ඔබ ආදරය කරනවා නම් කැපවීමට සූදානම්ද?

October 19, 2020
2,842
Are you ready to commit?
ආදරය, සම්බන්ධතා සහ වෙන්වීම් කියන්නේ හදවත සම්බන්ධ කාරණා. ඒ නිසාම ඔබ ඇත්තටම ආදරය කරනවා නම්, ඒ සම්බන්ධතාවයට කැපවීම කියන සාධකය අනිවාර්‍යෙන්ම අවශ්‍යයි. ඉතින්, ඔබ ඔබේ බැඳීම වෙනුවෙන් කැපවීමට සූදානම්ද? ඒ ගැන සොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියනවාද? ඇත්ත වශයෙන්ම, ඒක කරන්න පුළුවන්. පහත සඳහන් ප්‍රශ්න ඔබෙන්ම අසන්න. ඔබ කැපවීමට සූදානම්ද නැද්ද යන්න දැන ගන්න පුලුවන් වෙයි.

ඒක ආදරය ද කැමැත්ත ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් ඔබ ජීවිතයේ ඉදිරියට පියවරක් තියන්න ඕනේද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙයි. ඔබ කෙනෙක්ට ආකර්ෂණය වෙන්න පුලුවන්. ඒත් සම්බන්ධතාවය ඉදිරියට ගෙන යන්න නම් හමුවීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඔබ දෙදෙනා එකිනෙකාව වඩා හොඳින් අඳුනගන්න ඕනේ. ඒක කැමැත්තක් විතරක් නම් ඒ හැඟීම් දින කිහිපයක් ඇතුළත හදවතේ කවුළුවෙන් පිටතට පියාසර කරාවි. 'මට කෙනෙක් ගැන ලොකු කැමැත්තක් තියනවා' කියලා ඔබට හිතෙනකොට ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ආදරය කරන බව නම් නෙමෙයි. ඊට වඩා ඔබේ සම්බන්ධතාවයට යම් ආකාරයක පරිණතභාවයක් සහ අවබෝධයක් තිබෙනවා නම්, ඔබ කැපවීමට සූදානම් බව කියන්න පුලුවන්.

ඔබ ඔබේ සහකරු සමඟ ගැළපෙනවාද?

ගැළපීම කියන්නේ ඔබ කෙනෙක් වෙනුවෙන් ජීවිත කාලයේම කැප වෙන්න හිතන් ඉන්නවා නම් වැදගත් ම සාධකයයි. ඔබ ඔබේ සහකරු සමඟ මූල්‍යමය, සමාජීය, ආගමික, අධ්‍යාත්මික, ශාරීරික හා බුද්ධිමය අංශ වලින් ගැළපෙනවාද? ඒ ඇතුළේ යම් යම් වෙනස්කම් තිබීම සාධාරණයි. නමුත් විශාල වෙනස්කම් තිබීම නම් ඒ හැටි සෞඛ්‍ය සම්පන්න දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ඔබේ සහකරු ඔබේ අභිලාෂයන් අගය කරන්නේ නැත්නම් ඒ කැපවීමෙන් තේරුමක් නෑ. ඇත්ත වශයෙන්ම ඔබ දෙදෙනා අතරේ එකඟතාවයකට එන්න පුළුවන් වෙනස්කම් තියනවා නම් සම්බන්ධතාවයට කැප වුණාට ගැටළුවක් නෑ. ඔබ ඔබේ සහකරුට සෑම ආකාරයකින්ම ගැළපෙනවා කියලා ඔබ සිතනවා නම් ඒක ස්ථීර සම්බන්ධතාවයක් බවට පත් කිරීම වෙනුවෙන් කැපවෙන්න.

සම්බන්ධතාවයට කාලය ලබා දීමට ඔබ සූදානම්ද?

සම්බන්ධතා විසින් නිතරම කාලය ඉල්ලා සිටිනවා. ඒක ආදරයමයි කියලා ඔබට සහතික වෙන වෙලාව උදා වුණාට පස්සේ ඔබ ආපසු හැරී බලන්න ඕනේ නැති මට්ටමට සම්බන්ධතාවය විශ්වාසදායක එකක් වෙන්නත් ඕනේ. නමුත් ආදරය පිළිබඳ හැඟීම හැරුණු විට, සම්බන්ධතාවයක් විසින් තවත් බොහෝ දේවල් ඉල්ලා සිටිනවා. ඒ නිසා ඔබේ සම්බන්ධතාවයට බොහෝ කාලයක් ලබා දෙන්න ඕනේ. සම්බන්ධතාවයක් වෙනුවෙන් අවංකව කැප වෙද්දී ඔබේ ජීවන රටාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබේ සහකරු හමුවීමට ඔබට දුර ගමනක් යන්න අවශ්‍ය වෙන්න පුළුවන්, ඔබ දෙදෙනා හමු වෙන අවස්ථා වලදී ගුණාත්මක කාලයක් ගත කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා වලදී දෙදෙනාම එකට ප්‍රමාණවත් කාලයක් ගත කරන්නේ නැත්නම්, ඒක ඔබගේ සම්බන්ධතාවයට බලපාන්න පුළුවන්. දුරස්ථ සබඳතා පවත්වන පෙම්වතුන් වැඩියෙන් දුක් විඳින්නේ ඒ නිසායි.

ඔබේ සහකරු ඔබේ පවුලට හඳුන්වා දීමට ඔබ සූදානම්ද?

ඔබේ සහකරු මේ වෙද්දිත් ඔබ සමඟ පවත්වන සම්බන්ධතාවයට කැප වෙලා නම් ඉන්නේ, ඒ ගැන සැඟවීමට අවශ්‍ය වෙන්නේ ඇයි? ඔහු හෝ ඇය ඔබව දෙමාපියන් වෙත රැගෙන යාමට සූදානම් බව ඔබට විශ්වාසද? ඔබේ සම්බන්ධතාවය ගැන ඔවුන් සතුටු වෙයි කියලා ඔබට විශ්වාසද? ඔබේ සහකරු ඔබව ඔහුගේ දෙමාපියන්ට හඳුන්වා දීමට සියල්ල සූදානම් කරලා නම් තියෙන්නේ, ඒ බැඳීම වෙනුවෙන් කැප වුණා කියලා ඔබට හානියක් වෙන්නේ නෑ. ඒ වගේම ඔබේ පැත්තෙනුත් ඒ දේවල් වෙන්න ඕනේ. ඔබේ සම්බන්ධතාවය ගැන ඔබේ මිතුරන්ට සහ නෑදෑයින්ට දැන්වීම සම්බන්ධයෙන් ඔබ තුළ යම් බාධාවක් තියනවා නම්, ඒ ගැන නැවත සිතා බැලීමට කාලයයි.

ඔබ ඔබේ අතීත සබඳතා අවසන් කරලා ද තිබෙන්නේ?

ඔබේ අතීත සබඳතා නිශ්චිතවම ඉවර කරලා නැත්නම් ඒවායින් ඔබේ සම්බන්ධතාවයට විනාශයක් ඇති කරන්න පුළුවන්. ඔබ ජීවිත කාලයටම කැප වෙන්න සූදානම් විශේෂ සහකරුවා/සහකාරිය සමඟ සම්බන්ධ වෙන්න කලින් ඔබේ ජීවිතයේ හිටපු අය සමඟ තිබ්බ සියලුම සබඳතා සම්පූර්ණයෙන්ම කපා හැරීම වඩා හොඳයි. ඔබේ සහකරු ඔහුගේ/ඇයගේ හිටපු ආදරවන්තයා/ආදරවන්තිය සමඟ සම්බන්ධ වෙනවාට ඔබ කැමතිද? මේ ප්‍රශ්නය ඔබෙන්ම විමසලා වඩා වැදගත් ම දේ තීරණය කරන්න. ඔබේ හිටපු පෙම්වතුන්/පෙම්වතියන් සමඟ නැවත මිත්‍ර වීම ඔබේ සහකරු සමඟ හොඳ සම්බන්ධතාවයක් පැවැත්වීමට කොයි තරම් අයහපත් විදිහට බලපායි ද කියලා හොඳීන් සිතා බලන්න.

ඔබේ අනාගතය විවාහ කාඩ්පත්වල ලියවෙයි ද?

ඔබ කඩවසම් තරුණයෙක් හෝ හුරුබුහුටි තරුණියක් සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා ද? එහෙනම් ඔබ ඔබේ සහකරු සමඟ ඉද්දී දැනෙන සුවපහසුවේ මට්ටම විශ්ලේෂණය කර ගැනීමෙන් ඔබේ සම්බන්ධතාවයේ ගැඹුර මැන ගන්න පුළුවන්. විවාහය ගැන කතා කිරීමට තව කල් තියාගන්න. ඊට කලින් අනාගතයක් නැති සම්බන්ධතාවයක සිටීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? අවුරුදු කිහිපයක් ආශ්‍රය කරලා බැලුවාට පස්සේ, විවාහය ගැන කතා කිරීමෙන් කිසි හානියක් වෙන්නේ නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1879 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/1879/are-you-ready-to-commit.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/1879/are-you-ready-to-commit.html