ඔයාගේ ජීවිතයේ අහිමි වු සතුට යළි ලබා ගන්නේ මෙන්න මෙහෙමයි

November 21, 2018
4,751
How to get back your happiness
මිනිසුන්ට ජීවත් වෙන්න ඕන කරන්නේ මොනවද කියලා හැඩකාරී අපි ඔයාගෙන් ඇහුවොත් ඔයා ළඟ නොයෙකුත් නම් පිළිතුරු තියේවී. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, වාසස්ථාන ආදී නොයෙක් පිළිතුරු ඔයා ළඟ අඩු වැඩියෙන් තියෙන්න පුළුවන්. ඉතිං මේ සෑම දෙයක්ම ඔයාට ජීවත් වෙන්න අත්‍යාවශ්‍යයි කියලා ඔයාට අනන්තවත් හිතිලා ඇති. අද හැඩකාරී ඔයාට මේ කියන්න යන්නෙත් ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දෙයක් ගැන. සමහරවිට අපි මේ කියන දේ ඔයා ළඟ ඇති තරම් තියෙන්නත් නැති වෙන්නත් පුළුවන්. සතුට කියන්නේ ඔයාට ජීවත් වෙන්න ඕන කරන ආහාරයක් හා සමානයි. මොකද සතුට අහිමි වුණු තැන තමයි ගොඩක් දෙනෙක් ජීවිතය අත්හරිනේ සහ ජීවිතයෙන් පැනලා යන්නේ. ඒත් ඔයා අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියෙව්වට පස්සේ තවත් නම් ජීවිතය අත්හරින එක්ක නෑ. දුක, සතුට, කඳුල යන මේ සියල්ලම තියෙන්නේ ඔයා ළඟ. ඔයාට පුළුවන් මේ හැමදේම අඩු වැඩි වශයෙන් ජීවිතයට ළඟා කර ගන්න. සතුට ඔයාගේ ජීවිතයට ළඟා කර ගත්තොත් ගත වෙන හැම තප්පරයකදීම ඔයාට ජීවත් වෙන්න ආස හිතෙයි. එහෙම නොවුණොත් ඔයාට සිද්ධ වෙන්නේ ගෙවෙන හැම තප්පරයකම දුකින් කාලය ගත කරන්න. ඉතිං ඔයාම තීරණය කරන්න සතුට තමන්ගේ ජීවිතයට ළඟා කරගෙන ජීවත් වෙනවද? එහෙමත් නැතිනම් දුකින් කාලය එක්ක ඔට්ටු වෙනවද කියලා.

හුදෙකලා වෙන්න එපා

ජීවිතයේ ප්‍රශ්ණ, බාධක, කම්කටොලු නැත්තේ කාටද. බහුතරයක් ජීවත් වෙන්නේ ප්‍රශ්ණ හා නොයෙක් ගැටලු මධ්‍යයේ තමයි. එහෙම කියලා ඔයාට මේවායින් පැනලා යන්න නම් හැකියාවක් ලැඛෙන්නේ නැහැ. ඔයාගේ හිතට මොනයම් හෝ කරදරයක් ආවම හුදෙකලා වෙන්න එපා. තමන්ගේ හිතවතුන්, නැදැයින් එක්ක කතාබහ කරන්න. විසඳුමක් කොහේ හරි තියෙනවා. හුදෙකලා වුණොත් ඔයාට ඒ විසඳුම හොයන්න වෙන්නේ තනියම. එතකොට විසඳුම ඔයාට ඉක්මනින් නොපෙනන්නත් පුළුවන්. කාලය ඔයා වෙනුවෙන් නවතින්නේ නැහැනේ. ඉතිං එයින් වෙන්නේ ඔයා තවත් දුකට පත් වෙන එක. තියෙන ගැටලුව ඉක්මනින් විසඳා ගත්තොත් ඔයාට අහිමි වුණු සතුට ඉක්මනින් ළඟාකර ගත හැකියි. ඒ විතරක් නෙමෙයි ගොඩක් දෙනෙක් හුදෙකලා ජිවිත ගත කරන්න කැමතියි. ඒත් එයින් ඔයාට යම් ආශ්වාදයක් ලැබුණත් ඇත්තටම ඔයාට පරිපූර්ණ සතුටක හිමිකරුවෙක් වෙන්න එයින් හැකියාවක් නැහැ. අන්න ඒ නිසා හුදෙකලා බවෙන් අත් මිදෙන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ. එතකොට හිතුවාටත් වඩා ඉක්මනට සතුට ඔයාව හොයාගෙන ඒවී.

අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න එපා

අද සමාජය තුළ ගොඩක් දෙනෙක්ට සතුට අහිමි වෙලා තියෙන්නේ අන්තර්ජාලය නිසා. මොකද අද හැමෝම සයිබර් අවකාශයේ ඕනවටත් වැඩියෙන් අතරමං වෙලා. හැඩකාරී අපි ඔයාට මේ කියන්නේ අන්තර්ජාලය නරකයි කියලා නම් නෙමෙයි. ගොඩක් අය සතුට ළඟා කර ගන්න ගිහින් තිබුණු සතුටත් නැති කර ගන්නවා මේ කියන කරුණ නිසා. ඔයාට පුංචි උදාහරණයකින් මේ කරුණ පැහැදිලි කරන්නම්කෝ. අද ගෙදරක සමාජිකයින් 05 ක් ඉන්නවා නම් මෙයින් 03 ට වත් අඩුම තරමේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඉතිං මේ ස්මාර්ට් ෆෝන් එක ඇතුළේ තමයි ගොඩක් දෙනෙක්ගේ සතුට තියෙන්නේ. කෑම ටිකක් ගන්න කෑම මේසයේ ඉඳ ගත්තත් ස්මාර්ට් ෆෝන් එක අතේ. පවුල ඇතුලේම එකිනෙකාගේ ජීවිත හුදකලා වෙලා. එකිනෙකාගේ ජීවිතයේ කුමක් සිදුවෙන්වාදැයි එකිනෙකා නොදනියි. එකිනෙකා අතර ආදරය, සහයෝගය, දයාව නැති වෙලා ගිහින්. ඒ තරම් අපි තාක්ෂණයට ඇබ්බැහි වෙලා. ඕනම දෙයක් ඕනවට වැඩියෙන් ඕනෙම නෑ කියලා ඔයා අහලා ඇතිනේ. ඉතිං ඔයා තාක්ෂණය භාවිත කරන්න, ඔයාගේ යහපත වෙනුවෙන්. එහෙමයි කියලා තාක්ෂණය වගේම අන්තර්ජාලය නිසා ජීවත් වෙන්න ඕන කරන සතුට නම් අහිමි කර ගන්න එපා.

පවුලේ හිතවතුන්ට හැකිතාක් සමීප වෙන්න

ඔයාට මට වගේම අපි හැමෝටම ජීවිතයට සතුට ලබා ගන්න පුළුවන් පහසුම තැන තමයි පවුල කියන්නේ. ඔයා පවුලට සමීප වෙලා ඉන්න තරමට ඔයාට සතුටින් ඉන්න පුළුවන්. අද තියෙන තරඟකාරී සමාජ වටපිටාව එකක් ගණදෙනු කරන අතරේ ඔයාට ඔයාගේ පවුලේ සමීපතමයන් එක්ක කාලය ගත කරන්න වේලාවක් නැති වෙන්නත් පුළුවන්. ඒත් ඔයාට හැඩකාරී අපි නම් කියන්නේ පුළුවන් හැම වේලාවෙම පවුලේ අය එක්ක සමීප සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න කියලා. මොකද පවුල ඇතුළේ තියෙන ආදරය, සෙනෙහස, සහෝදරත්වය නිසා ඔයාට සතුටින් කාලය ගත කරන්න පුළුවන්. එය ඔබ අපි සිතින් සිතනවාට වඩා ප්‍රායෝගිකව අත් විඳින අය අතර තහවුරු වූ කරුණක්.

භාවනා කරන්න

සිත හරිම චංචලයි කියලා ඔයා දන්නවානේ. ඉතින් හිතට නොයෙකුත් බාධක, අභියෝග හිරිහැර එන්න පුළුවන්. හිත ලෙඩ වුණාම තමයි බොහොම ඉක්මනින් ඔයාගේ ගත ලෙඩ වෙන්නේ. අන්න ඒ නිසා ඔයාගේ හිතේ සුවපත්බව හරිම වැදගත්. හිත ලෙඩ වුණාම තමයි ඔයාගේ සතුට ඔයාටත් නොදැනිම නැති වෙලා යන්නේ. ඉතිං ඔයාගේ සතුට නැවත ළඟා කර ගන්න හරිම පහසු අභ්‍යාසයක් තමයි භාවනාව කියන්නේ. චංචල සිත එක් තැන කරගෙන මානසික සුවයක් ලබා ගන්න පුළුවන් භාවනා කිරීම මගින්. ඔයාට පුළුවන් නම් උදෑසන අවදි වුණාට පස්සේ විනාඩි 15 ක් විතර භාවනා කරන පුරුද්ද ඇති කර ගන්න, එවිට ඔයාටත් නොදැනීම අහිමි වුණු සතුට ලබා ගන්න හැකි වේවී.

සුවදායක නින්දක් ලබා ගන්න

නින්ද කියන්නෙත් ඔයාගේ ජීවිතයට අවශ්‍ය ආහාරයක් හා සමානයි. සෑම කෙනෙකුගේම නිරෝගී පැවැත්මට නින්ද අත්‍යාවශ්‍යයි. ඒත් ගොඩක් දෙනෙක්ට කාර්යබහුල ජීවිතය එක්ක සුවදායක නින්දක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. එවිට මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන්ද ඔයාව අපහසුතාවට පත් විය හැකියි. අන්න ඒ නිසා කුමන වැඩරාජකාරී තිබුණත් ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,631
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,084
   22

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,031
   21

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed