප්‍රවණතාවයක් වෙමින් පවතිනවා. ඒ විලාසිතාව ඔයාට බබා එක්ක උත්සහ කරලා බලන්න ආස නම් ඔයාගේ හිතේ පැන නගින ඒ සිතුවිල්ල යටපත් කර නොගෙන ලස්සනට සැරසෙන්න හොඳ අදහස් ටිකක් අපි අද කියන්නම්. ඒ වගේම ඔයාගේ ඉන්ස්ටග්‍රෑම් එකට සුදුසු ෆොටෝෂූට් එකක් හෝ ඔයාගේ දියණියට ඇති ආදරය පෙන්වන ෆොටෝෂූට් එකක් අවශ්‍ය නම් ඒකටත් මේ ලිපිය වැදගත් වෙයි. අම්මලා සහ දුවලා ලස්සනට අඳින්න පළඳින්නේ කොහොමද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ.

ඉරි සහිත ඇඳුමකින් සිරුරේ හැඩය ඉස්මතු කරලා පෙන්වනවා. මෙය ඕනෑම වයස් කාණ්ඩයක ළමයින් සමඟ හොඳින් ගැලපෙ​න සුවපහසු ඇඳුමක්. හුරුබුහුටි හා සරල ටී-ෂර්ට් සමග ලෙගින්ස් කියන්​නේ ඔබේ පෙනුම ආකර්ෂ​ණයට පත් කර ගන්න අඳින්න පුළුවන් විලාසිතාවක්. ඒ වගේම සමාන වර්ණ ඇඳුම් වලට ස්නීකර්ස් සපත්තු පැළඳීමෙනුත් හොඳ සැහැල්ලු පෙනුමක් ලබා ගන්න පුළුවන්.











මෙම ඇඳුම් කට්ටලය ඉතා අලංකාරයි. ඔයාට දියණිය සමඟ මේ වගේ අඳින්න අදහසක් හිතනවා නම් සිත් ඇදගන්නා සුළු මල් වැටුණු හෝ සියුම් ලේස් වලින් ආවරණය කර ඇති ඇඳුමක් තෝරන්න. ඒ වගේම හුරුබුහුටි jumpsuit එකක් අඳින්න උත්සාහ කරන්​නේ නැත්තේ ඇයි? 













ඔයාගේ ලස්සන පවුල සමඟ විශිෂ්ට ඡායාරූප කිහිපයක් අරගෙන මෙම ගැලපෙන විධිමත් ඇඳුම් වලින් සැරසිලා හැමෝගෙම ඇස් තමන් වෙත යොමු කරගන්​න. රතු, කහ හෝ නිල් වගේ වර්ණ වලින් ඔයාව කැපී පෙනෙද්දී නම් අපූරුයි. සියුම් නිමාවක් සඳහා ස්වර්ණාභරණ කිහිපයක් එක් කරන්න.







එකම විදිහට ඇඳුම් අඳිමින් ඔබේ කුඩා පවුල කෙරෙහි ඔබේ ආදරය පෙන්වන්න. මෙමගින් ඔයාගේ පෞද්ගලික විලාසිතා ශෛලිය පෙන්වීමට සහ දියණියගේ අලංකාර හුරුබුහුටි පෙනුම පෙන්වීමට ගැළපෙනවා. ලේස් සහ මල් සහිත දිග ගවුමක් තෝරා ගන්න ඔබට පුළුවන්. එහෙම නැත්නම් ෂර්ට් විලාසිතාවේ ගවුමකුත් ඉතා කදිමයි!










Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1673 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:52:52 AM
Script:/article/1673/outfits-for-mother-and-daughter.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:52:53 AM
Script:/article/1673/outfits-for-mother-and-daughter.html