ඔබව හැරගිය පෙම්වතා නැවතත් ඔබ ලගට ආවොත් මුලින්ම මේ දේවල් ටික කරන්න

March 23, 2017
33,934
What Does Starting Over With Your Ex Mean
අපේ ජිවිත වලට ගොඩක් දෙනෙක් එනවා වගේම අපිව දාලත් යනවා. නමුත් අපිට බෑ අපේ මුළු ජීවිත කාලයම එන යන අය වෙනුවෙන් කැප කරන්න. මේ නිසා අපිව දාල ගිහින් නැවතත් අපි ලගට එන අය ගැන අපිට දෙපාරක් හිතන්න වෙනවා. ආදරේදී අපිට විරහවක් ඉතිරි කරලා යන අය අමාරුවෙන් අපි හිත හදාගත්තහම අයෙත් අපේ ආදරේ ඉල්ලගෙන එනව නම් අපිට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද ඔහුට ඇත්තටම ආදරේ කරපු ඔබට සමහර විට ඔහුගේ ඉල්ලීමට පිටුපාන්න බැරුව යනවා. නමුත් මේ වෙලාවට ඔබ හොදින් හිතල බලලා තමයි තීරණයක් ගන්න ඕනේ. ඒ වෙලාවට ඔබ මුලින්ම මේ දේවල් ටික ගැන හිතල බලන්න.

1. ඔබ හදන්නේ රෑ වැටුන වලේ දවල් වැටෙන්නද කියලා හොදට කල්පනා කරලා බලන්න

ටිකක් හිතන්න ඔහු ඔබට ඇත්තටම ආදරෙයි නම් කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ. ඔහුගේ හිතේ ඔබ ගැන ආදරයක් නොතිබුන නිසා තමයි ඔහුට පහසුවෙන්ම ඔබව හැරයන්න හැකි වුනේ. මේ නිසා නැවත වතාවක් ඔබව හැරයන එක ඔහුට බොහොම සුළු දෙයක් විය හැකියි. එහෙම උනොත් ඔබට වෙන්නේ අමාරුවෙන් හදාගත්ත හිත ආයෙත් පාරක් රිදවා ගන්න.

2. හොදින් සොයා බලන්න ඔහු නැවත ඔබේ ආදරය ලබාගන්න උත්සහ කරන්නේ ඇයිද කියන වග

ඔබව හැර ගිහින් ඔහු වෙනත් කෙනෙක් සමග සබදතාවයක් ඇතිකර ගත්තේ නම්, අනිවාර්යෙන්ම ඔහු ඇයවත් හැරදමා තමයි නැවත ඔබ ලගට එන්නේ. මේ නිසා ඔහු නැවත ඔබෙන් ඈත්වෙලා ඇය ලගට හෝ වෙනත් කෙනෙක් ලගට යන්න තියන අවස්ථාව වැඩියි. මේ නිසා ඔහුගේ කතාවලට රැවටී නැවත ඔබ ඔබව අමාරුවේ දමාගැනීම නවත්වන්න.

3. ඔහු ඔබව හැරයන්න හේතුවුන කාරණාවන් හොදින් මතක් කර ගන්න

ඔහු ඔබව හැරයාමට පෙර සමහර විට ඔබේ වැරදි ගැන ඔබට චෝදනා කරන්න ඇති. එහෙනම් නැවත ඔහු ඔබත් සමග සබදතාවයක් ආරම්භ කලත් ඔබේ වැරදි නැවත නැවතත් මතක් කරමින් ඔබව පිඩාවට පත් කරන්න පුළුවන්. මේ නිසා සම්පුර්ණයෙන්ම ඔබ මත වැරදි පටවා ඔහු ඔබ හැර ගියා නම් නැවත ඔහුව ඔබේ ජිවිතයට ලංකර ගන්න එපා.

4. ඔබේ මිතුරන් වැඩිහිටියන් කියන දේවල් වලට අවධානය යොමු කරන්න

ඔබ තනිවුන අවස්ථාවේ ඔබේ හිත හදන්න ඔබ ලගින්ම හිටිය පවුලේ අය, මිතුරියන් කියන දේවල් වලට ඇහුන්කම් දෙන්න. මොකද ඔහු ඔබව හැරගිය විට ඔබ වටා සිටියේ ඔවුන්. නැත්නම් නැවතත් ඔබ අමාරුවේ වැටුන විට ඔවුනුත් ඔබට උදවු කරන්න ඉදිරිපත් නොවේවි.

5. ඔබේ හැගීම් පාලනය කරගන්න

ඔහුට ඇත්තටම ආදරය කල ඔබට ඔහු නැවත පැමිණි විට සමහර විට ඔබේ හැගීම් පාලනය කරගන්න බැරිවේවි. නමුත් ඔබ ජීවිතය ගැන තීරණ ගත යුත්තේ බුද්ධිමත්ව සිතා බලා. හැගීම් වලට ඉඩ දෙන්න ගියොත් ඔබ නැවතත් අමාරුවේ වැටෙන්න තියන ඉඩකඩ වැඩියි .

6. ඔබේ අකමැත්ත වරක් දෙවරක් ප්‍රකාශ කර ඔහුගේ ප්‍රතිචාර ගැන දැනගන්න

ඔබට ඔහුව අවශ්‍ය උනත් ටික කාලයක් ඔහුට අකමැත්ත ප්‍රකාශ කරමින් බලන්න ඔහුගේ එයට දක්වන ප්‍රතිචාර. ඒ තුලින් සමහර විට ඔබට දැනගන්න පුළුවන් වේවි ඔහුගේ සිතුවිලි ගැන හොදින්ම.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 142 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:19:23 PM
Script:/article/142/what-does-starting-over-with-your-ex-mean.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:19:23 PM
Script:/article/142/what-does-starting-over-with-your-ex-mean.html