කාන්තාවන්ගේ සුන්දරත්වය වැඩි කරලා පෙන්වන්න ඇඳුම පැළඳුම, ආහාර රටාවට වගේම ඔයා ඔයාගේ සිරුරට අවධානය යොමු කරන ආකාරයත් විවිධාකාරයෙන් බලපානවා. ගොඩක් වේලාවට කාන්තාවන් මේ සියලු කරුණු කාරණා ගැන අවධානය යොමු කළත් හැඩකාරි අපි මේ කියන ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේම නැති තරම්. කාන්තාවකගේ සිරුරේ සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්වන්න දේහ විලාසයන් වගේම ශරීර අංගවලට ඔයා යොමු කරන අවධානයත් උපකාරි වෙනවා. අද හැඩකාරි කාන්තා ඔබට කියලා දෙන්නේ ඔයාගේ සිරුර ලස්සනට පවත්වා ගන්න උපකාරි වෙන වැදගත් කරුණු කාරණා කිහිපයක් සම්බන්ධව. කාන්තා පියයුරු කියන්නේ කාන්තවකගේ සිරුරේ සුන්දරත්වය වැඩි කරන ශරිර අංගයක්. ඒත් අද බොහෝ කාන්තාවන් අනවබෝධයෙන් කරන ක්‍රියාකාරකම් හා නේකවිධ හේතු සාධක නිසා ඔයාටත් නොදැනිම ඔයාගේ සුන්දරත්වය නැති වෙලා යනවා. ඉතිං අද හැඩකාරි ඔයාට කියලා දෙන මේ වැරදි ඔයා අතින් සිදු නොවුණොත් ඔයාගේ පියයුරුවල සුන්දරත්වය වඩාත් හොඳින් ආරක්ෂා කරගෙන සුන්දර රූ සපුවක් හිමි යුවතියක් එහෙමත් නැති නම් කාන්තාවක් වෙන්න ඔයාටත් පුළුවන්.
පමණට වඩා උණුවතුරෙන් ස්නානය කරන්න එපා
උණු වතුර ස්නානය කිරීම ඇගට සනීපයක් විදිහට ඔයාට දැනුනත් දීර්ඝ කාලීනව උණු වතුර ස්නානය කරන එක නම් හැඩකාරී අපි අනුමත කරන්නේ නෑ. ඔයා දිනපතා උණුවතුර ස්නානය කළාම ඔයාගේ සම ඇදීමට ලක් වෙනවා. පියයුරුවල සම ඉතාමත් සංවේදියි කියලා ඔයා දන්නවානේ. ඉතිං ඔයා දීර්ඝ කාලීනව උණු වතුර ස්නානය කරන්න පුරුදු වුණාම පියයුරුවල සම ඇදීමට ලක් වෙලා පියයුරු එල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඉතිං ඊට පස්සේ ඔයා කොච්චර ලස්සනට ඇඳුම් ඇන්දත් ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ලස්සනක් නම් ඔයාට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. අන්න ඒ නිසා උණු වතුර ස්නානය කිරීමේ පුරුද්දෙන් අදම ඔයා ඈත් වෙන්න. ඒ වෙනුවට සීතල වතුර භාවිත කරන්න. සතියකට එක් වරක් හෝ අයිස් කියුබ් යොදාගෙන පියයුරු විනාඩි 05 ක් විතර සම්බාහනය කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට පියුයරු එල්ලා වැටීම අඩු වෙලා පියයුරුවල හැඩයත් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙනවා.
බ්‍රා එකක් අඳින්නේ නැතුව ඉන්න එපා
ඕනෑම කෙනෙක් ඇඟට හිර නොවන ආකාරයේ සැහැල්ලු ඇඳුම් අඳින්න හරිම කැමතියිනේ. ඉතිං ඒ පහසු බව නිසාම ගොඩක් කාන්තාවන් ගෙයින් පිටට නොයන වෙලාවට බ්‍රා එකක් අඳින්න ටිකක් විතර කම්මැලියි. මෙහෙම වුණාම තමයි ඔයාගේ පියයුරුවල හැඩය අවලස්සන වෙන්නේ. සමාන්‍යයෙන් ඔයා ගෘහණියක් විදිහට ගෙදර නිතරම ඉන්න කෙනෙක් නම් මේ වැරැද්ද කවදාවත් කරන්න එපා. මොකද පියයුරුවල හැඩය නැති වෙන්නේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා. සමාන්‍යයෙන් කාන්තාවක් නින්දට යනකොට තමයි සැහැල්ලු ඇඳුමක් ඇඳිය යුතු වෙන්නේ. ඉතිං ඔයාටත් ඔයාගේ සිරුරේ හැඩය ලස්සනට තියා ගන්න ඕන නම්, පියයුරුවලට බ්‍රා එකක් අඳින්න අමතක කරන්න එපා. බ්‍රා එකක් අඳින එක අනවශ්‍ය අපහසුතාවක් කියලා ඔයා හිතුවොත් ඔයාගේ සිරුරේ සුන්දරත්වය ඔයාටත් නොදැනිම නැති වෙලා යාවී.
තද හිරු රශ්මියට නිරාවරණය වෙන්න එපා
තද හිරු රශ්මිය ඔයාගේ සමට කොතරම් දුරට හානී පමුණුවනවද කියලා හැඩකාරී අපි ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. ගොඩක් වේලාවට කාන්තාවන් කරන වැරැද්දක් තමයි සිරුරට සැහැල්ලු එහෙමත් නැත්නම් දුහුල් ඇඳුම් අඳින්න ඕන කියලා හිතලා ඉතාමත් දුහුල් ඇඳුම් අඳිනවා. ඔයා මේ විදිහේ දුහුල් ඇඳුම් සීමාවක් නැතුව ඇන්දොත් ඔයාගේ සිරුරට සිදුවෙන හානීය වචනයෙන් කියලා අවසන් කරනන්න බැහැ. මුලින් කිව්වා වගේ පියයුරුවල සම ඉතාමත් සංවේදියි. මේ සංවේදී බව නිසා පියයුරුවලට හානී ගෙන දීම වඩාත් වේගයෙන් සිදු වෙනවා. සම එල්ලා වැටීම, ලප ඇති වීම ආදීය පියයුරුවලට සිදු වෙනවා. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි ඔයාට කියන්නේ තද හිරු රශ්මියට නිරාවරණය වෙන්න එපා කියලා. පියුයරුවල සුන්දරත්වය කියන්නේ හැඩය පමණක් නෙමෙයි. පියුයරුවලට අඳුරු පැහැය එකතු වීම හා පියයුරුවල සම පිළිස්සීමට ලක් වීමෙනුත් පියයුරුවල සුන්දරත්වය නැති වෙලා යනවා.
ඇඟට හිර ඇඳුම් අඳින්න එපා
විශේෂයෙන්ම මේ වැරැද්දත් බොහෝ කාන්තාවන් විසින් සිදු කරනවා. ගොඩක් වේලාවට සිරුරේ සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්වන්න හිතාගෙන ඇඟට තද ඇඳුම් අඳින්න පුරුදු වෙලා ඉන්නවා. මෙයින් සිදු වෙන්නේ ඔයාගේ සිරුරේ තියෙන ලස්සනත් නැති වෙලා යන එක. විශේෂයෙන්ම ඔයා පියයුරුවලට තද වන බ්‍රා එකක් අඳිනවා නම්, ඒ වැරැද්ද අදින් පස්සේ කරන්න එපා. මොකද පියයුරුවලට තද බ්‍රා එකක් ඇඳීමෙන් පියයුරු අධික තෙරපුමට ලක් වෙනවා. අන්න එතකොට රුධිර සංසරණය වඩාත් හොඳින් සිදු වෙන්නේ නෑ. දවස පුරුම ඔයා කොච්චර අපහසුවෙන් ඇඟට තද බ්‍රා එකක් ඇඳගෙන හිටියත් වැඩක් වෙන්නේ නෑ, ඔයාගේ පියයුරු අධික තෙරපුම නිසා එල්ලා වැටිමකට ලක් වෙනවා. ඉතිං හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔයාගේ පියයුරුවලට ගැළපෙන ආකාරයේ බ්‍රා එකක් පමණක් භාවිත කරන්න කියලා. මොකද තාවකාලීක ලස්සන ඔයාට සුන්දරත්වයට වඩා අවලස්සනක් තමයි අනාගතයේදී එකතු කරන්නේ.
වැරදි ඉරියච්
අපි අඳින පළඳින සියල්ල වගේම අපි ඇවිදින විදිහත් එහෙමත් නැති නම් ඉරියච් පවත්වන ආකාරයත් සිරුරේ ක්‍රියාකාරිත්වයට අඩු වැඩි වශයෙන් බලපානවා. ගොඩක් වේලාවට ඔයා ඇවිදීමේදී වගේම ඉඳඟෙන කරන ඕනෑම කටයුත්තකදී කුදු වී වැඩ කටයුතු කරනවා කියලා හිතන්නකෝ. ඉතිං මේ වැරදි ඉරියව් බලපාන්නේ ඔයාගේ කොන්දේ අමාරුවට විතරක් නෙමෙයි. ඔයාගේ පියයුරුවල හැඩයටත් මේ වැරදි ඉරියව් එක ලෙස බලපානවා. ඔයා දීර්ඝකාලීනව කුදු වී සිටීමෙන් ඔයාගේ පියයුරු එල්ලා වැටීමට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි පියයුරුවල හැඩය පවා වෙනස් වෙනවා. ඉතිං ඔයාටත් ඔයාගේ සිරුරේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න අවශ්‍ය නම්, ඔයාගේ රූ සපුව ලස්සනට පවත්වා ගන්න ඕන නම් මෙවැනි වැරදි ඉරියව් භාවිත කිරීමෙන් ටිකක් ඈත් වෙන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.