ඕට්ස් බොහොම ගුණදායක ආහාරයක්. ඒත් එකම විදිහට නැතුව ටිකක් වෙනස් අන්දමකින් ඕට්ස් හදා ගන්න කැමැති ඇති නේද..? එහෙමනම් මේ විදිහට බලන්නකෝ...
අවශ්‍ය දේ :
කිරි වීදුරු දෙකක්
කෙසෙල් ගෙඩි දෙකක්
අයිස් ක්‍රිම් කප් එකක්
ඕටස් කෝප්ප බාගයක්
පීනට් බටර් තේ හැන්දක්
සාදන අන්දම :
01. මුලින්ම ඕට්ස් පැය බාගයක් පමණ වේලා වතුරේ පොගවන්න.
02. එයට අයිස් ක්‍රිම්, පීනට් බටර් සහ කෙසෙල් ගෙඩි දෙක එකතු කරලා බ්ලෙන්ඩ් කරන්න.
03. දැන් මේ ඕට්ස් පානය වෙනස් විදිහකින් රස බලන්න පුලුවනි.
එන්.ඒ.පි.සි