2018 වසරේ hit වුණු lipstick වර්ණ 05 ක්, ඒ වර්ණ ඔයාගේ සමට ගලපගන්නේ කොහොමද බලන්න

September 14, 2018
11,788
5 hit lipstick colours in 2018
මේකප් කියන්නෙත් අද යුවතියන් කා අතරත් ජනප්‍රිය විලාසිතාවක් කියලා හැඩකාරී අපි ඔයාට කීවොතින් ඔයා අනිවාය්‍යයෙන් අපි එක්ක එකඟ වෙයි. මොකද අද ලොකු කුඩා කවුරුත් මේකප් වලට දක්වන රුචිකත්වයේ සීමාවක් නෑ කියලයි හැඩකාරී අපි කියන්නේ. සමාන්‍යයෙන් මේකප් එකක් කරන හෝ නොකරන කෙනෙක් වුණත් lipstick එකකින් දෙතොල් වර්ණ ගැන්වීම සිදු කරනවා කියලා ඔයා දන්නවානේ. ඉතිං මීට පෙර ලිපි කිහිපයකින් හැඩකාරී අපි ඔයාට lipstick සම්බන්ධයෙන් දැනුවත් කළා. අද හැඩකාරී අපි ඔයාට කියන්නේ 2018 වසරේ ජනප්‍රිය වු lipstick වර්ණ කිහිපයක් සම්බන්ධව. 2018 වසරෙත් ඔයාට තව මාස 03 ටත් වඩා කාලයක් ඔයාට ඉතිරි වෙලා තියෙනවානේ. ඉතිං ඔයත් lipstick වලින් හැඩවෙන යුවතියක් නම් අපි මේ කියන වර්ණ ඔයාට ගැළපෙනවා නම් මිලදී ගන්න තවත් පමා වෙන්න එපා. හැමදාම වගේ අදත් Hadakari අපි ඔයාට කියන්නේ ඔයා lipstick එකක් තෝරා ගන්නවා නම් ඔයාගේ සමේ පැහැය, අවස්ථාව සහ දෙතොල්වල හැඩය ගැන අවධානය යොමු කරලා තමයි ඔයා ඕනෑම ආකාරයේ lipstick එකක් තෝරා ගත යුත්තේ.

Rich Red (තද රතු)

තද රතු වර්ණයට ගොඩක් දෙනෙක් කැමතියිනේ. ඒත් ඉතිං හැම කෙනෙක්ටම එක විදිහට මේ ලිප්ස්ටික් වර්ණය ගැළපෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔයාගේ සමේ වර්ණය අඳුරුයි නම් සමාන්‍යයෙන් රතු පාට දෙතොල් වර්ණය භාවිත කිරීම සුදුසු වෙන්නේ නෑ. මොකද එයින් ඔයාගේ මුහුණ තවත් අඳුරුවට තමයි පේන්නේ.

මේ වර්ණය හොඳින් ගැළපෙන්නේ සමේ පැහැය වඩාත් සුදු සහ රෝස පැහැයෙන් තියෙන කෙනෙක්ට. එවැනි අය අතරේ මේ ලිප්ස්ටික් වර්ණය ඉතාමත් ජනප්‍රියයි. මේ වර්ණය ඔයා දෙතොල්වල ආලේප කරොත් එයින් නිර්භීත බව වගේම ආකාර්ෂණීය බවක් ඒන්තු ගැන්විය හැකියි. ඉතිං ඔයාටත් දීප්තිමත් සමක් තියෙනවා නම් මේ වගේ ලිප්ස්ටික් වර්ණයක් භාවිත කරලා බලන්න.

Red with purple undertone (රතු සහ දම් වර්ණය මුහු වුනු)

රතු සහ දම් වර්ණය මුහු වෙලා නිර්මාණය වුණු මේ ලිප්ස්ටික් වර්ණයත් 2018 වසරේදී ජනප්‍රිය ලිප්ස්ටික් වර්ණ අතරට එකතු වෙලා තියෙනවා. මේ වර්ණයද ගැළපෙන්නේ තරමක් හෝ පැහැපත් අයට. ඒ විතරක් නෙමෙයි ඔයා රාත්‍රී‍ උත්සවයකට යනවා නම් මේ වර්ණයේ ලිප්ස්ටික් එකක් හොඳින්ම ගැළපෙනවා. මේ වර්ණය රතු පැහැයට සමීප වෙන්නේ ටිකක් අඩුවෙන්. රතුවලට වඩා රෝස පැහැයක් තමයි මෙයින් දිස් වෙන්නේ. ඉතිං ඔයත් උත්සාහ කරලා බලන්නකෝ ඔයාටත් මෙවැනි වර්ණයේ ලිප්ස්ටික් එකක් හොඳින් ගැළපෙනවාද කියලා.

Orange (තැඹිලි)

සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අතරේ ජනප්‍රිය නොවුණු වර්ණයක් තමයි තැඹිලි වර්ණය කියන්නේ. ඔන්න ඉතිං 2018 වසරේ ජනප්‍රිය වර්ණයන් අතරට මේ වර්ණයේ ලිප්ස්ටික් එකත් එකතු වෙලා. සමාන්‍ය තළෙලු සමක් තියෙන කෙනෙක්ට වුණත් මෙවැනි වර්ණයේ ලිප්ස්ටික් එකක් හොඳින්ම ගැළපෙනවා. මෙවැනි වර්ණයක් ඔයා දෙතොල්වල ආලේප කරාම ඔයාට සෙල්ලක්කාර පෙනුමක් එකතු වෙනවා වගේම ධෛර්ය සම්පන්න බවකුත් මෙවැනි තොල් ආලේපනයක් ඔයා භාවිත කළොත් ඔයා තුළින් දිස් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ වගේ ලිප්ස්ටික් එකක් ඔයා භාවිත කරනවා නම් ටිකක් පිළිවෙලට ඇඳුමකින් සැරසෙන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ. මොකද එහෙම නොවුණොත් ඔයාට යම් අවපේක්ෂිත අනතුරුදායක අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදු වෙයි.

Peach (පීච්)

මේ වර්ණයත් 2018 වසරේ ලිප්ස්ටික් වර්ණයන් අතරේ ඉතාමත් ජනපිය වුණු වර්ණයක්. විශේෂයෙන්ම ඔයා දිනපතා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාට මේ වර්ණය භාවිත කළ හැකියි දෙතොල් වර්ණ ගැන්විම සඳහා. දීප්තිමත් සමක් තියෙන කෙනෙක්ට වගේම තළෙලු, සමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට වුණත් මේ වගේ ලිප්ස්ටික් වර්ණයක් හොඳින් ගැළපෙනවා. නැවුම් බව, ආකර්ෂණීය බව වගේම චාම් ලස්සනක් තමයි මෙවැනි ලිප්ස්ටික් එකකින් ඔයාට එකතු කරන්නේ. කොයි කවුරුත් එක වගේ කැමතියිනේ තමන්ව ලස්සනට අනිත් අයට පේනවට. ඔයත් ලිප්ස්ටික් එකක් භාවිත කරන කෙනෙක් නම් මෙවැනි වර්ණයේ ලිප්ස්ටික් එකක් උත්සාහ කරලා බලන්න. ඔයාට ආකාර්ෂණීය බවක් එයින් එකතු කර ගන්න හැකියාවක් ලැබේවී.

Coral pink in matte colour (මැට් කොරල් රෝස පාට)

මේ වර්ණයේ ලිප්ස්ටික් එකකුත් ඔයාට එදිනෙදා භාවිත කළ හැකියි. දෙතොල්වල ස්වභාවික පෙනුමට හානීයක් කර ගන්නේ නැතුව මෙවැනි වර්ණයක් භාවිතා කරන්න පුළුවන්. පැහැපත් සමක් තියෙන කෙනෙක්ට මේ වර්ණය හොඳින්ම ගැළපෙනවා. නිර්භීත බවක් මේ ලිප්ස්ටික් වර්ණයෙන් පේන්නුම් නොකළත් චාම් වගේම ආකාර්ෂණයී ලස්සනක් ඔයාට මේ ලිප්ස්ටික් වර්ණයෙන් ලබා ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,781
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,957
   14

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Reasons and symptoms of arshas (Hemorrhoids)
   32,514
   14

බොහෝ අය පිඬා විඳින අර්ශස් රෝගය ඇති වීමට හේතු සහ එහි රෝග ලක්ෂණ අදම හඳුනා ගන්න

මේ රෝග තත්වය ඇති වීම එදිනෙදා  ජිවිතයට බාධා කරනවා වගේම දීර්ඝ කාලීනව රෝගී තත්ත්වය පැවතීම පසුකාලීනව පිළිකා තත්ත්වයන් පවා

Latest Articles

Most Viwed