පැරසිටමෝල් පෙති බොන එක සෞඛ්‍යයට අහිතකර වෙන්නේ කොහොමද?

October 24, 2018
6,228
How does paracetamol effects your health
උණක්, හෙම්බිරිස්සාවක් හෝ කෙටි හිසරදයක් හැදුණු ගමන් අපිට තියෙන එකම ක්ෂණික විසදුමක් තමයි පැරසිටමෝල් පෙති දෙකක් බීලා වේදනාව මදක් සමනය කර ගන්න එක. ගොඩක් දෙනෙක් හිතන්නේ පැරසිටමෝල් පෙති දෙකක් බීමෙන් සියලු රෝගී තත්ත්වයන් සමනය කර ගන්න පුළුවන් කියලා. මදකට හෝ ඔබේ වේදනාව සමනය වුණත්, ඔබ දන්නවාද දෛනිකව විවිධ රෝගී තත්ත්වයන් සඳහා පැරසිටමෝල් පෙති භාවීත කිරීම මාරයාට අත වැනීමක් බව. ශරීරයට පැරසිටමෝල් පෙති ගැනීම අහිතකර වෙන්නේ කොහොමද කියලා මේ ලිපිය කියවලා බලමු.

අපේ ශරීරයේ වැදගත්ම අවයව වලින් එකක් තමයි අක්මාව කියන්නේ. අප ගන්නා සියලුම ආකාරයේ මේදයේ දියවන ඖෂධ අක්මාවේදී කැඩීමකට ලක් වී ජලයේ දියවන සංඝටක බවට පත් වෙනවා. අනතුරුව ඒවා මුත්‍රා මාර්ගයෙන්ද, පිත සමගින් බඩවැල්වලට ගොස් අසූචි මාර්ගයෙන් පිට වෙනවා. මෙම ක්‍රියාවලිය අක්මාවේදී සිදුවන දෙයක්.

ඔබ ගන්නා ඖෂධ ප්‍රමාණය වැඩි වෙනකොට අක්මාවට සිදුවන හානීය ද වැඩියි. සමහර ඖෂධ වර්ග අක්මාවට හානිකරන අතර ඇතැම් ඖෂධ වැඩිපුර ගැනීමෙන් පමණක් අක්මාවට හානීකර බලපෑම් ඇති විය හැකියි. මේ බලපෑමෙන් සිදුවන හානීකර තත්ත්වයක් උදා වි ඇති බව සනාථ කරන සාධකයක් වෙන්නේ අක්මාවෙන් නිකුත් කෙරෙන Sgot / Sgpt එන්සයිම ප්‍රමාණය වැඩි වීමෙන්. අක්මාවේ හානීය තවදුරටත් සනාථ කරගන්න ඔයාට අවශ්‍ය නම්, එන්සයිම පරික්ෂාවක් සිදු කළ හැකියි.

අක්මාවට හානී සිදුවීමට තවත් හේතු සාධක බලපෑ හැකියි. හෙපටයිටීස් වර්ග, අක්මාවේ තෙල් තැම්පත් වීම, අධික මද්‍යසාර භාවිතය ප්‍ර‍ධාන තැනක් ගන්නවා. මෙම සාධකවලට අමතරව ඇතැම් ඖෂධ වර්ග ගැනීම හා ඖෂධ වැඩි මාත්‍රාවෙන් ගැනීමෙනුත් අක්මාවට හානී සිදු විය හැකියි.

අක්මාවට හානී දායක වන ඖෂධ අතරට රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමට ලබා දෙන Statin වර්ගයේ සියලු ඖෂධ හේතු වෙනවා. කොලෙස්ටරෝල් අවම කිරීම සඳහා ලබා දෙන්නා වූ ඔනෑම ඖෂධයක් නිසා මේ තත්ත්වය උදා විය හැකියි.

අධි මාත්‍රාවෙන් ඖෂධ ගැනීම සෘජු ලෙසම අක්මාවට බලපෑම් කරන අතර ඒ ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්නේ පැරසිටමෝල්. නමුත් පැරසිටමෝල් නිසි මාත්‍රාව මත ලබා ගැනීමෙන් අක්මාවේදී කැඩීමකට ලක්වී විෂ ද්‍රව්‍ය නිපද වේ. එම විෂ ද්‍රව්‍යය නික්ෂේපනය කිරීමට වෙනත් රසායනික ද්‍රව්‍යයක් අක්මාවෙන් නිපදවෙන
අතර එම රසායනිකය විසින් විෂ ද්‍රව්‍යය අක්‍රිය කරනවා.

අක්මාවට හානී කරන ඖෂධ

01. පැරසිටමෝල් අධි මාත්‍රාව
02. විටමින් A අධි මාත්‍රාව
03. ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ
04. කොලෙස්ටරෝල් අවම කිරීමට ලබාදෙන ඖෂධ
05. දීලීර මර්ධනනයට ලබාදෙන ඖෂධ

පැරසිටමෝල් අධිමාත්‍රාවට ගැනීම නිසා අක්මාවට හානීවන ප්‍රමාණය ඉතාමත් වැඩියි. ඩෙංගු වෛරසය මගින්ද අක්මාවට හානී සිදු වෙනවා.  උණ රෝගීන් පැරසිටමෝල් අධි මාත්‍රාවට ගැනීමට පෙළඹෙනවා. එය ඉතාමත් භයානක තත්ත්වයක්.

උණ රෝගය, හිසරදය වැනි අවස්ථාවල විවිධ ඔසුහල් හා ෆාමිසිවලින් ලබාදෙන පැරසිටමෝල් විවිධ හැඩයෙන් හා විවිධ වර්ණයන්ගෙන් යුක්ත වෙනවා. ඒ නිසා ඔබ යම් කිසි රෝගයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් එහි ප්‍රමිතිය හා නිර්දේශයන් ගැනත් අවධානය යොමු කරන්න. හැකි සෑම විටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඖෂධ හා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න. එය ඔබගේ සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමට මනා පිටුවහලක් වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1137 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:37 AM
Script:/article/1137/how-does-paracetamol-effects-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:44:38 AM
Script:/article/1137/how-does-paracetamol-effects-your-health.html