විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ මේ දේවල් බිරිඳ ළඟ තිබුනොත් විතරයි

January 4, 2018
23,914
A successful marriage depends on if only wife have these qualities
විවාහ ජිවිතයක් ගෙනියනවා කියන්නේ හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක දන්නේ විවාහ වුණු අයම විතරයි. මොකද එතකොට අර ආදරේ කරන කාලේදී තියෙන සරල සුන්දර බව විවාහ වුනාට පස්සේ නැහැනේ. විවාහය කියන්නේ සංකීර්ණ බැඳීම් ගොඩක් එක්ක ගැටෙන්නක්. ඉතින් ඒ බැඳීම් හරිම පරිස්සමෙන්, ඉවසීමේ, සීරුවට ඉදිරියට අරගෙන යන්න ඕන. පවුල් ජිවිතේ එහෙම සමබර කරගෙන ඉදිරියට අරගෙන යද්දී බිරිඳට අනිවාර්යෙන්ම වැඩි වගකීමක් පැවරෙනවා.

ඒ වගකීම් යුතුකම් එක්ක ඔයාගේ විවාහ ජිවිතේ ගැටළු ඇති නොවී ඉදිරියට පවත්වා ගෙන යන්න නම් බිරිඳ විදියට ඔයා ළඟ මෙන්න මේ කියන ලක්ෂණ අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ දේවල් සහකරු හා පවුලේ සාමාජිකයන් අතර ඇති වන ප්‍රශ්න අවම කරන්න ගොඩක් උදවු වෙයි.

1. කිසිම වෙලාවක පිට අය ඉදිරියේ සැමියාට චෝදනා කරන්න, දොස් පවරන්න, බැන වදින්න එපා

2. සැමියා අපහසුතාවයට පත් කරන දේවල් කිරීමෙන් වළකින්න

3. සැමියාගේ දුර්වලතා, අඩුපාඩු වෙනත් අය එක්ක කීමෙන් වලකින්න

4. බිරිඳ ලෙස ඔබෙන් සැමියාට හා පවුලට ඉටු විය යුතු යුතුකම් පැහැර හරින්න එපා

5. බිරිඳකගේ වගකීම් අමතක කරන්න හිතන්න එපා

6. සැමියාගේ මව, පියා ගැනත් තමන්ගේ මව පියා මෙන් සිතා කටයුතු කරන්න. ඔබත්, දෙමාපියනුත් නිසා ඔහු අසරණ වන විදියට කිසිම වෙලාවක කටයුතු කරන්න එපා

7. සැමියාට හොරෙන් රහස් රකින්න එපා. රහස් එලි වුණු දවසට පවුල් ජිවිතේ තුල ප්‍රශ්න ඇති වෙන්න එය ප්‍රධාන හේතුවක්

8. බොරු සැකය හිතේ ඇති වෙන්න කිසි විටක ඉඩ දෙන්න එපා

9. යමක් ගැන නිවැරදිව දැන ගන්න තුරු වාද කරන්න යන්න එපා

10. ඔහු අතින් වෙන පොඩි පොඩි වැරදි වලට සමාව දෙන්න පැකිලෙන්න එපා

11. ඒ වගේම තමන් අතින් වෙන වැරදි වලට සමාව ඉල්ලන එකත් ප්‍රශ්න අවම කර ගන්න තියෙන හොඳ ක්‍රමයක්

12. සැමියාගේ මුදල් නිශ්ප්‍රයෝජනවත් දේ වලට වැය කරන්න එපා

13. ඔහුගේ සිත තුළ ඔබ ගැන ඇති විශ්වාසයට හානි වන දේවල් වලින් ඈත් වෙන්න. මොකද විශ්වාසය නැති තැන බැඳීමක් පවතින්නේ නැහැ

14. එකිනෙකා ගැන කොතරම් ආදරයක් තිබුනත් අවබෝධයට මුල් තැන දෙන්න

15. විවාහය සඳහා ඔබව තෝරා ගැනීම ගැන ඔහුට පසු කාලීනව පසුතැවීමට ඉඩ තියන්න එපා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 605 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:49 AM
Script:/article/605/a-successful-marriage-depends-on-if-only-wife-have-these-qualities.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:50 AM
Script:/article/605/a-successful-marriage-depends-on-if-only-wife-have-these-qualities.html