ගැඹුරු හුස්මේ වැදගත් කම

May 16, 2020
7,492
Importance of deep breath
ජීවත්වීම කියන්නේ හුස්ම ගැනීම විතරක් නොවෙයි. ඒත් ගැඹුරු විදිහට හුස්ම ගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන ගැන ඔබ දන්නවාද..? කිසිම මිළ මුදලක් අමතර කාලයක් නැතුව ඉතාම පහසුවෙන් කිරීමට හැකි මේ දේ ගැන දැනගන්න හැඩකාරියෝ කැමැත්තෙන් ඇති නේද... තත්පර කීපයක් මේ වෙනුවෙන් වැය කරලා දිනකට දෙතුන් වතාවක් ගැඹුරු හුස්ම ගත්තොත් මෙන්න ප්‍රතිලාභ...

මාංශ පේශි ඉහිල් වීම

අපට බොහෝ විට මාංශ පේශිවල තද ගතිය නිසා නිතරම වේදනාවන් ඇති වෙනවා. ඒ වේලාවට අපි වේදනා නාශක ගන්නවා. එහෙම නැත්නම් උණුවතුර හෝ අයිස් ජලයෙන් තැවීම් කරනවා. නමුත් ඔබ උදේ හවස ගැඹුරු හුස්ම ගන්නනවා නම් මාංශ පේශිවල පීඩනය නොදැනීම ඉවත් වෙලා ඉහිල් බවක් ඇති වෙනවා.

ස්ට්‍රස් අනේ..

අපි හැම කෙනෙක්ම කට පාඩමෙන් කියන වචනයක්. අපි එහෙම කියන්නේ නිකමටම නොවෙයි. අපේ ජීවිතයේ කාර්යබහුල බව සමග ඇති වෙන වෙහෙස නිසා අහිතකර හෝර්මෝන නිදහස් වෙනවා. එය අපට දැනෙන්නේ මානසික වෙහෙසක් විදිහටයි. නමුත්.. හොඳින් ගැඹුරු හුස්ම ගන්නවා නම් මොළයට හොඳින් ලැබෙන ඔකක්සිජන් සැපයුම නිසා වෙහෙසකර හෙවත් හැඩකාරියෝ නිතරම මැසවිලි නගන ''ස්ට්‍රස් " තත්වය නොදැනීම නැති වේවි..

හෘද ස්පන්දනය මන්දගාමි වෙනවා...

අපේ ජීවිතය වගේම හෘදයවස්තුවත් වේගයෙන් ස්පන්දනය වීම රෝග තත්වයක්. හදවත ලෙඩ දුන්නොත් ඇති වෙන තත්වය ගැන හැඩකාරියෝ හොඳට දනන්වා ඇති නේ. ඉතිං බේත් හේත් නැතුවම හෘදයවස්තුවේ රිද්මය පවත්වා ගැනීමට හැකියාවක් තිබෙනවා නම් අහන්නත් සතුටුයි නේද..? කලබල වෙන්න එපා. ගැඹුරු හුස්ම ගන්න. හදවත ලස්සන රිද්මයට පවත්වා ගන්න අපහසුවක් නැහැ.

අක්මාව, අග්න්‍යාශය සහ ආමාශයට සම්බාහනයක් වගේ..

ඔබ දන්නවානේ අක්මාව අපේ සිරුරේ බහු කාර්ය අවයවයක්. අක්මාව ලෙඩ වුනොත් ලෙඩ ගොඩක්. ඒ වගේම ආමාශයත් අපේ ජීරණයට සම්බන්ධයි. ඒ නිසා මේ අවයව පණ රැකගැනීමට නම් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා හොඳට ගැඹුරු හුස්ම ගන්න. එයින් මේ අවයව සම්බාහනය වීමක් සිදු වෙනවා.

රුධිරය විෂ වීම නැහැ..

අපේ ලේ දාතුව විෂ වුනොත් ඒ සමග ඇති වෙන රෝගාබාධ ගොඩයි. ඒ නිසා ගැඹුරු හුස්ම ගන්න. ඔබේ රුධිරයේ විෂහරණය වේවි. පිරිසිදු වේවි. ලේ පිරිසිදු වෙනවා කියන්නේ ඔබේ සම පැහැපත් වීමත් ඉබේම සිදුවෙනවා.

ආහාර ජීරණය කාර්යක්ෂම වෙනවා..

අපි මොනතරම් රස ගුණට ආහාර ගත්තත් එහි ජීරණ ක්‍රියාවලිය නිසි විදිහට සිදු නොවුනොත් ආහාර අජීර්නය, අනවශ්‍ය විදිහට මේද ගබඩා වීම වගේම පෝෂණය අවහෝෂණය නොවීම වැනි තත්වයන් ඇති වෙනවා. ඒ නිසා ආහාර පරිවෘත්තික ක්‍රියාවලියේ වැදගත් මෙහෙයක් සිදු වෙනවා. මේ නිසා ගැඹුරින් හුස්ම ගන්න... ආහාර ජීරණය ක්‍රමවත් වේවි..

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1598 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:05 AM
Script:/article/1598/importance-of-deep-breath.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:05 AM
Script:/article/1598/importance-of-deep-breath.html