තවමත් ආදරවන්තයෙක් මුණ ගැසුණේ නැති නම් ඔයා ළඟත් මේ වගේ වැරදි තියෙනවාද?

February 21, 2019
11,771
If you haven’t found your lover still you might have these problems
ඔයාට තියෙන සමහර වැරදි පුරුදු නිසා ඔයාට තමා ආදරවන්තයෙක් හිමි වෙලා නැත්තේ කියලා කිව්වොත්, ඔයා විශ්වාස කරනවාද? බොහෝ යුවතියන් තමන්ට සහකරුවෙකු නොමැති වීම ගැනත්, තනිකම ගැනත් දුක් වෙනවා. තනිකම ගැන වැලපී වැලපී ඉන්නවට වඩා පොඩ්ඩක් මේ දේවල් ගැන හිතන්න. අද හැඩකාරී අපි ඔයාට තවමත් ආදරවන්තයෙක් මුණ ගැසුණේ නැති නම් ඔයා ළඟත් මේ වගේ පුංචි වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ වැරදි ටික හදාගෙන ඉදිරියට යමු.

කාර්යබහුල බව

කාර්යබහුල බව නිසා ඔයා එක තැනකට සිමා වෙලාද? ඔයා රැකියාවක නිරත වෙනවා නම් රැකියාවේදී වැඩ පිළිබඳ පමණක් අවධානය දෙනවා. නැති නම් ඔයා ඉහල අධ්‍යාපනයට විතරක් අවධානය දෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයා සති අන්තයේදී ඔයාපිට දෙමාපියන්ගේ, සහෝදරයින්ගේ, යහළුවන්ගේ රාජකාරි පැටවෙනවා වෙන්නත් පුළුවන්. එතකොට ඔයාට ආදරවන්තයෙක් ගැන හිතන්න වෙලාවක් නැහැ. තවද යහළුවන් ඇසුරු කරන්නවත් ඔයාට වෙලාවක් නැහැ. මේ වගේ අවස්ථාවකට ඔයා මුහුණ දෙනවා නම් ඔයාට ගැළපෙන, ඔයා ගැන හුඟාක් හිතන කෙනෙක් ලබා ගන්න හරි අමාරුයි. ඉතින් තමා වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න දෙපාරක් හිතන්න එපා.

තමාගේ රුපය ගැන දෙවරක් සිතන්න

ප්‍රේම සම්බන්ධතා අතර මගදී බිඳ වැටෙන්නත්, නැති නම් පෙම්වතෙක් ආකර්ෂණය නොවීම කියන්නෙත් ඔයා ඔයාගේ රුපය ගැන උනන්දු නොවී සිටීමට හේතුවක් නෙවෙයි. ඔයා නිතරම ඔයාගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන්න. තවද ඔයාගේ රූපේ හැඩය ඉස්මතු වෙන විදිහේ ඇඳුම් පැළඳුම් අඳින්න. තවත් කෙනෙක් ආකර්ෂණය කර ගැනීමට හැකි වන ලෙස සුන්දර හැසිරීම් රටාවකට සහ වචන හසුරු වීමටද හුරු වන්න. තවද කාන්තාවකට විශේෂයෙන්ම අවශ්‍ය දෙයක් වන ලස්සන  සිනහවකින් මුව සරසාගෙන සිටින්න. මේ වගේ හැසිරීම් රටාවන්ට පුරුදු වීමෙන්  බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය  ලබා ගැනීමට හැකියාව තියෙනවා.

දෙමව්පියන්ට අනවශ්‍ය ලෙස බිය වීම

ඔයාට තරුණයෙකු යෝජනාවක් ඉදිරිපත් කළත් ඔයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා නම් ඔයාට කොපමණ ආදර සිතුවිලි ඇති වුවත් ඔයා සිතුවිලි යටපත් කර ගෙන හංගන් ඉන්නවා නම්, ඔයාට තවමත් ආදරවන්තයෙක් මුණ ගැසුණේ නැති වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ දෙමව්පියන් ඔයා කැමති කෙනාට අකමැති වෙයි කියලා බිය නිසා ආදරය ප්‍රකාශ කරන්නේ නැති නම්  
ඔයා විසින්ම ඔයාට පෙම්වතෙකු ලැබීමේ අවස්තාව අහිමි කරගන්නවා. ඔයා කැමති කෙනාට අම්මා තාත්තා කැමති නොවෙන්න පුළුවන්. නමුත් දෙමව්පියන් සමඟ කතා කර ඔයා සම්බන්ධතාවයට අවසර ඉල්ලන විට අම්මා තාත්තා ඔයාගේ සබඳතාවයට ආශිර්වාද කරාවි.

නිවසේ වැඩිපුර ඉන්න කැමති

මිතුරන් සමග විනෝද වීම සඳහා පිටතට යාමට මිතුරන් ඇරයුම් කළත් ඔයා ඒ හැම දෙයක්ම එක එල්ලේ මඟ හරිනවා නම්, ඔයා වැඩියෙන්ම කැමති නිවසට වෙලා ඉන්න නම්, ඔයා විනෝද චාරිකා, සමිති සමාගම් වලට යාම, මංගල උත්සව සහ මිතුරු හමුවන් වැනි අවස්තාවන් මඟ හරිනවා නම්, ඔයාට කවදාවත් අළුත් මිතුරන් ඇසුරු කරන්නට හෝ හඳුනා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ හැසිරීමක් ඔයාටත් තියෙනවා නම් පෙම්වතෙකු හිමි කර ගැනීම අමාරු කාර්යයක්. සතියට වතාවක් වත් මිතුරන් හමු වීමට කාලය හදා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1272 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:04 AM
Script:/article/1272/if-you-haven-t-found-your-lover-still-you-might-have-these-problems.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:22:05 AM
Script:/article/1272/if-you-haven-t-found-your-lover-still-you-might-have-these-problems.html