කරදරකාරී මැස්සන්, මදුරුවන් සදහටම එළවන්න පිළියම් කරන්නේ මෙන්න මෙහෙමයි

October 30, 2018
6,364
How to get rid of mosquitoes and house flies
ඇඳුම් පැළදුම්, විලාසිතා, ආහාරපාන වගේම ඔයාගේ එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ තොරතුරු, කරුණු කාරණා ගැන ඔයා එක්ක කතාබහ කරන්න හැඩකාරී අපි අමතක කරන්නේ නෑ කියලා ඔයා හොඳින්ම දන්නවානේ. හැඩකාරී අපි ඔයාට ඔන්න හැමදාම වගේම අදත් කියලා දෙනවා ඉතාමත් වටිනා කරුණු කිහිපයක් ගැන. මැසි මදුරු කරදරය ඔයාගේ ගෙදර වටපිටාවට යහපත් දෙයක් නෙමෙයි කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. අවට පරිසරය පිරිසිදු නැති වුණාම වගේම, අව්ව වැස්ස කාලයටත් සීමාවක් නැතුව මැසි මදුරු කරදරය පැතිරෙනවා. මැසි මදුරු කරදරය සමාන්‍ය දෙයක් කියලා ඔයාට සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ඔයා නිසි අවධානය මේ මැසි මදුරු කරදරයට යොමු නොකළොත් වසංගත රෝග, බෝවන රෝග වගේම විවිධ ආසාදන තත්ත්වයන් ඔයාව හොයාගෙන එන්න පටන් ගන්නවා සීමාවක් නැතුවම. ඉතිං ඒ නිසා ඔයාගේ ගෙදර වගේම නිවස අවට පරිසරය තුළද හැඩකාරී අපි මේ කියන මැසි මදුරු කරදරය තියෙනවා නම් මේ කියන විසඳුම්වලින් එකක් හෝ කිහිපයක් භාවිත කරලා මැසි මදුරු කරදරයට සමු දෙන්න දැන් පුළුවන්.

දෙහි යුෂ සහ කරාබුනැටි

පැඟිරි කුලයට අයිති පළතුරක් තමයි දෙහි කියන්නේ. ඉතිං දෙහිවල අන්තර්ගත පැඟිරිමය ගුණය නිසා ඔයාට ඉතාමත් ඉක්මනින් මැසි මදුරු කරදරයට විසඳුමක් හොයා ගන්න පුළුවන්. රසායනික සංඝටක අන්තර්ගත දියර වර්ග මැසි මදුරු කරදරය වෙනුවෙන් භාවිත කරන එක ඔයාටත් ඔයාගේ නිවස තුළ ජීවත් වෙන ලොකු කුඩා කාටත් එතරම් හොඳ දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි හැඩකාරී ඔයාට මේ ස්වභාවික ක්‍රම ටික කියලා දෙන්න තීරණය කළේ. ඔයාගේ ගෙදර මදුරුවන් ටිකක් වැඩි පුර ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතිං ඔයාට පුළුවන් මැටි භාජනයකට දෙහි කොළ ටිකක් සහ පොල් මුඩු ටිකක් එකතු කරලා පුච්චලා එන දුම, මදුරුවන් වැඩි පුර ඉන්න අඳුරු සහිත ස්ථානවලට පතුරුවා හරින්න. පැඟිරි ගන්ධය නිසා මදුරුවන් ඉවත් වෙලා යනවා. ඉතිං දිනපතාම මේ ක්‍රි‍යාව කළොත් ඔයාට මදුරු කරදරයෙන් හිතුවටත් වඩා ඉක්මනින් නිදහස් විය හැකියි.

ඔයාගේ ගෙදර ගෙමැස්සන් ඉන්නවා නම් දෙහි ගෙඩි කිහිපයක යුෂ ඉවත් කරගෙන එයට කරාබුනැටි කිහිපයක් කුඩු කර හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව කුඩා බෝතලයකට එකතු කර ගෙමැස්සන් වැඩි පුර ගැවසෙන ස්ථානවලට ස්ප්‍රේ කරන්න. එතකොට ගෙමැස්සන් ඉවත් වෙලා යනවා. තවත් පුංචි ක්‍රමයක් භාවිත කරලා ගෙමැස්සන්ගේ කරදරය මගහරවා ගන්න පුළුවන්. කරබුනැටිවල සැරට මැස්සන් ඉතාමත් අකමැතියි. ඉතිං මේ සැරට දෙහි යුෂවල සැර එකතු වුණාම එහි සැර සහිත බව දෙගුණ තෙගුණ වෙනවා. දෙහි ගෙඩියක් අරගෙන හරි අඩක් වන සේ වෙන් කර ගන්න. ඊට පස්සේ වෙන් කර ගත් දෙහි බෑවේ තැනිත් තැන කරාබුනැටි රදවන්න. මේ විදිහට සකස් කළ දෙහි බෑවක් මැස්සන් වැඩි පුර ගැවසෙන තැන් වල තියලා තිබ්බම සැර අධික නිසා මැස්සන් ඉවත් වෙලා යනවා.

පැඟිරි තෙල්

පැඟිරි තෙල් කියන්නේ මැසි කරදරයට වගේම මදුරු කරදරයටත් සාර්ථක විසඳුමක්. ගොඩක් වේලාවට පාඩම් කරන දරුවන්ට නම් පැඟිරි තෙල් කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. මොකද මදුරු කරදයෙන් මිදෙන්න පැඟිරි තෙල් අත්දුටු ප්‍රත්‍යක්ෂ අත් බෙහෙතක්. ඉතිං පැඟිරි තෙල් මගින් මැස්සන් වගේම මදුරු ආකාර්ෂණයද නවත්වා ගත හැකියි. හරිම පුංචි දෙයක් තමයි ඔයාට මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. ස්පොන්ච් කැබැල්ලකට පැඟිරි තෙල් හොඳින් ස්ප්‍රේ කරලා මැසි මදුරුවන් වැඩිපුර ගැවසෙන තැන්වල තියලා තියන්න. පැඟිරි තෙල්වල සැර ගන්ධය නිසා ඔවුන් ආකාර්ෂණය වෙන්නේ නැති තරම්. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මැස්සන් ගැවසෙන ස්ථානවලට පැඟිරි තෙල් ස්ප්‍රේ කිරීමේ හැකියාවද තියෙනවා.

ලැවෙන්ඩර් තෙල්

ලැවෙන්ඩර් තෙල් කියන්නෙත් පැඟිරි තෙල් වගේම මැසි මදුරුවන් විකර්ෂණය කරන්න පුළුවන් හරිම හරිම සාර්ථක ක්‍රමයක්. මුලින්ම ලැවෙන්ඩර් තෙල් ස්වල්පයක් ස්පොන්චි කැබැල්ලකට ස්ප්‍රේ කර ගන්න. ඊට පස්සේ ලැවෙන්ඩර් තෙල් පෙගවු ස්පොන්ච් කැබැල්ල එක් රැයක් තුළ අවට වාතාශ්‍රය නොලැඹෙන සේ ආවරණය කරලා තියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මැස්සන් ගැවසෙන තැන් හොයලා මේ ස්පොන්ච් කැබලි තියලා තියන්න. මෙහි සැර අධික බව නිසා මැස්සන්ගේ සංවේදී බව ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්න එතකොට තමයි ඔවුන්ගේ ආකාර්ෂණය වීම නවතින්නේ. ඔයාට ඕන නම් කුඩා පිරීසියකට තෙල් බින්දු කහිපයක් දාලා ගෙමැස්සන් ගැවසෙන තැන්වලින් තියලා ගෙමැස්සන් ආකාර්ෂණය වීම අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to kill bad bacteria in your mouth
   130
   100

ඔබේ මුඛයේ බැක්ටීරියා විනාශ කර සැහැල්ලුවෙන් හුස්ම ගැනීමට ක්‍රම 6 ක්

ලෝකයේ මිනිසුන්ගෙන් සියයට 35% ත් 45% ත් අතර සංඛ්‍යාවක් ඔවුන්ගේ දිවා කාලයේ මුවින් දුගඳක් වහනය වීම නිසා පීඩා විඳිනවා. මුවින් දුගඳක් වහනය වීම සමඟ සටන් කිරීමට පහසු ක්‍රම 6ක් අද අපි ඔබ වෙතට ගෙන එන්න සුදානම්
Has your hair started to thinning?
   459
   72

ඔබේත් හිසකෙස් සිහින් වෙන්න පටන් අරන් ද? එහෙනම් මෙන්න ඒකට හේතු

හිසකෙස් සිහින් වීමේදී තට්ටය ඇති නොකරත්, එය ඔබේ හිස මත හිස් තැන් ඇති කරනවා. ඒ නිසා මෙය සිදු වෙන හේතු සහ කල හැකි ප්‍රතිකර්ම ගැන දැනුවත් වෙන්න මේ ලිපිය අවස්ථාවක් කර ගන්න
Know about Vaginal atrophy
   2,283
   38

යෝනි මාර්ගය වියලීම (Vaginal atrophy) ගැන ඔබ දැන සිටිය යුතු කරුණු

ඔබේ යෝනි වියලි බව, යෝනියේ හට ගන්නා දැවිල්ල, යෝනි ශ්‍රාවය, ලිංගික ප්‍රදේශය කැසීම, මුත්‍රා කිරීමේදී දැවෙන වේදනාව, නිතර නිතර මුත්‍රා කිරීම, මුත්‍රා ආසාදන වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් Vaginal atrophy දැයි සොයා බලන්න. ඉතින්, ඔබට මෙයින් අවදානමක් තිබේද?
Use these natural ingredients carefully
   633
   28

මේ ස්වාභාවික අමුද්‍රව්‍ය 8 අධික ලෙස භාවිතා කළොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දන්නවාද?

පරිසර හිතකාමී සහ සාමාන්‍යයෙන් අඩු හානිකර දේවල් වුවත්, මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය අපගේ රූපලාවණ්‍ය කටයුතුවලට එකතු කිරීමේදී අපි තවමත් ප්‍රවේශම් වෙන්න ඕනේ
Kaju Dosi Recipe
   52,180
   26

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed