දවසකට chocolate පෙති 2-3 ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිපල ඇහුවොත් ඇත්තටම ඔබ පුදුම වේවි

March 20, 2017
37,189
Proven Health Benefits of Dark Chocolate
පැණිරස කෑම වර්ග කන්න කවුරු උනත් කැමතියි. නමුත් හැම පැණිරස කෑමක්ම අපේ ශරීරයට හිතකර නැහැ. මේ පැණිරස කෑම වර්ග අතරින් අපි වඩාත් ප්‍රිය කරන ආහාරයක් තමයි chocolate කියන්නේ. විශේෂයෙන් කාන්තාවන් බහුතරයක් වැඩි ප්‍රියතාවයක් දක්වනවා chocolate වලට. නමුත් බොහෝ දෙනා chocolate ආහාරයට ගන්නේ ඉන් ශරීරයට ලැබෙන ප්‍රතිපල ගැන හරිහැටි නොදැනයි. ඇත්තටම chocolate කියන්නේ අපේ ශරීරයට හිතකර ආහාරයක්. නිවැරදි ප්‍රමාණය නිවැරදි වෙලාවට ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා.

1. Chocolate ආහාරයට ගෙන විනාඩි 10 පසු ලැබෙන ප්‍රතිපල

ඔබේ සිරුරට ප්‍රාණවත් ගතියක් දැනෙනවා වගේම ශරීරයට හොද ශක්තියක් දැනෙනවා. මොළයට ලේ සැපයුම කාර්යක්ෂම කරනවා සහ රුධිර වාහිනී වල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. අධික රුධිර පීඩනය පාලනය කරනවා. ඔබේ දත් ආරක්ෂා කරනවා.

2. විනාඩි 30 ක් ඇතුළත ලැබෙන ප්‍රථිපල

ඔබට කැස්ස තිබෙනවානම් එයට යම් සහනයක් ලබාදෙනවා. ඒ වගේම හිරු එලිය නිසා සමේ ඇතිවෙන පිළිස්සීම් අඩු කරනවා. ශරීරයට අවශ්‍ය විටමින් වර්ග වන B1, B2 සහ විටමින් E ලබාදෙනවා.

3. Chocolate දවස් කිහිපයක් භාවිතා කිරීමෙන්

දියවැඩියාව පාලනය කරනවා වගේම ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම මානසික ආතතිය ඇතිවීමට හේතුවන හෝර්මෝන පාලනය කරමින් කාංසාව වැනි මානසික රෝග ඇතිවීම වළක්වනවා. පැණිරස කෑම වලට ඔබේ ඇති කැමැත්ත අඩු කරනවා. මේ නිසා ඔබ අහිතකර පැණිරස කෑම ආහාරයට ගැනීමෙන් වලකිනවා.

4. නොකඩවා දිගටම chocolate ආහාරයට ගැනීමෙන්

ඔබේ හදවත සුරකිමින් හදවත් රෝග ඇතිවීම වළක්වනවා. රුධිර වාහිනී පිරිසිදු කරනවා. ඔබේ මතකය සහ දැනුම වර්ධනය කරනවා. මේ නිසා වයස 70 වැඩි පුද්ගලයන් chocolate ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ මතක ශක්තිය වර්ධනය කරගත හැකියි. කුඩා දරුවන්ට සතුටින් සිටීමට උදවු වෙනවා. දරුවන් ලැබීමට සිටින කාන්තාවන් chocolate ආහාරය ගැනීමෙන් දරුවා ඉපදුන පසු ඔහු බය අඩු, සතුටින් සිටින නිරෝගී දරුවෙක් වෙනවා.

5. chocolate ආහාරයට ගැනීමේදී මතක තබාගත යුතු කරුණු

කොකෝවා 70% වඩා අඩංගු chocolate ආහාරය තෝරාගන්න. ඒ වගේම දවසකට chocolate පෙති 2ක් 3ක් ආහාරය ගැනීම ප්‍රමාණවත්. වකුගඩු වල ගල් ඇති හෝ ඇතිවීමේ අවදානමක් ඇති අය chocolate භාවිතය එතරම් සුදුසු නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 136 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/136/proven-health-benefits-of-dark-chocolate.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:26 AM
Script:/article/136/proven-health-benefits-of-dark-chocolate.html