එයත් එක්ක හදවතින්ම බැඳෙන්න ඕනේ නම් මේ දේවල් කරන්න

June 1, 2018
13,893
How to have a hearty bond with your love
ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම දෙයක් වගේම ටිකක් හරි වැරදුනොත් දරාගන්නත් අමාරුම දෙයක්. ඇත්තම කතාව අපි කවුරුවත් කැමති නැහැ ආදරෙන් පරාද වෙන්න. හැමෝම කැමති තමන්ගේ ආදරේ අයිති කරගෙන ජීවිත කාලය පුරාවටම ඒ ආදරේ රැකගන්න. මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් ඉතින් දෙන්නෙක් හදවතින්ම බැඳෙන්න ඕනේ මොකද ආදරේ බැඳීම ශක්තිමත් වෙන්න වෙන්න ඒක කැඩෙන්න තියෙන ඉඩ ප්‍රමාණයත් අඩුවෙලා යනවා. හැබැයි ගොඩක් අය ආදරේ කරාට හදවතින්ම බැඳෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. මේ නිසාම තමයි එක එක ප්‍රශ්න වලටත් නිතරම මුහුණ දෙන්න සිද්ධවෙන්නේ. ඒ නිසා තමයි අද අපි ඔබට කියන්නේ එයත් එක්ක හදවතින්න බැඳෙන්න කරන්න ඕනේ දේවල් ගැන.

01. ඔයාගේ අතීතය අමතක කරන්න

අපි අපේ අතීතයේ එල්ලිලා හිටියොත් අනාගතය ගොඩනගාගන්න අමාරුයි. හොඳම දේ අතීතය අමතක කරලා අනාගතයට මුහුණ දෙන එක ඊයේ උන දේවල් අමතක කරලා අද වෙන දේවල් ගැන වගේම හෙට වෙන්න තියෙන දේවල් ගැන හිතන්න. හැබැයි අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම් නම් අමතක කරන්න එපා. ඔයාගේ සහකාරයත් එක්ක ලස්සන අනාගතයක් ගොඩනගාගන්න උත්සහ කරන්න. එහෙම නැතුව පරණ සබඳතා වල එල්ලිලා හිටියොත් ඔයාට අලුත් සහකාරයත් එක්ක හදවතින් බැඳෙන්න අමාරු වෙයි.

02. ඔයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉගෙන ගන්න

ඔයා එයාට ඇත්තටම ආදරේ කරනවා නම් ඔයාගේ හැඟීම් එයාගෙන් හංගන්න කිසිම උවමනාව නැහැ. ඒ නිසා ඔයාට දැනෙන හැඟෙන දේවල් ගැන එයත් එක්ක කතා කරන්න. ඒක ඔය දෙන්නගේ ආදරේ වැඩිවෙන්න වගේම ඔයා ගැන එයාට ඉගෙන ගන්නත් උදවුවක්. ඒ වගේම එයා එයාගේ හැඟීම් ඔයත් එක්ක ප්‍රකාශ කරනකොට ඒ දේවල් වලට හොඳින් ඇහුන්කම් දෙන්න එයා ගැන ඉගෙන ගන්න උත්සහ කරන්න. එතකොට නිකම්ම ඔය දෙන්නා හදවතින්ම් බැඳෙනවා.

03. දෙන්නම එකට නිදාගන්න යන්න එකට ඇහැරෙන්න

හදවතින්ම බැඳෙන්න තවත් වැදගත් දෙයක් තමයි මේක. අනික මේ දේ ඔය දෙන්නටම පහසුවෙන්ම කරන්න පුළුවන්. මේ නිසා ඔය දෙන්නටම කතාබහ කරන්න වගේම ආදරේ බෙදා හදා ගන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා. වැඩ රාජකාරි අස්සේ දවල්ට කතාබහ කරනවට වඩා නිදහසේ ඔය දෙන්නට කතාබහ කරන්න පුළුවන්. ඒ නිසා එයත් එක්ක ඇතිවුන හදවතේ බැඳීම ශක්තිමත් කරගන්න වගේම පවත්වාගෙන යන්න මේ පුංචි දේ හැමදාම කරන්න.

04. හොඳ දේවල් දකින්න

අපි කවුරු අතින් උනත් වැරදි සිද්ද වෙන්න පුළුවන්. ඒ නිසා පුංචි පුංචි වැරදි ලොකු දේවල් විදිහට දකින්නේ නැතුව හැම වෙලාවකම එයාගේ හොඳ දකින්න උත්සහ කරන්න. එතකොට එයාගේ අතින් වෙන වැරදි උනත් එයා ඉක්මනට හදාගනියි. ඔයා අතින් වෙන වැරදි වුනත් එයා ඔයාට හදාගන්න උදවු කරයි. ඒ නිසා ඔය දෙන්න ඇත්තටම හදවතින් ගොඩක් ලංවෙයි.

05. ස්පර්ශය කියන්නේ වැදගත්ම දෙයක්

ඔක්සිටෝක්සින් කියන්නේ ආදරේ සම්බන්දව වැදගත්ම වෙන හොර්මොනයක්. ඉතින් මේ හෝර්මෝනය වැඩි වැඩියෙන් මොලයෙන් නිපදවෙන්න ස්පර්ශය කියන්නේ වැදගත් වෙන දෙයක්. සිප ගැනීම්, වැළඳ ගැනීම් වගේ දේවල් වලට පුළුවන් මේ හෝර්මෝනය වැඩි වැඩියෙන් නිපදවලා ඔය දෙන්නගේ බැඳීම ශක්තිමත් කරන්න.

06. 100% විස්වාසය රකින්න

එයාට ඔයා ගැන තියෙන විස්වාසය ඔයාට උපරිමයෙන්ම ආරක්ෂා කරන්න පුළුවන් නම්. ඔය දෙන්නගේ බැඳීම ගොඩක් ශක්තිමත් ඒ වගේම තමයි එයත් කවදාවත් ඔයාගේ විශ්වාසය කඩ කරන්න උත්සහ කරන්නේ නැහැ. ඒ නිසා එයාට අවංක වෙලා එයාගේ විශ්වාසය රකින්න හැම වෙලාවකම උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 842 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:12 AM
Script:/article/842/how-to-have-a-hearty-bond-with-your-love.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:00:13 AM
Script:/article/842/how-to-have-a-hearty-bond-with-your-love.html