රැකියාවට යන ගමන් සාර්ථක ගෘහණියක් වෙන්න

November 27, 2018
6,001
How to be a successful housewife while going to a job
අද සමාජයේ ආර්ථික තත්වය නිසා හැම පවුලකම වගේ සැමියා විතරක් නෙමෙයි බිරිදටත් රැකියාවට යන්න සිද්ද වෙලා තියෙනවා. ඔයා බිරිදක් එහෙමත් නැතිනම් තරුණියක් විදිහට පවුලේ හැමෝටම ආදර්ශවත් පුද්ගලයෙක් වෙන්න ඕනා. ඔයා කොච්චර කාර්යබහුල උණත් ඔයාගේ ජීවිතය පිළිවෙලකට තියා ගන්න. ඔයා පිළිවෙලකට ඉන්නවා නම් ඔයාගේ ළමයින් වගේම සැමියාත් ඔයාව ආදර්ශයට ගන්නවා. ඒ නිසා එදිනෙදා ගෙදර කරන වැඩ වලට ඔයාට සැමියාගෙන් දරුවන්ගෙන් උදව් ලබා ගෙන නිවස සහ නිවස වටපිටාව ආකර්ෂණිය විදිහට තියා ගන්න පුළුවන්. පොඩි බබාලාට පොඩි වයසේ ඉඳන්ම පුරුදු කරන්න වටපිටාවට ආදරේ කරන්න. අද හැඩකාරි අපි ඔයාට රැකියාවට යන ගමන් සැමියාගෙන් ආදරේ වැඩි කර ගෙන සාර්ථක ගෘහණියක් වෙන්නේ කොහොමද කියලා කතා කරන්නයි යන්නේ.

අල්මාරිය ගැන පොඩ්ඩක් හිතන්න

ඔයාගේ අල්මරියේ දොර ඇරපු ගමන් රෙදි ටික බිමට වැටෙනවාද? කොහේ හරි යන්න ඇඳුමක් අඳින්න ඕන වෙලාවට ඔයාගේ හිතේ තියෙන ඇඳුම හොයා ගන්න පැයක් විතර යනවද? මේ විදිහට ඉන්නවා නම් ඔයාට කවදාවත් කියන්න බැහැ ළමයින්ට පිළිවෙලකට ඉන්න  කියලා. එනිසාම ඔයා ඔයාගේ අල්මාරිය තියෙන ඇඳුම් වෙන් කර ගෙන පිළිවෙලකට නවා ගන්න. තට්ටු වෙන් කරලා වෙන් කර ගත්තු විදිහට ගෙදරට අඳින ඇඳුම් වෙන තට්ටුවක රැකියාවට අඳින ඇඳුම් තව තට්ටුවක ගමන් වලට අඳින ඇඳුම් වෙන තට්ටුවක් විදිහට වෙන් කර ගත්තාහම ඔයාටම පහසුයි. යට ඇඳුම් වෙනම තැනක තියන්න. පවුලේ සාමාජිකයන්ගේද ඇඳුම් වෙන වෙනම තබන්න. එක එක්කෙනාගේ ඇඳුම් වෙන වෙනම තියෙනකොට හොයාගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අනික එතකොට අල්මාරියේ පොඩි අකර්ශනිය බවකුත් ඇති වෙනවා. කපුරු බෝල කිහිපයක් අල්මාරියට දාන්න. සත්තුන්ගෙන් වෙන හානිය නැති කර ගන්න වගේම ඇඳුම් වලට නැවුම් සුවදක් එක් කර ගන්න පුළුවන්.

වාතාශ්‍රය සහ හිරු එලිය ලැබෙන්න සලස්වන්න

ඔයාගේ ගෙදරටත් වාතාශ්‍රය සහ හිරු එලිය වැඩි වෙලාවක් ලැබෙන්නේ නැතිව ඇති. ඊට හේතුව වැඩි වෙලාවක් ඔයා ගෙදර රෙඳෙන්නේ නැතිව ඇති. නැත්නම් දුවිලි, කෘමි සතුන් ගෙදරට එනවා කියලා ගෙදර දොරවල් ජනෙල් වහාලා තියාගන්නවා ඇති. ඔයා ගෙදර ඉන්න හැම වෙලාවටම ගෙදර ජනෙල් විවෘත කරලා ගෙදරට වාතාශ්‍රය සහ හිරු එලිය ලැබෙන්න ඉඩ සලස්සන්න. දිනපතා නිවාස අතු ගාන්න සහ සතියකට සැරයක් මකුළු දැල් කඩා බිම සෝදන්න.


ඇඳ පිළිවෙලට සකසන්න

ඔයා ගෙදර ඉන්න හැමෝටම කලින් නැගිටිනවා ඇති. ඔයා නැගිට්ට ගමන්ම පොරෝනය නාවලා කොට්ට ගසලා ඇඳ රෙද්ද පිළිවෙලකට සකස් කරන්න. රාත්‍රී නින්දේ දී ඇද රෙද්ද අවුල් වෙනවා. සමහරක් නිවෙස් ඒ විදිහටම ඊළග දවසේ රෑ වෙනකම් තියෙනවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒක හොඳ පුරුද්දක් නම් නෙමෙයි. දරුවන්ට ආදර්ශවත් ලෙස ජිවත් ඔයා වෙන්න කැමති ඇති නේ. එ නිසා ඔයාගේ දරුවටත් හොඳ පුරුද්දක් විදිහට ඇඳ පිළිවෙලට සකස් කරන්න උගන්වන්න. පොරෝනය, කොට්ට උර, ඇඳ ඇතිරිල්ල නිතරම සෝදන්න. ඊට හේතුව ඒවායෙන් දිලිර අසාදන ඇති වීමට ඉඩ තියෙනවා. සෙනසුරාදා ඉරිදා කොට්ට මෙට්ට අවුවේ දාලා වේලා ගන්න.

භාවිතා කරන පිඟන් ඒ වෙලාවේම සෝදන්න

ඔයාට හිතෙනවා ඇති ඔක්කොම එක පාර පිඟන් හෝදනවා කියලා. එක පාරම හෝදන්න තියා ගත්තොත් ඔයාට අමාරු කාර්යයක් වෙනවා. අනික තම තමන්ගේ පිඟාන හෝදන්න පවුලේ අයට කියා දෙන්න. ආහාර අරන් ඉවර වුණු ගමන් පිඟන් හෝදලා ඉවර කරලා දාන්න. ඔයාගේ දරුවන්ටත් හොඳ පුරුදු පුරුදු කරන්න. ඔක්කොම එක පාර හෝදනවා කියලා ඉතුරු ගත්තොත් පිගන් වල කහට පැල්ලම් තෙල් පැල්ලම් යවන්න අමාරු වෙනවා වගේම විෂ බිජ වර්ධනය වෙලා ඔයාට, මුළු පවුලටම ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන්.

විනෝදාන්ශයක් විදිහට මල් පැල වවන්න

ඔයා හුඟක් වෙලාවට සති අන්තයේ විවේකීය ඉන්න දවස් ඔයාගේ සිතට සතුටක් ගෙනල්ලා දෙන මල් පැල මිදුලේ හිටවන්න. මල් පැල දිහා බලන් ඉන්නකොට ඔයාගේ සිතට මනසට සහනයක් වගේම, මල් එක්ක කතා කරද්දී ඔයාට සතුටකුත් ලබෙනවා. ඒ වගේම මාළු ටැංකියකින් ද ඔයාගේ ලෙඩ රෝග පවා සුව කර ගන්න පුළුවන් වෙනවා. ගෙදරට අවශ්‍ය පලා වර්ග, කරපිංචා, මිරිස් සහ තක්කාලි වැනි පොඩි පොඩි දේවල් ගෙදරම හිටව ගන්න. එමගින් ඔයාට පෝෂදායි වස විස නැති එළවලු, පලතුරු, පලා ටිකක් කෑමට එකතු කරගන්න පුලුවන්.

මුළු පවුලම සාර්ථක ජිවිතයක් ගත කරන්න ආදරය වගේම එදිනෙදා අපිට මුණගැහෙන මේ හොඳ පුරුදුත් පුරුදු කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 1181 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:44:43 PM
Script:/article/1181/how-to-be-a-successful-housewife-while-going-to-a-job.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:44:43 PM
Script:/article/1181/how-to-be-a-successful-housewife-while-going-to-a-job.html