ගොටුකොල ගැන ඔබ දැනගතයුතු සියළු දේ

August 20, 2020
8,138
Things you should know about gotukola
දීර්ඝායුෂ ලබා දෙන පැලෑටිය ලෙස විරුදාවලිය ලබා ඇති ගොටුකොල ලාංකික අපිට අලුත් දෙයක් නොවෙයි. මොළය වර්ධනය කරන, සමේ ප්‍රශ්න වලට සහ අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරන ගොටුකොල ගැන සියළු දේ දැන ගමු.

මොළය වැඩෙන්න.. බුද්ධි වර්ධනයට

දරුවන්ගේ පමණක් නෙවෙයි තරුණ මහළු කාගේත් මොලයේ සෛල නිසි ලෙස වර්ධනය වෙන්න ගොටුකොලවලට ලොකු උදවුවක් කරන්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට ගොටුකොල හැකි නම් දිනපතා කවන්න. අමතක වීම වැඩි වැඩිහිටියන්ට, විශේෂයෙන් අවුරුදු 30 ඉක්මවූ කාන්තාවන්ට ගොටුකොල දිනපතා ආහාරයට ගැනීම එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න ලොකු පිටුවහලක්.

ඇල්සයිම රෝගීන්ට

මතකය වැඩි කිරීමට සහ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරන්න ගොටුකොල වලට උදවු වෙන්න පුළුවන්. මොළයේ සෛල වල ඇති විෂ ද්‍රව්‍ය නසන්නත් ගොටුකොල වලට හැකි බව පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා.

සාංකාව, පීඩනය සහ ආතතිය අඩු කරනවා

ගොටුකොල වලට සාංකාවට එරෙහිව බලපෑම් කරන්න හැකි බව 2016දී සිදුකල පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා. දිනපතා ගොටුකොල සම්බෝලයක් හෝ ගොටුකොල ටිකක් ඔයා බොන ජූස් එකට එකතු කර ගත්තොත් සහනයක් දැනෙන බව ඔබටම පෙනේවි.

සන්ධි වල ඉදිමුම, වේදනාව අඩු කරන්න

වැඩිහිටියන් වේදනා විඳින, දනහිස් වල වතුර එකතු වීමෙන් ඇති වන ඉදිමුම අඩු කරන්න ගොටුකොල වලට හැකියාව තියෙන බව සොයගෙන තියෙනවා. ඒ වගේම දිගු වෙලාවක් වාඩිවී සිටීමෙන් ඇතිවෙන වලළුකර ඉදිමුම අඩු කරන්නත්, සන්ධි වේදනාවන් අඩු කරන්නත් ගොටුකොල වලට හැකි බව සොයාගෙන තියෙනවා.

ස්ට්‍රෙච් මාක්ස් ඇතිවීම අඩු කරනවා

ගොටුකොල වල ඇති කොලජන් නිසා ස්ට්‍රච් මාක්ස් ඇති වීම සහ දැනටමත් ඇති ස්ට්‍රෙච් මාක්ස් අඩු කරන්නත් උදවු වෙනවා.

තුවාල සුව වීම ඉක්මන් කිරීම සහ කැලැල් අඩු කිරීම

සුළු කැපුම් තුවාල සීරීම වැනි තුවාල ඉක්මනින් සුව වෙන්නත් ඒවයින් ඇති වෙන කැළැල් අඩු කරගන්නත් ගොටුකොල උදවු වෙනවා.

වකුගඩු සහ අක්මාව ආරක්ෂා කරගන්න

අපි ගන්නා ඇතැම් ආහාර වලින් අපේ අක්මාව සහ වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනවා. ඇතැම් ආහාර වල ඇති විෂ වලින් අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරන්න ගොටුකොල වලට හැකියාව තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1784 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:02 AM
Script:/article/1784/things-you-should-know-about-gotukola.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:13:02 AM
Script:/article/1784/things-you-should-know-about-gotukola.html