පිළිකාව කියන වචනයටත් බය ඔයාට වරකා වලින් විසඳුම

November 13, 2018
18,807
Jack fruit to prevent cancer
රසයෙන් ගුණයෙන් පිරි කාගේත් කටට කෙළ උනන කෑමක් වන වරකා වලින් පිළිකා නසන්න පුළුවන් කියලා ඔයා දැනගෙන සිටියාද? අප රටේ වැවෙන පළතුරක් වන වරකා වල තන්තු, පොටෑසියම්, විටමින් A, විටමින් B6, විටමින් C, මැග්නීසියම්, යකඩ, ප්‍රෝටීන් සහ කැල්සියම් යන පෝෂණ  ගුණයන් රැසක් තියෙනවා. දිනකට අපේ ශරීරයට විටමින් B6 25% පමණ අවශ්‍ය වෙනවා. එළවළු විතරක් කන කෙනෙක්ට වරකා වලින් ශරීරයට අවශ්‍ය විටමින් ලබා ගන්න පුළුවන්. පිළිකා වර්ග අතරේ සුව කරන්න අමාරු මහා බඩවැලේ ඇති වෙන පිළිකාව, වාසනාවකට මෙන් වරකා වල ඇති සුවිශේෂි ගුණයන්ගෙන් සුව කර ගන්න පුලුවන්. අද හැඩකාරි අපි කියන්න යන්නේ වරකා වලින් පිලිකා නසන්නේ කොහොමද කියලා.

වරකා ඔයාගේ ආහාරයට අනිවාර්යෙන්ම එකතු කර ගන්න

වරකා මදුළු කෝප්පයක කැලරි 155, මේදය 4g, කොලෙස්ටරෝ සහ සෝඩියම් අන්තර්ගත වෙනවා.  වරකා වල විටමින් A, විටමින් C සංයෝග සහ ශරීරයට අවශ්‍ය ඛනිජ අඩංගු වෙනවා වගේම වරකා වල ඇති සරල සිනි ශරීරයට ගුණදායක වන අතර තන්තු ලැබීමෙන් ආහාර ජීරණය වේගවත් වෙනවා.

මහා බඩවැලේ පිළිකා සුව කිරීම

වරකා වල ඇති phytonutrients, lignans, sapanins සහ isoflavones යන සංයෝග වලට පිළිකා මර්දනය කරන්න පුළුවන් පොහොසත් ගුණයන් අඩංගු වෙනවා. ඒ වගේම වරකා වල ඉහල ප්‍රතිශක්තීකරණ ගුණයන් ඇති නිසා වරකා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති වන රෝග වලට එරෙහිව සටන් කරනවා.

phytonutrients

මෙය පිළිකා මර්දනය කල හැකි සංයෝගයක් වන අතර පිළිකා සෛල මුල් කාලයේදීම විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. වරකා සතුව ප්‍රමාණවත් පරිදි සංයෝග අනතර්ගත වී නිසා පිළිකා මර්දනය කිරීමට සුවිගේෂි හැකියාවක් තියෙනවා.

lignans සහ  isoflavones

මෙම සංයෝග දෙක මගින් ඊස්ටජන් හෝමෝනය නිපදවීම කරන්න පුළුවන් නිසා ගර්භාෂයේ ඇති වෙන පිළිකා වලක්වා ගැනීමට පුළුවන් වෙනවා. මෙය කාන්තවන් 500යක් යොදා ගෙන සනාථ කර ගෙන තියෙනවා.

sapanins

මහා බඩවැලේ ඇති වෙන පිළිකාවට සටන් කිරීමට හැකියාවක් මෙම සංයෝගය සතුයි. මෙය ලියුකේමියා සෛල සමග සටන් වදින බව සනාථ කර තියෙනවා. මෙම සංයෝගය මගින් පිළිකා සෛල වටා කවරයක් සදා පිළිකා සෛල වර්ධනය වැලැක්වීමේ හැකියාව තිබෙනවා.

DNA සෛල ආරක්ෂා කිරීම

වරකා සතුව ප්‍රතිඔක්සිකාරක බලයන් ඇති නිසා ශරීරයේ හට ගන්නා රෝග කාරක සමග සටන් වැදීමට සහ ඔක්සිකාරක ඇති වීම වලක්වා ගැනීමටද හැකියාව තිබෙනවා. මහා බඩවැලේ සහ ආහාර ජීරණ පද්දතියේ ඇති විෂ ඉවත් කර පිළිකා අවදානමෙන් මිදවීමට වරකා වලට පුළුවන් වෙනවා.

වරකා සතුව විටමින් C ඇති නිසා ප්‍රතිශක්තිකරණය වේගවත් වෙනවා. පිළිකාවෙන් මිදීමට වගේම බොහෝ රොග වලින් වැලකීමට වරකා ඔයාගේ ආහාරයට එකතු කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1163 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/1163/jack-fruit-to-prevent-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:18:25 AM
Script:/article/1163/jack-fruit-to-prevent-cancer.html