ඩෙනිමට මේ වගේ top එකක් ඇන්දොත් ඔයාව තවත් ලස්සනට පෙනේවී (01 කොටස)

November 1, 2018
73,815
Tops goes with denims (part 01)
ඇඳුම් විලාසිතාව කියන්නේ දිනෙන් දින ඉතාමත් වේගයෙන් දියුණුවට පත්වන ක්ෂේත්‍රයක්. ඇඳුම් විලාසිතාව අද කොතරම් ජනප්‍රියද කියලා කියනවා නම්, අද වෙළෙඳපොළේ තියෙන ඇඳුම් විලාසිතාව තවත් අලූත් වෙලා තමයි හෙට වෙළෙඳපොළට එන්නේ. කාන්තා ඇඳුම් විලාසිතා අතර වඩාත් ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක් තමයි ඩෙනිම් කලිසම. වයස් භේදයකින් තොරව අද ගොඩක් කාන්තාවන් අතර ඩෙනිම් ඇඳුම් විලාසිතාව ජනප්‍රියයි. බොහෝ කාන්තාවන් කියන කතාවක් තමයි අනෙක් ඇඳුම් වර්ගවලට වඩා ඩෙනිම් කලිසමක් අඳින එක හරිම පහසුයි කියන එක. ඉතිං අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ ඩෙනිම් කලිසම් ගැන නම් නෙමෙයි. සමාන්‍යයෙන් ඕනෑම යුවතියකට ඩෙනිම් කලිසම් තියෙනවානේ. ඉතිං මේ ඩෙනිම් කලිසම් අඳින්නන් වාලේ අඳින්නේ නැතුව ඒ ඒ ඩෙනිමට ගැළපෙන බ්ලවුස් එකක් අඳින්න පුරුද්දක් කරගන්න. අන්න එතකොට තමයි ඔයාට පරිපුර්ණ ලස්සනක් එකතු වෙන්නේ. විලාසිතාවක් විදිහට ඩෙනිම අඳින්න පුරුදු වුණොත් ඔයාට තවත් පිරිසක් අතරේ කැපි පෙනෙන විදිහට ලස්සනට ඉන්න පුළුවන්. ඉතිං ඒ ආකාර්ෂණය ඔයාට ලබා ගන්න ඕන නම් ඔයා අඳින ඩෙනිමට ගැළපෙන බ්ලවුස් එකක් තෝරා ගන්න වෙනවා. ඩෙනිමකට අඳින්න පුළුවන් බ්ලවුස් මොනවද කියලා දැන ගන්න අද හැඩකාරී ඔයාට ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ.

ඩෙනිම් ජැකට්











ඔයා අඳින ඕනැම වර්ණයේ ඩෙනිම් කලිසමකට ඒ වර්ණයට ගැලපෙන ඩෙනිම් ජැකට් එකක් අඳින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමුකෝ. ඔයාට අඳින ඩෙනිම ලා නිල් හෝ තද නිල් වර්ණයෙන් යුතු ඩෙනිමක් කියලා. ඉතිං එවැනි ඩෙනිමට ගැළපෙන වර්ණයෙන් ඩෙනිම් ජැකට් එකක් තෝරා ගත හැකියි. මෙවැනි ඩෙනිම් ජැකට් එකක් ඔයා ඩෙනිමට ඇන්දොත් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ ආකාර්ෂණීය පෙනුමක් ලබාගත හැකියි. අත් සහිත හෝ අත් රහිතව ඔයාගේ කැමැත්ත අනුව ඩෙනිම් ජැකට් එකක් තෝරා ගන්න. ගොඩක් වේලාවට ඔයාට උසින් අඩු ඩෙනිම් ජැකට් තමයි වෙළඳපොලේ දකින්න ලැබෙන්නේ. එවැනි ආකාරයේ කෙටි ජැකට් එකක් ඔයා අඳිනවා නම් ලා වර්ණයෙන් යුතු ස්කිනී එකක් ඩෙනිම් කලිසමට මුලින්ම යට කරලා ඇඳලා පසුව ඩෙනිම් ජැකටය අඳින්න පුළුවන්. මෙවැනි ඇඳුමක් මිතුරු හමුවකට, විනෝද චාරිකාවක් යනකොට වගේම ඔයා නිවසෙන් එළියට සැහැල්ලූවෙන් කාලය ගත කරන්න යන ඕනෑම වේලාවක අඳින්න කදිමෙට ගැළපෙනවා. ඩෙනිම් ජැකට් එක වෙනුවට ඔයාට වෙනත් මැටීරියල් එකකින් නිර්මාණය කළ ජැකට් එකක් වුණත් තෝරා ගන්න පුළුවන්. ඉතිං ඔයා අඳින ඩෙනිමේ වර්ණය සහ ඔයාගේ සිරුරේ වර්ණය ගැන සැළකිලිමත් වෙමින් ජැකට් එකක් තොර ගන්න අමතක කරන්න එපා.

ඕෆ් ශෝල්ඩර් බ්ලවුස් (Off Shoulder Blouse)









මෙවැනි ආකාරයේ බ්ලවුස් නම් අද ගොඩක් යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ගොඩක් වේලාවට මෙවැනි ආකාරයේ බ්ලවුස් එකක් සිරුරෙන් කෙට්ටු යුවතියකට වඩාත් හොඳින් ගැළපෙනවා. සිරුරෙන් කෙට්ටු කෙනෙක්ගේ කකුල්වල පෙනුම ටිකක් සිහින්ව තමයි දක්නට ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉණ ප්‍රදේශය පවා පටුයි. ඉතිං එවැනි පෙනුමක් අඩු කරලා පෙන්වන්න මෙවැනි ආකාරයේ කෙටි බලවුසයක් අඳින්න ඔයාට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට හුරු බුහුටි පෙනුමක් මෙයින් එකතු වෙනවා. ඔයා හයි වේස්ට් (high waist) ඩෙනිමක් අඳිනවා නම් මෙවැනි ආකාරයේ බ්ලවුස් එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. මුලින් කිව්වා වගේ ඔයාගේ ඩෙනිමේ වර්ණයට ගැළපෙන මැටීරියල් එකක් මේ වෙනුවෙන් තෝරා ගන්න.

මැක්සි බ්ලවුස් (Maxi Blouse)













මෙවැනි බ්ලවුසයක් සෑම යුවතිවයකට එකම විදිහට ගැළපෙන්නේ නැහැ. සිරුරෙන් මහත කෙනෙක් සිරුරේ හැඩය පේන්න කියලා හිතලා ඇඟට තද එහෙමත් නැතිනම් ඇඟට හිරවන විදිහේ බ්ලවුසයක් ඇන්දොත් ඔයාගේ සිරුරේ අවිධිමත් හැඩය තමයි හොඳින් ඉස්මතු වෙලා පේන්නේ. අන්න ඒ නිසා සිරුරට ටිකක් විතර විශාලව තියෙන බ්ලවුස් එකක් ඔයාට භාවිත කළ හැකියි. ඔයාට හිතෙන්න පුළුවන් එතකොට ඔයාගේ සිරුර තවත් විශාලව පෙනෙනවා කියලා. අන්න ඒකට හැඩකාරී ඔයාට සරල විසඳුමක් කියලා දෙනවා. ඕනෑම කෙනෙක්ගේ සිරුරට ආවේණික වු හැඩයක් තියෙනවානේ. ඉතිං ඒ හැඩය ඉස්මතු කර ගන්න ඔයා ටිකක් විතර උපක්‍රමශීලි විය යුතුයි. ඔයා මෙවැනි ආකාරයේ බ්ලවුසයක් ඇන්දොත් ඒ බ්ලවුසයට ගැළපෙන සිහින් පෙනුමක් තියෙන බෙල්ට් එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාගේ ඉණේ හැඩය හොඳින් ඉස්මතු වෙලා පේනවා. ඔයා සිරුරෙන් මහත කෙනෙක් නම් විශාලාව මල් සහ විශාල හැඩතල තියෙන බ්ලවුස් වර්ග තෝරා ගන්න එපා. මොකද එයින් ඔයාගේ සිරුරේ විශාල බව තවත් ඉස්මතු වෙලා පේනවා.

ප්‍රින්ටඩ් බ්ලවුස් (Printed Blouse)











2018 වර්ෂයේදී ලෝකයේම කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය වුණු මැටීරියල් එකක් තමයි ප්‍රින්ටඩ් බ්ලවුස් එක. මෙය කාන්තාවන් අතර කොතරම් ජනප්‍රිය වුණාද කියලා කීවොතින් ගවුම්, සාරී, ටොප් බ්ලවුස්, සෙරෙප්පු , හෑන්ඩ් බෑග්, අත් ඔරලෝසු, ජින්ස් ආදී ඇඳුම් පැළඳුම්වලට මේ printed අමුද්‍රව්‍ය නිර්මාණශීලිව භාවිත කළා. ඉතිං මෙවැනි වර්ගයේ බ්ලවුස් එකක් ඩෙනිම් ජින්ස් එකකට අඳින්න පුළුවන්. මෙවැනි තෝරා ගැනීමක් ඔයා කරනවා නම් ඔයාගේ ඩෙනිම් ජින්ස් වලට ගැළපෙන විදිහට වර්ණ ගළපලා බ්ලවුස් එක තෝරා ගන්න. සිහින් සිරුරක් තියෙන කෙනෙක් මෙවැනි ආකාරයේ බ්ලවුස් එකක් ඇන්දොත් සිරුරේ සිහින් බව අඩුවෙන් තමයි පෙනෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඉතාමත් සිත් ගන්නා සුළු වර්ණ සංකලනය නිසා ආකාර්ෂණීය පෙනුමක් ඔයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

පෙප්ලම් ටොප් (Peplum Top)















ඩෙනිමකට අඳින්න පුළුවන් තවත් ආකාර්ෂණීය බ්ලවුසයක් තමයි පෙප්ලම් ටොප් එක කියන්නේ. මෙවැනි බ්ලවුසයක් සිහින් සිරුරක් තියෙන කෙනෙකුගේ සිට මහත සිරුරක් ඇති කෙනෙක් දක්වා හොඳින් ගැළපෙනවා. ඒ විතරක් නෙමෙයි මෙවැනි බ්ලවුසයකින් ඔයාට ඔයාගේ ඉණේ හැඩය වඩාත් හොඳින් ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාට මේ වෙනුවෙන් කුඩා බෙල්ට් එකක් වුණත් භාවිත කළ හැකියි. එහෙම වුණොත් ඔයාට හිතා ගන්න බැරි විදිහේ ලස්සනක් ලබාගත හැකියි. printed, plain, off shouledr, short sleeve, sleeve less, lace ආදී වශයෙන් ඔයාගේ සිරුරේ හැඩයට ගැළපෙන විදිහට දැන් පෙප්ලම් ටොප් එකක් තෝරා ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1149 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:29 AM
Script:/article/1149/tops-goes-with-denims-part-01.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:30 AM
Script:/article/1149/tops-goes-with-denims-part-01.html