ගර්භනී අවධියේදී ඇතිවන විඩාපත් බව (වෙහෙස) සහ ඔබ එයට මුහුණදිය යුතු ආකාරය

June 30, 2021
14,302
Dealing with fatigue during your pregnancy
ඔබ ගර්භනී තත්ත්වයේ පසුවන කාන්තාවක් නම් ඇතැම් විට ඔබට වෙනදාට වඩා වැඩියෙන් උණුසුම්බවක් (රස්නය), නිතර නිතර ඇතිවන ක්ලාන්තය ගතියක් හෝ වෙහෙසකාරි බවක් දැනෙනවා ඇති.. ගර්භනී සමයේ ඔබගේ ශරීරයේ සිදුවන හෝමොන වෙනස්කම් නිසා ඔක්කාරය සහ නොසන්සුන්කාරි බවක් ඇතිවීමත් සිදුවන්න පුලුවන්.. ගර්භනී කාලසීමාවේදි මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඇතැම් අවස්ථා වලදී ඔබ ඉන් දැඩි අපහසුතාවයට පත්වන්න පුලුවන්.. පෝෂණයෙන් අනූන ආහාර වේලක් ගැනීමෙන්, සරළ ව්‍යායාමයන්හි නිරතවීමෙන්, කෙටි විවේකයක් හෝ නින්දක් ලබාගැනීමෙන් මෙම තත්ත්වය මගහරවා ගැනීමට උත්සාහ කිරීමට ඔබට පුළුවන්..

ශරීරයට දැනෙන අධික රස්නය / උණුසුම් බව - Feeling hot
ගර්භනී කාලසීමාවේදි ශරීරයේ සිදුවන හෝමොන වෙනස්කම් සහ රුධිර සැපයුම වේගවත්  වීම නිසා වෙනදාට වඩා වැඩි රස්නයක්/උණුසුම් බවක් නැතිනම් වැඩි වශයෙන් සිරැරෙන් දහදිය පිටවීමක් ඔබ අත්විදිනවා වෙන්න පුලුවන්.. මෙය මගහරවා ගැනීමට ඔබ,

1. නිතර නිතර ජලය පානය කිරීම
2. ඔබ සිටිනා කාමරය විදුලි පංකාවක් හෝ වායුසමීකරණ භාවිතයෙන් සිසිල් කර ගැනීම
3. සැහැල්ලු කපු ඇඳුම් ඇඳීම
4. ශරීරයට දැඩි උණුසුමක් දැනෙන විට නිතර ඇඟ සේදීම වැනි දෑ සිදුකල යුතුයි.

වෙහෙසකාරී බවක් දැනීම - Feeling tired 
ගර්භණී සමයේ පළමු ත්‍රෛමාසිකය (මුල් සති 12) තුළ බොහෝ කාන්තාවන් ශරීරයට දැනෙන කෙඩෙත්තු ගතියෙන් නැතහොත් අධික වෙහෙසකාරි බවින් පීඩාවිඳින අතර උදෑසන ඇතිවන ඔක්කාරය, කරකැවිල්ල වැනි තත්ත්ව හේතුවෙන් මෙම විඩාබර බව තවදුරටත් වැඩිවීම සිදුවනවා.. මෙම තත්ත්වය මගින් ඔබගේ කුසතුල සිටින දරුවාට බලපෑමක් ඇතිනොවන නමුත් ඔබගේ එදිනෙදා කටයුතු කෙරෙහි බලපෑමක් ඇතිකරනවා..

එමෙන්ම මුල් මාස තුනෙන් පසු දරුගැබ ක්‍රමක්‍රමයෙන් බරින් වැඩෙන විට එය දරා සිටින ඔබ වෙහෙසට පත්වෙනවා වගේම රාත්‍රි කාලයේ එක් ඉරියවුවකින් වැතිර නිදාගැනීමට අපහසු වීම, දිගු නින්දක් ලබාගැනීමට නොහැකිවීම ආදි හේතුන්ද දිවාකාලයේ දැඩි වෙහෙසකාරි බවක් දැනීමට හේතුවනවා.. මෙම තත්ත්වය යම්තාක් දුරට හෝ මගහරවා ගැනීමට දිවා කාලයේදි ඔබ හැකි සෑම අවස්ථාවකම විවේක ගතයුතු වනවා.. එමෙන්ම ඔබ වාඩිවන විට කකුල් දිගහැර තබාගෙන වාඩිවිය යුතු අතර කකුල් පහතට එල්ලා වැටෙන් සේ වාඩි වුවහොත් ඔබගේ දෙපා වේදනාවට පත්වන්න පුළුවන්.. එමෙන්ම ඔබට උදවු කිරීමට සූදානමින් සිටින ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙන්, යහළු මිත්‍රාදීන්ගෙන් උදවු උපකාර ලබාගෙන ඔබගෙ මනස සැහැල්ලුවෙන් තබාගෙන සිටීමට නිතර උත්සාහ කිරීමත් ඉතා වැදගත් වනවා..

ක්ලාන්තය සහ කරකැවිල්ල දැනීම - Feeling faint

ගර්භනී කාල සීමාවේදි කාන්තාවන් නිතර නිතර ඇතිවන ක්ලාන්ත තත්ත්වයන්ගෙන් පීඩා විදින අතර මෙයට හේතු වන්නේ ගර්භනී සමයේ හෝමොන ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා ශරීරයේ රුධිර සංසර්ණය අක්‍රමවත් වීමයි. ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වයට ප්‍රමාණවත් පරිදි රුධිරය නොලැබීමත් ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමත් නිසා නිතර නිතර ක්ලාන්ත ගතියක් ඇතිවීමට පුලුවන්..

ඇතැම් අවස්ථාවක ඔබ වැසිකිලි භාවිතයෙන් පසු සිට ගැනීමට යාමේදි, එසේත් නොමැති නම් වාඩි වී සිට ඉක්මණින් නැගී සිටිය විට හෝ නිදාගෙන සිට නැගිටීමේදි ක්ලාන්ත ගතියක් ඇතිවන්න පුළුවන්.. ඔබගේ ප්‍රවේශම ගැන සිතා ඔබ පහත පරිදි කටයුතු කිරීම වැදගත් වනවා..

1. හාන්සි වී සිට නැගිටින විට හෝ වාඩි වී සිට නැගිටින විට සෙමින් එය කල යුතුයි..
2. ඔබට ක්ලාන්තය හෝ කැරකැවිල්ල ඇතිනම් වාඩි වී ඔබගේ හිස දෙපා අතර රදවා තබා ගන්න එසේ නැතිනම් වැතිර සිටින්න.
3. හැකි තරම් ජලය පානය කරන්න .
4. රුධිරයේ සීනි  මට්ටම අඛණ්ඩව පවත්වාගැනීමට ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීම සිදු කළ යුතුයි.

නමුත්  ගර්භනී  සමයේ මුල් කාලසීමාවේදී විශේෂයෙන් ඔබට නිරන්තරයෙන් ම අධික විඩාවක්, ක්ලාන්ත ගතියක් දැනෙනවා නම් හෝ උදරයේ වේදනාවක් සමගින් රුධිරය වහනය වීමක් සිදුවනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2007 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:49 AM
Script:/article/2007/dealing-with-fatigue-during-your-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:41:49 AM
Script:/article/2007/dealing-with-fatigue-during-your-pregnancy.html