සෙම්ගෙඩි සුව කර ගන්න විසඳුම් වට්ටෝරු සහ අලේප

December 20, 2018
5,662
Home remedies for tonsil
සෙම්ගෙඩි රෝගී තත්වය ලොකු පොඩි කියලා වෙනසක් නැතිව හැදෙන රෝගී තත්වයක්. සෙම්ගෙඩි හැදුණාම උගුරේ දරා ගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. අද හැඩකාරී අපි ඔයාට සෙම්ගෙඩි තත්වයෙන් බේරී සිටීමට විසඳුම් වට්ටෝරු කිහිපයක් සහ අලේපයක් ගැනයි. සෙම්ගෙඩි වැළඳෙන්න දවසකට කලින් ඔයාගේ උගුර කකියන්න පටන් ගන්නවා. ඒ අවස්ථා වලදී මේ ප්‍රතිකර්ම අත් හදා බලන්න. ඔබට සහනයක් ගෙනදෙන‍ ප්‍රතිඵල ලැබේවි. තවද බැක්ටීරියා ආසාදන සුව කරලා පැය කිහිපයකින් පසු ඔයාට ලොකු සහනයක් දැනේවි.

සූදුරු සත්කාරය :

අවශ්‍ය ද්‍රව්‍ය -
සූදුරු 40g  
උණු ජලය 125ml 
විස්කි මේස හැදී 1/2

සාදන ක්‍රමය :

පළමුව භාජනයක් ගෙන එයට වතුර 100ml යක් දමා එයට සූදුරු ටික එකතු කර නටන තුරු රත් කරන්න. ටික වෙලාවකින් පසුව මිශ්‍රණය ඝන සහ කළු පැහැයක් ගනී. පසුව එය පෙරා ගෙන එයට ඉතිරි වතුර ටික එකතු කර නැවත හොඳින් නටවා ගන්න. ලිපෙන් ඉවතට ගෙන නිවා විස්කි ස්වල්පය එකතු කරන්න. සදා ගත් බෙහෙත් වට්ටෝරුව සැම විනාඩි 30කට වරක්ම මේස හැන්ද ගානේ බොන්න. පැය දෙකකින් පසු ඔයාට සහනයක් දැනේවි.

ගම්මිරිස් සත්කාරය :

ගම්මිරිස් ස්වල්පයක් 
මද උණුසුම් ලුණු වතුර 

සාදන ක්‍රමය :

කෝප්පයක් ගෙන ලුණු වතුර කෝප්පයකට ගම්මිරිස් ස්වල්පයක් දමා උගුර සෝදන්න. මෙම ක්‍රමය ඉතාමත් ලේසියෙන් සදා ගන්න පුළුවන්. හදිසියේම සෙම්ගෙඩි රෝගී තත්වය වැළදුනොත් මෙම ක්‍රමය ඉක්මන් ප්‍රතිකර්මයට වඩාත් යෝග්‍යයි. මෙම ක්‍රමය ඔයාගේ සෙම්ගෙඩි සුව වනතුරු පැය 4රෙන් 4රට සිදු කරන්න.

අලේපය :

භාජනයක් ගෙන වැලමි, තිප්පිලි, ලුණු, වියලි ඉඟුරු සමානව ගෙන මිශ්‍ර කර, මි පැණි එකතු කර හොඳින් අඹරා ගන්න. දිනපතා උගුරේ මෙම ආලේපනය අලේප කරන්න. ඔයාගේ උගුරට හිතා ගන්න බැරි සහනයක් දැනේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1211 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:23 AM
Script:/article/1211/home-remedies-for-tonsil.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:10:23 AM
Script:/article/1211/home-remedies-for-tonsil.html