දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

February 18, 2019
10,139
Children calling out and getting out of bed
පුංචි දරුවෝ කියන්නේ හැම වෙලාවකම අපේ ආදරේ අවධානය එක්ක ඉන්න කැමති පිරිසක්. විශේෂයෙන් අම්මයි තාත්තයි කියන්නේ හැම වෙලාවකම වගේ ඒ අයට වැඩිපුරම අවශ්‍ය වෙන දෙන්නා. අපි පුංචිම කාලේ දරුවන්ව තුරුල් කරගෙන ලඟම  තියාගෙන නිදා ගත්තට දරුවන් ටිකක් ලොකු වෙනකොට ඒ අයට තනියම නිදාගන්න හුරු කරන්න වෙනවා දරුවන්ව තනියම නිදාගන්න හුරුකරවන එක දරුවට වගේම දෙමාපියන්ටත් ගොඩක් වැදගත් වෙන දෙයක්. හැබැයි දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරනකොට දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි  දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක වගේම ඇඳෙන් නැගිටලා දෙමාපියන්ව හොයාගෙන එන එක. මේ ප්‍රශ්නෙට ගොඩක් දෙමාපියන්ට මුහුණ දෙන්න වෙනවා. අද අපි බලමු දරුවෝ මේ විදිහට කරන්නේ ඇයි කියන කාරණාව ගැන වගේම මේ ප්‍රශ්නේ විසඳගන්න දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් ගැන.

01. දරුවන් ඇයි මේ විදිහට කරන්නේ?

සාමාන්යෙන් ඔබත් එකක්ම නිදාගත්ත දරුවා තනිවම නිදාගන්න පටන් ගත්තට පස්සේ ඔබෙන් වෙන්ව නිදා ගැනීමට සිදු වීම නිසා කනස්සල්ලට පත් වෙනවා. මේ නිසා ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඔවුන් නිදාගන්න විට ඔබ අසලින්ම ඉන්න. ඒ නිසා වරින් වර නින්දෙන් ඇහැරිලා ඔබව සොයාගෙන එන එක හරි ඔබට කතා කරන එක හරි ඔබව ඔවුන් ලඟින්ම තියාගන්න පුළුවන් ක්‍රමයක් විදිහට තමයි දරුවෝ හිතන්නේ. සමහර අවස්ථාවන් වල දරුවට වැසිකිලියට යන්න අවශ්‍ය නිසා එහෙමත් නැත්නම් වතුර ටිකක් බොන්න අවශ්‍ය නිසා ඔබට කතා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහර දරුවන් ජිවිතයේ අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දුන්න වෙලාවක ඔහුට දැනෙන මානසික පීඩනය නිසා තනිවම නිදා ගන්න අපහසුවීම මත නින්දෙන් අවදිවෙලා ඔබට කතා කරන්න පුළුවන්. මේ මොන අවස්ථාවකදී උනත් ඔබට බොහොම ඉවසීමෙන් වගේම බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.

02. මේ දේවල් කරලා බලන්න

ඔබට තේරෙනවා නම් දරුවා ඔබට කතා කරන්නේ ඔබෙන් උදවුවක් අවශ්‍ය නිසා හෝ යම් හදිසි අවශ්‍යතාවයක් නිසා කියලා ඉක්මනින් දරුවා ලඟට යන්න. ඔබට හිතෙනවා නම් දරුවා නින්දෙන් අවදි වෙලා නිතරම ඔබට කතා කරන්නේ ඔහු කනස්සල්ලට හෝ මානසිකව පීඩනයට පත්වෙලා නිසා කියලා නැත්නම් හිතේ ඇතිවුන ලොකු බයක් නිසා කියලා හොඳම දේ තමයි සුදුසු වෛද්‍ය වරයෙකුට දරුවාව යොමු කරලා උපදෙස් ගන්න එක. ඔබට දැනෙනවා නම් දරුවා නින්දෙන් අවදි වෙලා ඔබට නිතරම කතා කරන්නේ ඔබව දරුවා අසලින්ම තියාගන්න අවශ්‍ය නිසා කියලා. මේ වගේ වෙලාවට ඔබට පුළුවන් උපක්‍රමශීලිව මේ තත්වය මඟ හරවාගෙන මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගන්න.

03. මේ ක්‍රම පාවිච්චි කරන්න

- නින්දට පෙර දිනපතා කරන්න පුරුදු මාලාවක් ඇතිකර ගන්න. (ආහාර ගැනීම, දත් මැදීම, කතන්දරයක් කියවීම, නින්දට යාම)

- ශබ්ධය වැඩියෙන්  music ප්ලය් කරන්න එපා.

- නින්දට පෙර දුරකථන, පරිගණක, රුපවාහිනී  වගේ දේවල් භාවිතා කරන්න දෙන්න එපා 

- දරුවා නින්දට පත් වෙන්න වැඩි වෙලාවක් ගන්නවා නම් ඔහුව කලින් ඇඳට යවන්න.

- දරුවා නින්දට පත් වෙන්න ගත වෙන වෙලාව විනාඩි 30 කට වඩා වැඩියි නම්.දරුවට නින්ද යන වෙලාව ගැන අවධානයෙන් ඉඳලා ඒ වෙලාව කිට්ටු කරලා දරුවාව ඇඳට යවන්න.

- සමහර දින වල දරුවා නිදා ගැනීමට කිසිවූ අවශ්‍යතාවයක් නැතුව බොහොම ක්රියශිලිව ඉන්න පුළුවන්. මේ වගේ වෙලාවට දරුවා හොඳට සෙල්ලම් කර කර ඉන්නවනේ කියලා නිදාගන්න වෙලාව පරක්කුකරන එක හොඳ දෙයක් නම් නෙවෙයි.

- ඔබ දරුවාගේ කාමරෙන් පිටවෙන්න කලින් දරුවාගේ අවශ්‍යතාවයන් සියල්ලක්ම ඉටු වෙලාද කියලා බලන්න. දරුවා වතුර බිවුවද? ටොයිලට් එකට ගියාද? දත් මද්ද ද?. නැත්නම් වෙන්නේ දරුවා මේ දේවල් ඉටු කර ගන්න ඔබට නින්දෙන් අවදි වෙලා කතා කරන එක.

- දරුවට ආරක්ෂිතව සැප පහසුවෙන් නිදාගන්න පුළුවන් පරිසරයක් තියෙනවද කියලා තහවුරු කර ගත්තට පස්සේ නිදා ගන්න විට දල්වන විදුලි පහන් දල්වා කාමරයෙන් පිට වෙන්න.

- කාමරයෙන් පිටවෙන්න කලින් දරුවට හොඳ නින්දක් ලබා ගන්නා ලෙස උපදෙස් දෙන්න. ඉන් පසු දරුවට හොඳ නින්දකට සුබ පතලා කාමරයෙන් පිට වෙන්න.

04. දරුවා නිදා ගන්නේ නැතුව ඔබට කතා කරනවා නම් ඇඳෙන් නැගිටලා එනවා නම් මේ විදිහට කරන්න

ඔබ දරුවාගේ හැම අවශ්‍යතාවයක්ම ඉටු කරලා ඔහුට ආරක්ෂිතව නිදාගන්න පුළුවන් බවට තහවුරු කරගෙන නම් ආවේ දරුවා ඔබට කතා කරන විට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න. මේක ටිකක් කරන්න අමාරු වැඩක් හැබැයි එහෙම කියලා ඔබ දරුවට ප්‍රතිචාර දක්වන්න ගියොත් දරුවා හැමදාම පුරුද්දක් විදිහට නිදාගන්නේ නැතුව ඔබට කතා කර කරම ඉඳියි. ඒ නිසා මේ වගේ වෙලාවට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඉන්න. ඒ වගේම දරුවා ඇඳෙන් නැගිටලා ඔබව සොයාගෙන එනවා නම් දරුවත් එක්ක කතාබහ කරන්නේ නැතුව ඉක්මනින් ඔහුව ඔහුගේ ඇඳට යවන්න. ඔහු නැවත නැවතත්  නැගිටලා එනවා නම් මේ වෙලාවේ තරහ ගන්නේ නැතුව ඉවසීමෙන් දරුවාව ඇඳට යවන්න. දරුවා ගොඩක් මුරණ්ඩු වෙනවා නම් . ඔහුට කියන්නේ නැවතත්  ඔහු ඇඳෙන් නැගිටලා ආවොත් ඔබ කාමරයේ දොර වසන බව එවිට දරුවා තරමක් සන්සුන් වෙලා නිදාගන්න උත්සහ කරාවි. ඒ වගේම තමයි දරුවා ඔබට  කරදර කරන්නේ නැතුව  නිදාගත්ත දවස් වලට ඒ ගැන දරුවාව අගය කරන්න ඔහු කැමති දෙයක් ඔහුට අරන් දෙන්න. එතකොට දරුවා ඉක්මනින් තනියම නිදාගන්න හුරු වේවි. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1269 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:07:29 AM
Script:/article/1269/children-calling-out-and-getting-out-of-bed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:07:29 AM
Script:/article/1269/children-calling-out-and-getting-out-of-bed.html